ගාළු ක‍්‍රිකට් පිටිය ගලවා දමන්න සූදානම්.. පිටිය වටා පොලිස් ආරක්‍ෂාවක් යෙදවෙයි…

July 20, 2018 at 10:40 am | lanka C news
ගාළු ක‍්‍රිකට් පිටිය ගලවා දමන්න සූදානම්.. පිටිය වටා පොලිස් ආරක්‍ෂාවක් යෙදවෙයි…

ඊයේ රාත‍්‍රියේ සිට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයට යොදවා ඇත.

එම ක‍්‍රිඩාංගනය කඩා ඉවත් කිරීමේදී කිසියස් කලබලකාරී සිදුවීමක් ඇති වෙතැයි පෙරසූදානමක් ලෙස මෙම ආරක්‍ෂාව යොදා තිබේ.

ඇමති වජිර අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙම ක‍්‍රීඩාංගණය ස්ථිර වශයෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරන බවයි.

ගාළු කොටුව යුනෙක්කෝ ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරන බවට කලක අනතුරු ඇගවීමක් නිසා මෙම පියවර ගන්නා බව සදහන් වුවද විපක්‍ෂය කියා සිටින්නේ එවන් අනතුරු ඇගවීමක් කල බවට කිසිදු සාක්‍ෂියක් නැති බවය.

85 views

15 Comments to “ගාළු ක‍්‍රිකට් පිටිය ගලවා දමන්න සූදානම්.. පිටිය වටා පොලිස් ආරක්‍ෂාවක් යෙදවෙයි…”

  1. ExUNPer says:

    Is this the biggest problem in Lanka ?
    Those who hate will be losers ! It is a universal truth !
    Every action has a reaction !

  2. rathne says:

    හැම දෙයක්ක්ම විකුණගෙන කපියවූ . අවසානයේ බහු බුත අදහන ජාතියක්වී නැතිවී ගොස් බුතොයෝ වෙනු, එහෙත් කවදාකවත් එහෙම බුතයෝ කියා හෝ වෙන උපතක් ලෝකයේ නැතිනිසා ලෝක ඉතිහාසයේ සිංහල නාමය ඉතිහාස පොතින් ලෝකයට දැනගැනීමට හැක. අර සිහලුන් සිටි මලදිවිනට වුන වගේ.

  3. Don_Simon says:

    ඔය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදලා තියෙන්නෙ කකුසඳ බුදුන් සමයේ අසූ තුන් දහසක් හිමිවරුන් විදසුන් වඩා එකවර අර්හත් ඵලයට පත්වූ, එමෙන්ම අනාගතයේ බුදුවන මෛත්‍රී බුදු සමයේත් අසූ තුන්දහසක් දෙනා එකවර බවුන් වඩා අර්හත් ඵලයට පැමිණීමට නියමිත, “නිබ්බාන ඛළන්දකය” නම් බළසම්පන්න ගුරුත්වජ ශක්තියක් සහිත භූමියක් මතය,
    ඒ භූමිය රකින්න බැඳිලා ඉන්න දෙවිවරුන් ඔතන 1998 ට ඉස්සර, ඉස්කෝල ළමයි ක්‍රිකට් ගහපු, බිග්මැච් ගහපු කාලෙ කිසි විපතක් නොකර ඉවසුවෙ, ඒ අය දරුවන්ට ආදරේ නිසාය,
    ඒත් 1998 න් පස්සෙ ඔතන ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ගහන්න පටන් ගත්තට පස්සෙ, ගෙරි මස් කන, මිථ්‍යා දෘෂ්ඨික සුද්දො ගෙන්නලා, විලි සංගෙ නැති සුද්දියො ගෙන්නලා බියර්, අරක්කු පොවලා, භූමිය අපවිත්‍ර කෙරෙව්ව,
    ඒ නිසා දෙවියො කෝප වෙලා 2004 දි ඔය ක්‍රීඩාංගණය අතුගාලා දාන්න මුහුද ගොඩගැළෙව්වා,
    ඒත් අපි ආපහු ඒ පිට්ටනිය තිබ්බ තැනම හැදුව නිසා, රට දියුණු නොවී, දිගින් දිගටම විපත් එනවා. ඕක නොකැඩුවොත් දිස්ත්‍රික්කෙ පිටින් ශාප දීලා, වසංගත වලින්, ස්වභාවික විපත් වලින් සියලු දෙනා හැඳිගෑවෙනවා

  4. සීගිරි says:

    කාලකන්නි අමන තකතිරැවන් වගයක් ගාලු ක්‍රිකට් පිටිය ලංකාවට වාසනාව ගෙනවා කියලා ලොකු ඝෝෂාවක් නගනවා දැක්කා…
    ඒ කාලකන්නි මෝඩ තකතිරැවන්ට කිව යුතු දෙයක් තියනවා….මේ දේශයේ ජනතාවට ආවාසනාව ගෙනෙන්න හේතු වුන දෙයක් තමා ගාලු කොටුව….පෘතුගීසි හා ලන්දේසි හමුදා වලට කදවුරැ බැදගෙන මේ රට විනාශ කරන්න,දහස් ගනන් මිනිසුන් මරා දමන්නට උදව් වූ තැනක් ගාලු කොටුව…
    1815දී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වී ස්වෙෙරිත්ව්‍ය අහිමි වීමට හේතු වූ එක කාරණයක් පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණ වලින් ඒ වන විටත් මේ රට හෙම්බත්ව සිටීම…

Main News