ගාළු මුවදොරට බටලන්ද ප‍්‍රහාරය රනිල් ලවා එල්ල කරවූයේ රාජපක්‍ෂලා…

July 22, 2022 at 6:20 pm | lanka C news
ගාළු මුවදොරට බටලන්ද ප‍්‍රහාරය රනිල් ලවා එල්ල කරවූයේ රාජපක්‍ෂලා…

ගාලු මුවදොර අරගල භූමියට එල්ල වී ඇත්තේ බටලන්ද පන්තියේ නින්දිත ප්‍රහාරයක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටියි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය තරයේ හෙලා දකිමි.

කිසිදු ජනවරමක් නැති රූකඩ ජනාධිපතිතුමා දිවුරුම් දී පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන් ඔහුට සුපුරුදු රාජ්‍ය ත්‍රස්තවාදය ගාලුමුවදොර අරගල භූමිය වෙත මුදා හැර තිබේ.

ජනතාවගේ ඡන්දයෙන් පරාජය වූ කිසිදු ජනවරමක් නොමැති, රාජපක්ශ ජුන්ටාවේ රූකඩය බවට පත්වී සිටින, සමස්ත රටවැසි ජනතාවම ප්‍රතික්ශේප කරන ජනාධිපතිවරයා විසින් අද අළුයම් කාලයේ හමුදාව සහ පොලීසිය යොදවා සිදුකල අමානුශික නින්දිත ම්ලේච්ඡ ප්‍රහාරය සමස්ත රටවැසියන් පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.

මැයි මස 9 වෙනිදා සිය ප්‍රාදේශීය මැරයන් යොදා භීෂණය වපුරා මර්ධනය කල නොහැකි වූ අරගලය තුලින් මතු වූ දැඩි ජනතා විරෝධය හමුවේ පලාගිය රාජපක්ශවරුන් රනිල් ලවා සිය භීෂණකාරී දේශපාලනය රාජ්‍ය ත්‍රස්තවාදය ලෙසින් ක්‍රියාවට නංවමින් සිටියි.

ජනතාව සමග එක්ව සිටගන්නා ලෙසත් යුක්තියේ අවි දූශිත පාලකයින් දෙසට යොමුකරන ලෙස‍ත් මම සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් යලි යලිත් ඉල්ලා සිටිමි.

සමස්ත රටවැසි ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබ බලාපොරොත්තු වන කිසිදු වෙනසක් රාජපක්ශ රූකඩ රනිල් වික්‍රමසිංහගෙන් බලාපොරොත්තු නොවන ලෙසත්, ඔහුට සුපුරුදු 88-89 බටලන්ද පන්නයේ භීශණකාරී මර්ධනකාරී ජනතාව පෙළන පාලනයක් පමනක් බලාපොරොත්තු වන ලෙසත් ය.

අරගලයේ සැබෑ ජයග්‍රහනයකින් මෙපිට කිසිදු විසදුමක් නොමති බවත් රටට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය.

කිසිදු සහන කාලයක් හෝ විරාමයක් ලබා නොදී දූශිත පාලකයින් පන්නා දැමීමට ජනතාව එක පෙලට එකාවන්ව ඉදිරිපත් විය යුතුය.

61,230 views

77 Comments to “ගාළු මුවදොරට බටලන්ද ප‍්‍රහාරය රනිල් ලවා එල්ල කරවූයේ රාජපක්‍ෂලා…”

  1. Indrajith says:

    Why Can’t do Rajapaksha before appoint Ranil ??? Defense under Rajapaksha Now ????

    Mooda Kalavadda

  2. Podi Wicky says:

    This old Guy has some other issue with this Rajapaksha….This is totally revenge he’s gonna take

  3. Saliya says:

    රටට හෙන ගෑහුවත් කමක් නෑ…. බලය මුවාවෙන් එක එකා කොටවලා….අවශ්ය දෙවල් කෙසේ වෙතත් අනවශ්ය දේට නම් මේ මිනිස්සු මාරම publicity එකක් දෙන්නේ….. බොර දියේ මාලු බාන්න මුන් තාමා මිනිස්සු…..අරගලය මුවාවෙන් රටේ නිතිය අවභාවිතා කිරිම හරිද….

  4. David Milli-banda says:

    Sarath Fonseka is a vindictive person. it des not leave his system.
    he must be angry with Ranil because, first he led Fonny up the gum tree to contest at the PE.
    Then during Yahapalanaya he was given the Ministry Forrest Conservation & his deputy was a nimal, who out performed him.

    And the Rajapakshe tiff is nothing new. That could have been averted if Fonny had an iota of gratitude towards Rajapakshes.

    With so much bad blood running in his veins nothing will come right for Fonny even at the last moment due to his Vindictiveness. never observe the good side of anything. An absolute tyrant endencies hidden under sheep clothings.

  5. JR says:

    මහින්ද සහ ගොටාබය නොහිටියා නං අද නිකං ගෙදර වේලෙන ජෙනරාල් කෙනෙක් විතරයි.. ඔවුන්ට එරෙහිව ජනාධිපති වෙන්න ගිහිං ඇණගත්තා… පස්සෙ රනිල්ට හේත්තු වෙලා ඉඳලා දැන් රනිල්ට බනිනවා… ජනතාවගෙන් කලවැද්දා කියල අහගත්තා… . ඇමති කට්ටක් දුන්නා නං කරබාගෙන ලෙවකකා ඉඳියි…
    කලගුණ නොදත් දුදනෝ කවදාවත් නොවෙති යහපත්…

Main News