ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..
February 16, 2017 at 12:00 pm | lanka C news
කටානේ මවගේ නිවසේ සිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා හල්පේ මාතා සායනයට එමින් සිටි ගැබිනි කාන්තාවකට බසයේදී වමනය යාම නිසා බසයෙන් බසින්නට ඉඩ නොදී බලහත්කාරයෙන් ගමනාන්තය කරා රැගෙන ගොස් බස් රථය පිරිසිදු කරවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු බව කියන කොන්දොස්තර සහ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලීසිය කියයි.
විවාහයෙන් පසුව කොටදෙනියාව හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම කාන්තාව සිය මවගේ කටානේ නිවසේ සිට ඇයගේ මවත් සමග මීරිගම බලා එන පෞද්ගලික බස්රියකින් මීරිගම හල්පේ පැවැත්වෙන වෛද්‍ය සායනයට සහභාගීවීමට පිටත් වී ඇත.
තරමක් අසනීප තත්ත්වයෙන් පසුවූ ගැබිනි කාන්තාව අපහසුතාවයෙන් ගමන් කරද්දී කොටදෙනියාව නාවාන ප්‍රදේශයේදී වමනය ගොස් තිබේ.
මේ බව දුටු කොන්දොස්තර ජරාව අයින් කර මිස බසයෙන් බහින්න එපා යැයි තර්ජනය කර ඇත.ගැබිණි කත ඇයගේ මව සමග හල්පේ සායනයට යන මාර්ගය අසලදී බසයෙන් බහින්නට සැරසුණත් කොන්දොස්තර ඊට ඉඩ නොදීම නිසා ඔවුන්ට මීරිගම නගරය කරා එන්නට සිදුවී තිබේ.
මීරිගම නගරයට පැමිණි පසුව ඔවුනට බසය සෝදා දමන ලෙස කොන්දොස්තර උපදෙස් දීම නිසා අසරණවූ ගැබිනි කත හා ඇයගේ මව බසයේ කාපට් ආදිය ඉවත් කර බසය පිරිසිදු කර ඇත.
මේ කටයුත්ත අවසන්වීමෙන් පසුව ඔවුනට සායනයට සහභාගී වීමට කාලයක් ලැබී නැති අතර ආපසු නිවසට ගොස් මේ සිදුවීම ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.
– ලංකාදීප
යකෝ මාරයිනෙ. එවෙලේ ඔය බස් එකේ කොන්ද පන තියෙන එකෙක්වත් හිටියෙ නැද්ද?? ඔය කේස් එක අපේ පැත්තෙ උනොත් ඕකුන් දෙන්නගෙ හොදිත් නෑ..
ko bn me bus eka pirimi htya nedda ponoyoda htya ane mnda me rata ta gya kala
මමනම් හිතන්නෙ තමන්ගෙ වයිෆ්ව ත්‍රීවිල් එකක යවන්න බැරිනම් අඩුගානෙ බස් එකේ හරි
ගෙනිහින් දාන්න බැරිනම් ඒ මිනිහ මොකටද යකෝ බැන්දෙ. බැනපල්ල ඌටත් ඌත් අරුන්ගෙ ජාතියෙමයි
මමනම් හිතන්නෙ තමන්ගෙ වයිෆ්ව ත්‍රීවිල් එකක යවන්න බැරිනම් අඩුගානෙ බස් එකේ හරි
ගෙනිහින් දාන්න බැරිනම් ඒ මිනිහ මොකටද යකෝ බැන්දෙ. බැනපල්ල ඌටත් ඌත් අරුන්ගෙ ජාතියෙමයි
අහන්නත් බැරි තරම් අන්තිම තිරිසන් වැඩක්. මුන් පිරිමිද? දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ, කාලකන්නි දෙන්නටම. මේ ගැබිනියට වන්දියකුත් ගෙවන්න කියන්නේ ඕනේ.
මේ වගේ දේවල් වලට මුහුණ දීල කවදාවත් නිහඬව ඉන්න එපා. නිහඬව හිටියොත් අනිත් පාර මීට වඩා දෙයක් කරයි කාන්තාවන්ට.
තිරිසන්කමේ උපරිම ලෙවල් එක 10 නං මේක ලෙවල් 30 වගේ
බස් එකේ හිටපු නපුන්සක සෙට් එකට දෙවියන්ගේම පිහිටයි
ඔන්න SAITAM එකේ හොඳ..
දැං බස් වල ඉන්නෙත් දොස්තරලා නෙ
උන්ගෙ කොන් කපලා. .
ඔන්න ඕක හින්දා තමයි අපේ ආචාර්ය බස් ගැමුණු උතුමාණෝ ඉන්දියාවෙන් ඩ්‍රයිවර්ලා ගෙන්නන්න හදන්නේ …. මළපහ කරන්න තැනක් නැතුව පාරවල් දිගේ මළපහ කරන ඉන්දියාවේ ඩ්‍රයිවර් කෙනෙක් මේ බස් එක එලෙව්වා නම්, මේ වගේ දෙයක් එච්චර ලොකුවට ගණන් ගන්නේ නෑනේ…..
රියදුරු කොන්දොස්තර දෙදෙනාම ඔය බසය සමගම මගින්වි රහිතව කුඩුපට්ටම් වේවා!