ගාල්ල ගිංතොට ගැටුම ඇතිකර ඇත්තේ එජාප මන්ත‍්‍රී කෙනෙක්.. සියල්ල හෙලි වේ..

November 21, 2017 at 3:26 am | lanka C news
ගාල්ල ගිංතොට ගැටුම ඇතිකර ඇත්තේ එජාප මන්ත‍්‍රී කෙනෙක්.. සියල්ල හෙලි වේ..

පසුගියදා ගාල්ල ගිංතොට ඇති වූ ගැටුම්කාරී සිද්ධිය ඇති කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරයකු යයි හෙලිව ඇත.

දකුනේ උසස් පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති ධුරය සදහා තරග වැදීමට අදාල මන්ත‍්‍රීවරයා අපේක්‍ෂාවෙන් සිටි බවයි.

මෙම ගැටුම්කාරී තත්වය නිර්මාණය කර ඇත්තේ රිය අනතුරක් මූලික කරගනිමින් සිය ආධාරකරුවන් හරහා බවද හෙලිව ඇත.

ගිංතොට නිවාස හා වෙළදසැල්වලට ඉකුත් 16-17 දෙදින තුලදී පහර දීම සදහා මෙම පුද්ගලයා සෘජුව සම්බන්ධ වී ඇතැයිද තොරතුරු තිබූ හෙයින් මේ වන විට ඔහු අත්අඩංගුවට ගත් බවද එම පොලිස් නිලධාරියා කියයි.

මොහොමඩ් කීයාස් නම් හිටපු එජාප මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

199 views

3 Comments to “ගාල්ල ගිංතොට ගැටුම ඇතිකර ඇත්තේ එජාප මන්ත‍්‍රී කෙනෙක්.. සියල්ල හෙලි වේ..”

  1. Thilakey says:

    Meka sampurnayenma weradi. Deshapalana wasi thaka hoda deshapalakayek winasha kireemey kumanthranayak meka. Mohomed kiyas uthsaha kaley prashnaya samathayakata path karanna. Winashayata wagakiwauththey wajira abeygunawardana amathya thuma kiyala semoma dannawa.

    • නිදහස් says:

      වජිර කියන්නෙ ඕනම ජහ ජනා වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්. ඇවන්ගාඩ්ගෙන් ලක්ෂ 500ක් අරගෙන මැතිවරණය කරල පාර්ලිමේන්තුවට ආව. ගංවතුර කාලෙ 16 වතාවක් තමන්ගෙ හිතවතුන් සමග උඩින් රවුම් ගැහැව්වා. වජිරගෙ කාර්ය මණ්ඩලයේ ‍නිලධාරියෙක්ගෙ මෙහෙයවීහමන් ගයන්තට අපහාස කෙරුව. වජිර උදේට රනිල් එක්ක, දවල්ට මෛත්‍රී එක්ක, රැට මහින්දයි ගෝඨාභයයි එක්ක.

  2. Jinping says:

    කවුද ඔය ගින්තොටම දන්න රටම නොදන්න ඇත්ත හෙලි කරපු පොලිස්කාරයා? ඌ හෙට ඉදන් යාපනේට මාරු කරලා යවයි. ඔන්න ඔහොමයි ලන්කාවේ සහජීවනෙ.

Main News