ගාලුමුවදොර පිටියේ වෙරළ තීරය හා ඇවිදින මංතීරුව මසක් තුළ දී ආලෝකමත් කර අලංකාර කෙරේ….

January 12, 2020 at 2:12 am | lanka C news
ගාලුමුවදොර පිටියේ වෙරළ තීරය හා ඇවිදින මංතීරුව මසක් තුළ දී ආලෝකමත් කර අලංකාර කෙරේ….

ගාලු මුවදොර පිටියේ පසුගිය දිනෙක සංචාරයක නිරත වූ වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා එහි ඇවිදින මංතීරු හා වෙරළ තීරය ආශ්‍රිතව අඳුරු ස්වභාවය දුරුකරලීමත් එය මනස්කාන්ත ප්‍රදේශයක් බවට පත්කරලීමත් අරමුණු කරගනිමින් කඩිනමින් ගාලු මුවදොර පිටිය විදුලි බුබුලු භාවිත කොට ආලෝකමත් කිරීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශක සේවා සමාගම (SLMPCS) විසින් මේ පිළිබඳ සිය අවධානය යොමු කොට මාසයක් තුළ දී ආදළ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයාව දැනුවත් කර තිබේ.

සැමට සුන්දර රටක් නිර්මාණය කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයට ප්‍ර‍මුඛත්වයක් ලබාදෙමින් අමාත්‍යවරයා මෙම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ට මෙසේ උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ගාලු මුවදොර පිටියේ ඇවිදින මංතීරු, වෙරළ තීරය හා ගාලු මුවදොර පිටිය එහි පවතින සුළං හා අනිකුත් සාධක සැලකිල්ලට ගනිමින් අදාළ ව්‍යාපෘතිය වඩාත් අලංකාරවත්, ප්‍රමිතියෙන් යුතු හා කල්පවතින ලෙස ක්‍රියාවට නංවන ලෙස ත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී සූර්ය පැනල මගින් ක්‍රියත්මක වන වඩාත් පරිසර හිතකාමී විදුලි බුබුළු භාවිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

‍ගාලු මුවදොර පිටිය මහජනතාව නිතර ගැවසෙන, විවේකය හා විනෝදාස්වාදය ගතකිරීමට පැමිණෙන මෙන්ම ශරීර සුවතාවය සඳහා ද ප්‍ර‍කට ස්ථානයන්ගෙන් එකකි.

ඒ අනුව එහි පාරිසරික සුන්දරත්වය, ආකර්ෂණීය භාවය සහ සන්ද්‍යා කාලයේ ආලෝක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම අවශ්‍ය වන බවට අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් දැනුවත් කර තිබේ. එහි ප්‍ර‍තිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශක සේවා සමාගම (SLMPCS) මාසයක් තුළ දී ආදළ කටයුතු ක්‍රියාවට නංවන බවට ගරු අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

– midea unit

13,100 Viewers

3 Comments to “ගාලුමුවදොර පිටියේ වෙරළ තීරය හා ඇවිදින මංතීරුව මසක් තුළ දී ආලෝකමත් කර අලංකාර කෙරේ….”

  1. Bandq says:

    ගාලු මුවදොර කියලා ගාල්ල කොටුවේ photo එකක් දාලා

  2. saman says:

    Anuruddha Ranawarana kiyala gobba pol buruwek me website eka karanne. E metta danna de thama oya

    • ක්‍රිමිනල් says:

      අනික් අයට අපහාස කරන උඹට හරියට ඉංග්‍රීසියෙන් තියා සිංහලෙන්වත් හරියට ලියන්ඩ බෑ නේද මී හරකෝ?

Main News