ගාල්ලේත් විශ්වාසය භංගයි..එජාපයත් පොහොට්ටුට ඡන්දය දෙයි.. එජාපය දිනූ ගාල්ල නගර සභාවත් පොහොට්ටුවටයි.. රහස් ඡන්දයෙන් නගරාධිපති පොහොට්ටුවෙන්…

March 23, 2018 at 12:00 pm | lanka C news
ගාල්ලේත් විශ්වාසය භංගයි..එජාපයත් පොහොට්ටුට ඡන්දය දෙයි.. එජාපය දිනූ ගාල්ල නගර සභාවත් පොහොට්ටුවටයි.. රහස් ඡන්දයෙන් නගරාධිපති පොහොට්ටුවෙන්…

ගාල්ල මහ නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡුන්දයෙන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂකයා ජය ගනු ලැබීය.

ඒ අනුව ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.

එහිදී පැවති රහස් ඡන්දයෙන් පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ඡන්ද 20ක් ගත් අතර එජාපයෙන් ඉදිරි්පත් කල අපේක්‍ෂක ජිලිත් නිශාන්ත ලබා ගත්තේ ඡන්ද 11ක් පමණි.

ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දුන්නේ නැත.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එජාපය මන්ත්‍රී ආසන 14ක්, පොහොට්ටුව මන්ත්‍රී ආසන 13ක්, ශ්‍රීලනිපය 03ක්, ජවිපෙ 03ක් හා සෙසු පක්‍ෂ මන්ත‍්‍රී ආසන 02ක් ලෙස ආසන බෙදී ගියේය.

මේ අනුව එක්මත් ජාතික පක්‍ෂයේද මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකු පොහොට්ටුවට ඡන්දය දී ඇති බව පැහැදිලිය.

8 views

8 Comments to “ගාල්ලේත් විශ්වාසය භංගයි..එජාපයත් පොහොට්ටුට ඡන්දය දෙයි.. එජාපය දිනූ ගාල්ල නගර සභාවත් පොහොට්ටුවටයි.. රහස් ඡන්දයෙන් නගරාධිපති පොහොට්ටුවෙන්…”

  1. ටියුඩර් ජයදේව, වක්වැල්ල says:

    වජිර අබෙිවර්ධන නිසා තමයි ගාල්ලෙ මෙි තත්ත්වය UNP යට උදාඋනේ.මෙි මිනිහා රනිල්ගෙ පස්සෙන් දුවනව හැර ගාල්ලෙ ප්‍රශ්න දෙස බැලුවෙ නැහැ.රනිල් සමග වජිරත් දේශපාලනයෙන් ගියොත් UNPයට හොඳක් වෙයි.

  2. Asaranaya says:

    පොහොට්ටුව ඉදිරියටත් ජය මාවතේ
    ජයවේවා!
    අපේ ටීම් එකට අපේ සුබපැතුම්

  3. dev says:

    20ක් එන්නෙ කොහොමද ජෙවිපෙ චන් දෙ දුන්නැත්නම් පොහොටුවෙ 13 ස්වාදින 2 මෙත්‍රි 3 ඔක්කොමෙ 18නෙ යුන්පි එවුන් දෙන්නෙකුත් පොහොට්ටුවට දිල​

  4. රටවැසියා says:

    අපරාදේ අලි උද පැන පැන උන්නේ ගාල්ල දින්නා කියල 😀

  5. බබා උක්කුන් says:

    ඒ කියන්නේ UNP දෙන්නෙකුත් පොහොට්ටු අපේක්ෂකයාට චන්දෙ දීල.
    රනිල්ගේ විශ්වාස භංගයට බඩුම තමයි

  6. ගිංතොට සරත් says:

    වජිරය ගාල්ලෙ යූඑන්පිය කෑවා
    රනිල් ලංකාවෙම UNP කෑවා
    රනිල්ටත් පිස්සු
    වජිරයටත් පිස්සු
    පල පල දෙන්නම ගෙදර පල.

  7. Samitha Gamage says:

    ජනතාවගේ කැමැත්ත (ජනතා පරමාදිපත්‍ය) නැවතත් මුදලට යටවෙන කාලයක් ලබමින් පවතී…

Main News