ගාළු මුවදොර රැළියක්.. ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක 18 හෙලි කරයි..

July 31, 2019 at 5:30 pm | lanka C news
ගාළු මුවදොර රැළියක්.. ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක 18 හෙලි කරයි..

මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන නව බලවේගක ජනාධිපති අපේක්ෂකයා එළිකිරීම එළැඹෙන අගෝස්තු 18 වැනිදා සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ජාතික ජනබලවේගය සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් පිටකෝට්ටේ හිදී අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම රැලිය අගෝස්තු 18 වනදා පස්වරුවේ ගාලුමෝදර දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද පැවසූ ප්‍රධාන ලේකම්වරයා එයට වාමාංශික පක්ෂ සිවිල් සංවිධාන කලාකරුවන් රැසක් සහභාගී වී ඇති බව ද සඳහන් කළේය.

මේ අතර මෙරට ප‍්‍රධාන පෙලේ රාජ්‍ය නිලධාරියෙක් ඔස්ටේ‍්‍රලියාවේදී මීට දින කිහිපයකට පෙර පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක තමන් බවත් ගාළු මුවදොර පවත්වන රැුලියකදී එය ප‍්‍රකාශයට පත් කරන බවත්ය.

17 views

18 Comments to “ගාළු මුවදොර රැළියක්.. ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක 18 හෙලි කරයි..”

  1. U.N.J.V.P says:

    Edata stage ekedi punchi ammage kolla uge redda ussala jepponge jandhipathi apekskaya ratata niravaranaya kireemata niyamitha bavata lanka puvath patha vartha karai.

  2. Buddhadasa says:

    Who cares really?

  3. Chandaprema says:

    අපේක්ශකයා තමයි නිර්මාල් රන්ජිත් දේවසිරි. ඔහු චන්ද ලක්ෂ 10 ට වඩා ගන්න එක ශුවර්.

Main News