ගාලු මුවදොර නත්තල් ගස අපේ රට ජාත්‍යන්තරයට හදුන්වා දීමට මහඟු පිටිවහලක් – සම්බන්ධන්
December 30, 2016 at 5:30 pm | lanka C news
“අප දැන් පසු කරන්නේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක්. අපිට තවත් දින කිහිපයකින් නව වසරක් උදාවෙනවා. එම වසර අපට විශාල අපේක්ෂා සහ බලාපොරොත්තු තිබෙන වසරක්. ඉදිරි වසරේදී අඳුරු අතීතය පසෙක තබා එක් රටක් ලෙස එකට එකතුවී සෞභාග්‍ය උදාකර ගැනීමට කටයුතු කළ යුතුයි. අපේ ශ්‍රී ලාංකික ජනතාව තවමත් දිලිදුකමින් පීඩා විදිනවා. අපි එයට ඉඩදිය යුතු නැහැ. අපේ රට දියුණු විය යුතුයි. අපේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමිය යුතුයි. එමගින් ඔවුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ හැකියි. එම අරමුණ ඉටුකර ගැනීමට නම් අප සියලු දෙනාම අත්වැල් බැදගත යුතු වෙනවා…..” විපක්ෂ නායක ආර්. සම්බන්දන් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ලොව විශාලතම නත්තල ගස සයවැනි දිනයට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරමිනි.
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය හරින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මැති ඇමතිවරුන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකතුමා පැවසුවේ ගාලු මුවදොර පිටියේ ස්ථාපිත ලොව විශාලතම නත්තල් ගස, අපේ පුංචි දේශය ජාත්‍යන්තරයට හදුන්වා දීම මහඟු පිටිවහලක් වූ බවයි.
“නත්තල් සමය සතුටින් පිරි සමයක්. ක්‍රිස්තියානුවන්ද, බෞද්ධයින්ද, හින්දූන්ද, මුස්ලිම්වරුන්ද, යන්න නොතකා සියලුම ශ්‍රී ලාංකිකයින් නත්තල සැමරුවා. ඒ සියලුදෙනාම එකම අරමුණින් නත්තල් ගස නිර්මාණය කිරීම ඵෙතිහාසික ජයග්‍රහණයක්. අපි එය අගය කරනවා. අපි දන්නවා ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් සියලුම ආගමික උත්සව සමරනවා. වෙසක් උත්සවය, සිංහල හින්දු අලුත් අවුරුද්ද, මුස්ලිම්වරුන්ගේ උත්සව සියලුම ශ්‍රී ලාංකිකයින් සමරනවා. අපේ ජනතාව අතර තිබෙන බැදීම එයින් පෙනෙනවා. අපේ ආගමික, සංස්කෘතික, භාෂාමය, ශිෂ්ටාචාරයේ අනන්‍යතාව තහවුරු කර ගනිමින් එක ජාතියක් ලෙස ජීවත්වීමට ඇති අවශ්‍යතාවත් එයින් නිරූපණය වෙනවා…..” යැයිද විපක්ෂ නායකතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
ගාලු මුවදොර පිටියේ ස්ථාපිත ලොව විශාලතම නත්තල් ගස එළැඹෙන නවවසරේ පළමුවැනිදා දක්වා මහජන ප්‍රදර්ශන සඳහා විවෘතව තැබේ. ජනවාරි පළමුවැනිදා නත්තල් ගස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සුරතින් විවෘත කිරීමට නියමිත බවද එම සංවිධායක කමිටුව පවසයි.
– තමීර මංජු
The Christmas tree not need to highlight Sri Lanka to the International community. They know Sri Lanka only country country in the world distroy terrorism. Not only a terrorism world most strongest terrorism who backed by separatist politicians both Sinhalese and Tamil.
demala paraya thoge yata kesuth sudu une oya pake katha kiyala thamai
ane loke lokuma pirimiyage ———————– gahaniyage ———————– lankawen kiyala okun guiness ekata yawanna try karayi…………..