ගැබිනි බිරිදට පිහියෙන් ඇණ කුසේ සිටි දරුවා මරයි…

May 21, 2022 at 12:40 pm | lanka C news
ගැබිනි බිරිදට පිහියෙන් ඇණ කුසේ සිටි දරුවා මරයි…

පස් මස් ගර්භනී බිරිඳට පිහියෙන් ඇන ඇයගේ කුස තුළ සිටි දරුවා ඝාතනය කළේ යැයි ඇයගේ සැමියා මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්ඩංගුවට ගත් 26 හැවිරිදි පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවද පොලිසිය කියයි.

පිහි ඇණුම් ලද ගැබිනි කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලීසිය සඳහන් කළේ ය.

පිහි ඇනුම් හේතුවෙන් ඇයගේ කුස තුළ සිටි දරුවා මිය ගොස් සිටි නිසා එම දරුවා සැත්කමක් කර එලියට ගෙන ඇත.

30,657 views

8 Comments to “ගැබිනි බිරිදට පිහියෙන් ඇණ කුසේ සිටි දරුවා මරයි…”

  1. අපි බංකොලොත් says:

    මෙහෙම දෙයක් ජීවිතේට ඇහුවාමයි.
    ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව කියන්නෙ මේනිසා තමයි

  2. sunimal says:

    හොඳ මිනිසා මත්පැන් පානයෙන් සිහි සුන් කර නොගනියි.
    නරක මිනිසා මත්පැන් පානයෙන් සිහි සුන් කර ගනියි.

  3. Nature says:

    නවීන තාක්ෂණයත් සමඟ ගත් කළ වත්මන් සමාජයේ මිනිසා බොහෝ උගත් පුද්ගලයෙක් වනු ඇත.එහෙත් ඔවුන් අතරේ මෙවැනි නූගත් අය ද සිටී.ඔවුන් නිසා සමාජයේ මිනිසුන් අතර ඇති සාමය, සතුට, අනොන්‍ය සබැදියාව ආදී වැදගත් සංකල්ප බිද වැටේ.වර්තමානයේ තරුණ පරපුර අතරේ ද මත් ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍රව පවතී.උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් මේවාට මහත් සේ ඇබ්බැහි වී තම අධ්‍යාපන කටයුතු පවා කඩා කප්පල් කර ගනී.එසේ නම් ඔවුන් ඉන් ගලවා ගන්නේ කෙසේද? එසේ කළ යුත්තේ කවුරුන්ද?

    මෙසේ අප ශ්‍රී ලංකාවේ සමස්ථ සමාජයටම පොදුවේ බල පවත්නා මෙම මත් ද්‍රව්‍ය ගැටළුවට පිළියම් සෙවිය යුතුය.මත්ද්‍රව්‍ය නිසා හට ගෙන ඇති ප්‍රශ්න වලට විසදුම් සොයා ඒවා ඉදිරියට ඇති නොවීමට කටයුතු සැලැස්විය යුතුය.නීති මාර්ගයෙන් කටයුතු කරමින්, අවවාද උපදෙස් ලබා දෙමින් මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නිසි මගට ගත යුතුය.ඔවුන් ඉන් මුදවා ගත යුතුය. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නෙතගැටීමත් බොහෝ දෙනා පිළිකුල් කරයි.ඔවුන්ට මෙහි අස්ථිර භාවය පසක් කර දිය යුතුය.සමාජයට සිදුවන විනාශය සිත් තුළට ඇතුළු කළ යුතුය. මෙය කළ හැක්කේ අන් කිසිවෙකුට නොව මේ පොළවේ ජීවත් වන අපටමය. මත්ද්‍රව්‍ය භාවිතා කොට සමාජයට කරදරයක් වනවාට වඩා වැදගත් පුද්ගලයකු ලෙස සමාජයේ පෙනී සිටීම නොවටින්නේද? මත්ද්‍රව්‍ය සමාජය විනාශ කරයි. එහි ප්‍රතිඵල අසුභය. ඉතින් මේවා භාවිතයෙන් මනස විකෘති කර ගන්නවාට වඩා නිවැරදි පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වේ නම් සිය දහස් ගුණයක් අගනේය.

  4. Nature says:

    මත්පැන් මොළයට කොතරම් බලපෑමක් කරයිද යන්න කිසිවෙකුට කිසිසේත් අවතක්සේරු කළ නොහැක.
    කාලයත් සමඟ එය අපගේ ශරීරයට බොහෝ ආකාරවලින් බලපාන අතර අපගෙන් බොහෝ දෙනෙක් එය
    නොදැන සිටිති.
    ඒ අතරම, මිනිසුන් සෑම කෙනෙකුම විවිධ ආකාරවලින් මත්පැන් වලට ගොදුරු වේ. අඛණ්ඩව මත්පැන්
    පානය කිරීම මස්තිෂ්ක ඉන්ද්‍රිය එකක් හෝ කිහිපයක් මත පහසුවෙන් ක්‍රියා කළ හැකි අතර, එහි
    ප්‍රතිඵලයක් ලෙස, ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති වන විට පුද්ගලයා වැඩි වැඩියෙන් රෝග ලක්ෂණ දැකීමට
    පටන් ගනී.
    පුද්ගලයෙකු මත්පැන් පානය කරන තරමට, ඉන්ද්‍රියයන්ට සිදුවන හානිය ස්ථිර විය හැකි අතර එහි
    ප්‍රතිඵලයක් ලෙස කෙනෙකුගේ මානසික තත්වයට ද බලපෑම් කළ හැකිය.

  5. මුන් කෑව අපේ රට .... says:

    රට අගාධයට ගිය තරමක්….මේකට වගකියන්න ඕනේ…kudu lansa…,duminda silva….රේනෝ සිල්වා…දිලිත් ජයවීර…වගේ කාලකන්නියෝ….මෙරටට කුඩු බෝ කරලා නැති භංගස්ථාන කෙරුව මිනිස්සුන්ව….අනික ජොස්ටන් වගේ කාලකන්නි…එරන්දික වගේ කාලකන්නි….ඔවුන් කසිප්පු විකුණ විකුණ එතනෝල් විකුණ විකුණ…..රටම විනාශ කෙරුවා….මුන්ව තමයි බල්ලො වගේ මරලා දාන්න ඕනේ….මැරුවට පවු නෑ

    • චලෝ says:

      බදුර්දීන් නානා කුඩුවලට සම්‍බන්ද නැතෙයි.

      • kalukaputaa says:

        badurdeen naanaa alcohol paavichchi koranne netha. kaaranaya eyaa pure muslimkeneki. alcohol nethuwama
        beri ayanam lankaawe inna million 18ka pamana kaalakanni sinhala suruttuwan pamanaya chalo!

  6. RITIGALA says:

    mehema pahara kalakanningen ratata wadak na …barak misak…mun wage unwa marala winasha karanna one…dharma deepaye mohoma paw karanna puluwan nam …okunwa maruwa kiyala paduwak wenneth na.

Main News