ගාල් කර තිබු බස් රථ හතරක බැටරි ගලවාගෙන යයි…

March 26, 2021 at 5:30 pm | lanka C news
ගාල් කර තිබු බස් රථ හතරක බැටරි ගලවාගෙන යයි…

බගවන්තලාව හැටන් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ හතරක බැටරි 08 ක් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම බස් රථ හිමිකරුවන් සහ රියදුරන් විසින් (26) දින බගවන්තලාව පොලිසිය පැමිණිල්ලක් කර ඇත.

එම මාර්ගයේ ධාවනය වන බස් රථ රාත්‍රි කාලයේ බගවන්තලාව තැපැල් කාර්යාලය අසල බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තැබෙන අතර, එක් බස් රථයක වොල්ට් 12 බැගින් වු බැටරි දෙකක් සවි කර ඇත.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් (25) දින රාත්‍රි ගාල් කර තිබු බස් රථ හතරේ බැටරි ගලවාගෙන ගොස් ඇති බවයි එම බස් රථවල රියදුරන් විසින් බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

(26) දින බස් රථ ධාවනය කිරිමට පැමිණ බස් රථය පන ගන්වන අවස්තාවේ බස් රථයේ පණ ගැන්විමට නොහැකි බවත්, පසුව ඒ පිලිබදව සොයා බැලිමේදි බස් රථයේ බැටරි දෙක සොරාගෙන ගොස් ඇති බවට තමන්ට දැකගන්නට ලැබුණු බවයි එම බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් කියා සිටියේ.

බස් රථවල බැටරි සොරාගෙන යාම නිසා තමන්ට (26) දින බස් රථ ධාවනය කිරිමට නොහැකි බවත්, එක් බස් රථයක බැටරි යුවලක් රු හතලිස් දහසේ සිට පනස්දහස දක්වා වන බවත්, වෙලදපොලේ මේ දිනවල වාහන බැටරි හිගයක් පවතින නිසා තමන් දැඩි අසිරුතාවයට පත් වි සිටින බවයි එම බස් රථ හිමිකරුවන් කියා සිටින්නේ.

බැටරි සොරකම සම්බන්ධයෙන් නගරයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ බගවන්තලාව පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,819 views

One Comment to “ගාල් කර තිබු බස් රථ හතරක බැටරි ගලවාගෙන යයි…”

  1. Love nature says:

    මුන් මේ සොරකම් ක‍රන්නේ තමන් නොමැරී සැමදාමත් ජීවත්වෙනවා කියන අදහසින්ද? දැන් වත් ටිකක් සිතපල්ලා කාලකන්නි.

Main News