ගාල්ල නගර සීමාවේ කොරෝනා ආසාදිතයෙක්…
October 17, 2020 at 11:20 am | lanka C news
ගාල්ල නගර සීමාවේ පදිංචි කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.
කොළඹ වරාය නැව් තටාකාංගනයේ සේවකයකු වන මෙම පුද්ගලයා සමඟ කටයුතු එක්ව සේවය කරන සේවකයෙකු ආසාදිත වීමෙන් පසු සිදු කරන පරීක්ෂණයකදී ඔහුද ආසාදිතයෙකු යයි හෙලි වී ඇත.
මේ වන විට ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන් නිරෝධායනයට ලක් කර තිබේ.