ගැබිණියක් කළලය ගෙවත්තේ වල දමයි.. පොලිසියෙන් ගොඩ ගනී…

September 2, 2021 at 2:10 am | lanka C news
ගැබිණියක් කළලය ගෙවත්තේ වල දමයි.. පොලිසියෙන් ගොඩ ගනී…

අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම නිවසේ මල් පාත්තියක් තුල වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි (01) දින නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ගොඩ ගනු ලැබුහ.

නුවරඑලිය කැලේගාල පහල ගිබ්සන් ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේ මල් පාත්තියක වලලා තිබියදි කළලය ගොඩ ගැණින.

26 හැවිරිදි එම අවිවාහක ගැබිණි තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනිමට  නුවරඑලිය මහ රෝහල වෙත (31) දින ඇතුලත් වි ඇති අතර , රෝහලේදි වෛද්‍යවරුන් විසින් ඇය පරික්ෂා කිරිමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදු වි ඇති බවට  වෛද්‍යවරුන් විසින් නුවරඑලිය පොලිසියට කරන ලද දැනුම් දිමක් මත නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවස සහ නිවස අවට (01) දින පරික්ෂා කිරිමේදි එම තරුණිය විසින් වල දැමුවේ යැයි කියන කළලය වල දමා තිබු ස්ථානය හදුනාගෙන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩගනු ලැබුහ.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇය ගැබ් ගන්නට ඇති බවත්, පසුව එම ගැබ ගබ්සා කිරිමක් සිදු කර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සැකකරයි.

ගොඩගත් කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නුවරඑලිය පොලිසිය නියෝග කලහ.

එම තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනිමට නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර , අදාල තරුණිය මේ වන විට නුවරඑලිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,325 views

7 Comments to “ගැබිණියක් කළලය ගෙවත්තේ වල දමයි.. පොලිසියෙන් ගොඩ ගනී…”

  1. සවාධීන says:

    පාස්කු අභිරහස හොයාගන්න බැරි උන් යනවා වල දාපු කලල හොයන්න.

  2. පින් මාළු වලේ කුසල් හාමි says:

    පිළිගත් මානුෂීය හේතුන් මත සිදුවන ගබ්සා නීතිගත කරන්න. නෙත්නම් විනාඩි දහයේ සොමියට තරුණ ගැනු ළමයි කි දෙනෙක් මුළු ජීවිතේම අඳුරු කරගන්නවද ? බුදු දහම පැත්තෙන් ගත්තොත් නම් ඉතින් මේක මහා අකුසලයක් තමා.

  3. රංජිත් විජේසිංහ says:

    රට මේ වෙනකොට ගොඩක් පිරිහිලා තියෙන්නේ. මිනිස්සු නන්නත්තාර වෙලා.කරන්නේ මොනවද දන්නේ නෑ.ගොඩක් කණගාටුයි මේ අහන්න දකින්න ලැබෙන දේවල් වලට

  4. රුක්ෂාන් සිල්වා says:

    මුන් වගේ කාලකන්නි තියන්න වටින්නෙ නෑ

  5. Sunil Perera says:

    hita ganna amarui lankawe dan me wena dewal attatama harima kanagatu dayakai.

  6. Chathura Gunarathna says:

    ubala klapu pemen ahinsak bilindek daduwam winde. owa maha hena wadina aparada yako.sakkili hatta.

  7. Sagarika Alvis says:

    ane deiyane mehema karanan ai oyala oya widiyata hasirune.owa karanakota pau kiyala hithune nadda?

Main News