ගාලු ක‍්‍රිකට් පිටියේ ප‍්‍රශ්ණයෙන් වජිර රට යයි.. ගිහින් අමුතුම නිවේදනයක් එවයි..

July 22, 2018 at 3:50 pm | lanka C news
ගාලු ක‍්‍රිකට් පිටියේ ප‍්‍රශ්ණයෙන් වජිර රට යයි.. ගිහින් අමුතුම නිවේදනයක් එවයි..

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩංගනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් ඇමති වජිර අබේවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ දිනවල විදෙස්ගතව සිටින ඇමතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ ‘ගාල්ල මහජන ක‍්‍රීඩාංගණය’ ලෙස කිහිප විටත්ම අවධාරණය කර ඇතත් ‘ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණය’ යන්න ගැන කිසිදු සදහනක් නැත.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

ගාලු පොදු මහජන ක්‍රීඩාංගණය කිසිසේත් වෙනස්වෙන්නේ නැත. ලෝක උරුම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු කරන විට නාගරික සංවර්ධන අධිකාරිය, අදාල පළාත් පාලන ආයතනය එනම් ගාල්ල මහ නගර සභාව ලෝක උරුමයේ නියෝග ක්‍රියාත්මක කරන ගාලු උරුමය පදනම (යුනෙස්කෝ සංවිධානය ලබා දී ඇති නිර්ණායක අනුව අදාල අනුමැතිය ලබාදීම සඳහා) වෙතින් අනුමැතිය ලබාගත යුතුය.

එය එසේ සිදුවී නොමැති බව එවකට නාගරික සංවර්ධන විෂය බාර අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා ද පිළිගෙන ඇත.

ඒ අනුව දැනටමත් යමක් කමක් කරගත නොහැකි සාමාන්‍ය ජනතාවට අනවසර ඉදිකරීම් සඳහා අධිකරණයේ නඩු පවරා ඇති අතර එවකට පැවැති රජය විසින් ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ කර ඇති නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

නීතිය කාටත් පොදුය. පොදු ජනතාවට ක්‍රියාත්මක කරන නීතිය රජයටත් එසේම ක්‍රියාත්මක කළ යුතුය. මා මේ අවස්ථාවේ දී විදේශගත වී සිටින බැවින් ඉතා පැහැදිලිව වගකීමකින් යුතුව මෙලෙස ප්‍රකාශ කරනුයේ පොදු මහජන ක්‍රීඩාංගණය කිසිසේත්ම සමාජ මාධ්‍ය ජාලයන්හි ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන පරිදි වෙනස් කරන්නේ නැති බවයි.

ශ්‍රී ලංකාවට යළි පැමිණි වහාම මා විසින් සම්පූර්ණ විස්තර සහිතව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ද අසත්‍ය ප්‍රචාරයන්ට රැවටීමෙන් වැළකී සිටින ලෙස ද සමස්ථ ක්‍රීඩාලෝලීන් සහ ජනතාව වෙත මතක් කර සිටිමි.

වජිර අබේවර්ධන
ස්වදේශ කටයුතු ඇමති

44 views

4 Comments to “ගාලු ක‍්‍රිකට් පිටියේ ප‍්‍රශ්ණයෙන් වජිර රට යයි.. ගිහින් අමුතුම නිවේදනයක් එවයි..”

  1. Gunaruwan says:

    Amathi thumo suddagen passe mathakadi a pathe minissu kiyana widihata gallata wadak kale Albert Silva mahattayayi Richard Pathirana mahattayayi witarayi.Komis kuttiya ganamma hitha hitha inne nathuwa Gallata wadakkaranna. Anith minisssu athi karapu Sampath thamanta labena pudgalika wasi nisa winasa karanna epa. mewa saha gahan aparada.

  2. sinha le says:

    නීති විරෝදී වැඩ ක‍රන්න මුසල්මානුවන් හරි දක්ෂයි නිදර්ෂණයක් යාල වනය

  3. Love nature says:

    ගාලු කො‍ටුව තුළ කිසිදු විදේශිකයෙකුට ඉඩම් හෝ නිවාස හිමි වී නැතැයි රජයේ ආයතනවල තිබෙන නිල තොරතුරු අනුව පැහැදිලිව සඳහන් වුවත්, ගාලු කොටුව තුළ විදේශිකයින් සතු සංචාරක නිවාස ඇතුළු බොහෝ ගොඩනැගිලි සහ දේපොළ තිබෙන බව කොටුවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පවසති. එය සත්‍යයක් නම්, ඔවුන් එම දේපොළ ලබාගෙන තිබෙන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.

  4. නිදහස් says:

    මෙම ක්‍රිඩාංගනය මුලින්ම ඉවත්කල යුතු බවට ප්‍රකාශ කරේ මේ ඇවන්ගාඩ් හොරාමයි. මෙයාට පුදුම උනන්දුවක් තිබ්බෙ ගාලු ක්‍රීඩාංගනය මෙම ස්ථානයෙන් ඉවත් කිරිමට. මහජන විරෝධය නිසා දැන් පුසා වගේ මෙයා කථාව අනිත්පැත්ත ගහනව. මේ ඇමතිට දෙපාරක් රැවටුන ගාලු ජනතාව තවත් රැවටෙන්නෙ නෑ.

Main News