ගැටුමක් වුණා.. ප‍්‍රභූ පුතා සම්බන්ධ නෑ.. – අපිම අපිට ගහගත්තා වගේ කතාවක් සමාජ ශාලාවේ කළමණාකරු කියයි.. [Video]

October 10, 2016 at 9:20 am | lanka C news
ගැටුමක් වුණා.. ප‍්‍රභූ පුතා සම්බන්ධ නෑ.. – අපිම අපිට ගහගත්තා වගේ කතාවක් සමාජ ශාලාවේ කළමණාකරු කියයි.. [Video]

08 වැනිදා අලූයම් කාලයේ කොම්පඤ්ඤවීදියේ Clique Night Club රාත්‍රී සමාජ ශාලාවේ සිදුවූ ගැටුමට කිසිදු ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙක් සම්බන්ධ නැති බව එම සමාජ ශාලාවේ කළමනාකාරු ක්‍රිස්ටෝපර් නමැත්තා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගැටුමක් සිදු වූ බව සැබැ මුත් ඊට කිසිදු ප‍්‍රභූ පුත‍්‍රයෙකු සම්බන්ධ නැති බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා පල වන්නේ පහර කෑමට ලක් වූ පුද්ගලයා සහ සමාජ ශාලාවේ තවත් අයෙක් විසින් පොලීසියට කරන ලද ප‍්‍රකාශවල ප‍්‍රභූ පුත‍්‍රයෙකු ප‍්‍රහාරයට සම්බන්ධ යයි සදහන් කර ඇති බවයි.

21 views

16 Comments to “ගැටුමක් වුණා.. ප‍්‍රභූ පුතා සම්බන්ධ නෑ.. – අපිම අපිට ගහගත්තා වගේ කතාවක් සමාජ ශාලාවේ කළමණාකරු කියයි.. [Video]”

  1. jagath says:

    NAMAL KUMARAYATA WADA MEYA HODAI WAGE………….

  2. Despremiya says:

    මුත් හරියට ප ච රණවකගේ මල්ලි වගේ.

  3. වැඩපියා says:

    හරියට හරි … සත්‍ය ලොවටම හෙළි විය යුතුයි.!!
    නමුත් ඔබ මාධ්‍යට සිද්ධියේ සත්‍ය ප්‍රකාශ නොකර මාධ්‍යට (හෝ අනිත් අයට) සත්‍ය ප්‍රකාශ කරන්න කීම මහා විහිළුවකි.
    1) ඔබ කියන ආකාරයට “ප්‍රභූ පුතෙක් ” නොසිටියා නම්, මේ සිද්ධිය පිළිබඳව කොළඹ සිට ක්‍රියාත්මක වන මාධ්‍යට වාරණයක් තිබුනේ ඇයි?(මාධ්‍ය ආයතන සේවකයෝ ඒ බව සනාථ කර ඇත).
    2) පොලිසියට කල පළමු පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන ඇත්තේ ඇයි?
    3) සේවකයින්ට මල් පෝච්චි වලින් ගැසූ අවස්ථාවේ කළමනාකරු ලෙස ඔබ එම සේවකයාව බේරා නොගත්තේ ඇයි?
    4) ඔබත් “ප්‍රභූ පුතා” ගෙන් ගුටි කයි කියා බය වුනාද?
    5) පහර දීම “සාමාන්‍ය සිද්ධියක්” නම් තුවාල ලැබූ සේවකයාට රෝහලේදී ජනාධිපති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව දෙන්නේ ඇයි? (රෝහල් සේවක පිරිස එය සනාථ කර ඇත).
    6) ඔබ සේවය කරන සමාජ ශාලාවේ පහරදීමේ සිද්ධියෙන් පසු අවට නිවෙස්වල වීඩියෝ පරික්ෂා කලේ මොන හේතුවක් නිසාද? (අසල්වැසියෝ සනාථ කර ඇත).
    7) පරික්ෂ කල පිරිස කවුද ? ඔවුන්ට එසේ කිරීමට අධිකරණ නියෝග බලතලයක් තිබුනාද?
    8) සිද්ධිය ඇසින් දුටු කෙනෙක් ලෙස සිද්ධිය ලොවටම විශ්වාස කරවීමට ගන්නා උත්සාහයේ දී ඔබ ඇතුළුවන ස්ථානයේ ඔබ සිටියා නම්, මුදා හැර ඇති වීඩියෝ වල ඔබ පෙන්නේ නැත්තේ ඇයි?
    9) ඔබ එහි සිටියා නම් ඔබටද පහර දෙන දර්ශන තිබිය යුතු නේද ? ඒ දර්ශන නැහැ නේද ? එසේනම් පහරදීම ඔබ දැක නැහැ නේද?
    10) එසේනම් “ප්‍රභූ පුතා” එහි නොසිටි බව ඔබ මේ වීඩියෝ ප්‍රකාශයෙන් සනාථ කරන්නේ මොන පදනමක් මතද?
    11) රටේ පළවැනි පුරවැසියාගේ එකම පුත්‍රයා මෙම පහරදීමේදී සිටිය බවට ඇසින් දුටු දෙදෙනෙකු ප්‍රකාශ කරද්දී ඔබ ඒ බව සනාත නොකර වක්‍රව ප්‍රභූ කතා වලින් සිද්ධියේ රැස අඩු කරන්න බලන්නේ කාගේ උවමනාවටද ?
    12) ඔබට ඔහොම බොරු ලොවටම කියන්න පුළුවන් නම්, ඔබ කලමනාකාරු හැටියට සමාජ ශාලාව අයිතිකරුවන්ට මොන තරම් බොරු කියනවා ඇත්ද? (අයිතිකරුවන්ට දෙයියන්ගෙම පිහිටයි).
    13) ඔබගේ කළමනාකරණය යටතේ පැවතෙන මෙම රාත්‍රී සමාජ ශාලාවේ මෙවැනි සිදුවීම් ඔබ “සාමාන්‍ය ගැටුම්” ලෙස සඳහන් කරනවා නම්, විනෝදාශ්වාදයට එහි පැමිණෙන අයට කිසිදු ආරක්ෂාවක් නැහැ නේද ? (ඔවුන්ටත් හතරවරන් දෙවියන්ගේ පිහිටයි)
    14) එවිට ඔබගේ ප්‍රකාශය ඔබ වැටුප් ලබන ආයතනයේ පැවැත්මට ඔබ විසින්ම කරන හානියක් නොවේද?
    15) සිකුරාදා රාත්‍රී සිදුවූ සිද්ධිය පිළිබඳව ඔබගේ මෙම ප්‍රකාශය මෙතරම් ප්‍රමාදව එළිදකින්නේ ඇයි?
    16) හංගන්න දෙයක් නැත නම්, ඔබ කියන දේ සත්‍ය නම්, සෙනසුරාදා උදෑසනම මාධ්‍ය හමුවක් තබා ඔබට මෙම ප්‍රකාශය කිරීමට තිබුනා නේද?
    17) ඔබ එසේ කළා නම් සියලු අසත්‍ය ප්‍රචාරයන්ට(ඔබ කියන ආකාරයට) ඉඩ නොලැබෙනවා නේද?

    අවසාන වශයෙන් ඔබට කිව යුත්තේ මේ රටේ ජිවත්වන ජනතාවෙන් වැඩි කොටසකට ඔබ සේවය කරන රාත්‍රී සමාජ ශාලාව වැනි ස්ථානයන්ට ගොස් ආස්වාදය ලබාගැනීමට වත්කමක් නැති පුද්ගලයින් විය හැක. නමුත් ඒ වැඩි ජන කොටස, ඔබ, හෝ ඔබගේ හාම්පුතා, හෝ “ප්‍රභුපුතා” හෝ “ප්‍රභුපුතා ගේ පියා” හිතන තරම් නුගත් ජනතාවක් නොවන බව කරුණාකර තේරුම් ගන්න.

  4. nimal says:

    HUTAN …….DAN SATHUTI DA?

Main News