ගැබිණි නිලධාරිනිය ඉහලම ලොක්කෙක් එක්ක ‘හනිමූන්’ ගිහින්.. අවු කණ්නාඩියෙන් වැඩේ මාට්ටුයි…

December 20, 2017 at 12:06 am | lanka C news
ගැබිණි නිලධාරිනිය ඉහලම ලොක්කෙක් එක්ක ‘හනිමූන්’ ගිහින්.. අවු කණ්නාඩියෙන් වැඩේ මාට්ටුයි…

ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් ද වේ. ඔහුගේ බිරිඳ රජයේ වැදගත් නිලයක් දරන්නියකි.

මෙම සමාගමට අයත් ශාඛා කාර්යාල දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක පිහිටා ඇති අතර එහි එක් තරුණ නිලධාරිනියක් ද සිටින්නීය. මෑතක දී විවාහ වූ ඇය පසුගිය දිනවල ගැබ්ගෙන ‍ගෙන තිබූ බව ඇ‍ගේ කාර්යාලයේ මිතුරියෝ කියති. ඒ පසුගිය දිනවල ඇය කෑමට ප්‍රියකරන ආහාර වර්ග ඔවුන් ගෙනවිත් දුන් බැවිනි.

ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ සිටින අධ්‍යක්ෂවරයා ඉඳහිට මෙම ශාඛා කාර්යාලයට පැමිණෙන මුත් එහි සිටින කිසිවෙකුත් සමඟ විශේෂ ඇගෑලුම් කමක් නොපවත්වන බවද කාහටත් වැටහී තිබිණ. මේ අතර පසුගිය දිනයක මෙම අධ්‍යක්ෂකවරයා රාජකාරි කටයුත්තක් සඳහා සිංගප්පූරුවේ දින තුනක සංචාරයක යෙදුණි.

එහි ගොස් පැමිණි ඔහු තම සංචාරයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප තම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුලත් කොට තිබුණි. එම ෆේස්බුක් අඩවියට පිවිසි ශාඛා කාර්යාලයේ නිලධාරිනියන්ට නෙත් අදහාගත නොහැකි වූ ඡායාරූපයක්ද එම ෆේස්බුක් පිටුවේ තිබී දැකිය හැකි විය. ඒ සිංගප්පූරුවේ සුප්‍රකට සිංහ පිළිරුව ඉදිරියේ අවුකණ්නාඩියක් පැළඳ ඡායාරූපයකට පෙනී සිටි ඔහුගේ අවුකණ්නාඩිය මත එම ඡායාරූපය ගන්නා තැනැත්තියගේ රූපයද පැහැදිළිව සටහන්ව තිබීමය. එම ඡායාරූපය මඳින් මඳ විශාල කොට බැලූ ඔවුනට ඉතා පැහැදිලිවම වැටහීගියේ සිංගප්පූරුවේ දී ඔහුගේ එම ඡායාරූපය ගෙන ඇත්තේ තම ශාඛාවේ සේවය කරන ගැබිණි නිලධාරිනිය විසින් බවය.

එමෙන්ම එම අධ්‍යක්ෂකවරයා සිංගප්පූරු ගිය දින කිහිපය තුළ ඇය ද ලෙඩ නිවාඩු දමා සිටි බව එම කාර්යාලයේ කාහටත් වැටහිණ. කෙසේ හෝ මෙය තමන්ගේ සතුරන් විසින් කෘත්‍රිමව සකසන ලද ඡායාරූපයක් බව මුල් අවස්ථාවේ එම නිලධාරිනිය පුන පුනා ප්‍රකාශ කළද අන් අයෙකු කෘත්‍රිමව සැකසූ ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමට එක් කර ගැනීමට තරම් එම අධ්‍යක්ෂකවරයා මෝඩයෙකු නොවන බව කාගේත් පොදු අදහස වී තිබේ.

කෙසේ හෝ මෙම සිද්ධිය සැලවූ සැනින් එම අධ්‍යක්ෂකවරයා තම සිංගප්පූරු සංචාරයේ සියළුම ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කර ගෙන ඇති අතර ඒ වන විටත් ඔහුගේ එම ඡායාරූපය බොහෝ දෙනෙකු අන්තර්ජාලයේ වෙනත් ෆේස්බුක් වෙබ් අඩවි වලට අතුළු කරගෙන තිබේ.

මේ තත්ත්වය කෙතරම් දුර දිග ගොස් ඇත්දැයි කිව හොත් එම නිලධාරිනිය මේ වන විට රාජකාරියට නොපැ‍මිණෙන අතර ඇ‍ගේ සැමියාට මෙය සැලවන්නට ඇතැයි යන්න බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

මෙම අධ්‍යක්ෂකවරයා සහ නිලධාරිනිය අතරේ කලක සිට මෙම රහස් ප්‍රේම සම්බන්ධය පැවැති අතර ඔවුන් මීට පෙරද මෙවන් රහසිගත ගමන්බිමන් වල යෙදී ඇති බවට දැන් බොහෝ දෙනෙක් සැක කරති.

කෙසේ හෝ අවුකණ්නාඩි පැළඳ ඡායාරූපවල පෙනී සිටීමේ දී බොහෝ දෙනෙකු පරිස්සම් විය යුතු බව මෙම සිද්ධියත් සමඟ එම ආයතනයට සම්බන්ධ ඔවුන්ගේ හිත මිතුරු බොහෝ දෙනෙක් සිනාසෙමින් කියා සිටිති.

දමයන්ති ගමගේ
– Lakbima

42 views

8 Comments to “ගැබිණි නිලධාරිනිය ඉහලම ලොක්කෙක් එක්ක ‘හනිමූන්’ ගිහින්.. අවු කණ්නාඩියෙන් වැඩේ මාට්ටුයි…”

  1. Jonaa'S Brother says:

    මේ නිලධාරියා අපේ ජෝන් අයියා වගෙ 80 පැනලද, හරිද , අරවා වැඩ කරනවා.අනේද කියන්නේ තඹ බනානෝ

    • පීචං says:

      මේ පත්තර වලට නිව්ස් නැතිකාලෙ හදාපු බොරුවක්. කෙනෙක් පැළදගෙන ඉන්න අව්කණ්නාඩියෙන් කෙනෙක් අදුනගන්න ඒක පෝර්ප්‍රේට් වර්ගයේ උඩුකය හෝ මුහුණ පමණක් සහිත එකක් විය යුතුයි. මේක සිංහ කණුවත් පේනවලු! ඒ කියන්නෙ අව් කන්නාඩි ඉතාම කුඩාවටයි රූපගත වෙලා තියෙන්නෙ. එහෙම රූපයක් විශාල කරන්න එය ඉතා හොඳ SLR හෝ හොඳ ඩිජිටල් කැමරාවකින් ඡායාරූප ගත යුතුයි. එවිට ගන්න කෙනාගෙ මූණ කැමරාවට වැහෙනව. ෆෝන් එකකින් ගත්ත රූපයක ඉතා කුඩාවට පේන දෙයක් විශාල කරල බලල ඔය විදියට කෙනෙක් අදුනගන්න බෑ.

    • Saman Kula says:

      This is a good lesson for Wimal Weerawansa too

  2. Rajasinha says:

    Kawda danne nehe pora? Mona samagameda?

  3. වරද මොකක්ද අනේ? says:

    පාන් ගෙඩිය කැපුවට පස්සේ පෙත්තක් කැවූ කෑවම මොකෝ? නිකන් තියෙන එක නෙ?අනික ලොක්කට නෙ දුන්නේ?පිට රටදී නෙ? මගේ වරයේ කැවූ බු බාවම ඔයාලට මොකක්ද තියෙන අමාරුව.

  4. Norata Eka says:

    This is so backward a country…why can’t people mind their own businesses….

    • john says:

      Yes 100% agree. Problems issues in relationships marriages are very complicated and only they know what it is. As long as people find alternatives to live on without committing suicide or harming their marriage responsibilities .. what the hek is the problem to other people ??

  5. podivije says:

    ඇයි මම එවපු එක දැමිමෙ නැත්තේ ! ? ඒකට කමක් නැහැ මින්පස්සේවත් මෙවගේ පොස්ටි දාන්නේ නැතුව හිටපං

Main News