ගැටඹේ නෑවිත් ගෝල්ෆේස් මැයි රැළියට ගියොත් මහින්දට දැඩි දඩුවම් දෙනවා..- මහ ලේකම්

April 27, 2017 at 9:20 am | lanka C news
ගැටඹේ නෑවිත් ගෝල්ෆේස් මැයි රැළියට ගියොත් මහින්දට දැඩි දඩුවම් දෙනවා..- මහ ලේකම්

මෙවර මහනුවරදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මැයි රැළියට සහභාගී වන ලෙස සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ඇතුළු සාමාජිකයින්ට ලිඛිතව දන්වා යවා ඇති බව එම පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ අනුව වෙනත් මැයි රැළියකට සහභාගී වන ශ‍්‍රීලනිප සාමාජිකයින් සදහා දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් එම හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂටද අදාල බවත් ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

පක්‍ෂය විසින් පවත්වනු ලබන මැයි රැළියට සහභාගී නොවන සියළු මහජන නියෝජිතයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇති බවද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

185 views