ගැමුණුගේ බල බිදේ… සියළු බස් වැඩ වර්ජනයේ…

December 2, 2016 at 9:20 am | lanka C news
ගැමුණුගේ බල බිදේ… සියළු බස් වැඩ වර්ජනයේ…

මාර්ග නීති කඩකිරීම් හතක් සදහා දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහල දැමීමට විරෝධය පාමින් බස් සංගම් කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වැඩ වර්නය මේ වන විට රට පුරා ක‍්‍රියාත්මකය.

තමන් වර්ජනය සදහා එක් නොවන බව ගැමුණු විජේරත්න මහතා කියා සිටියද ඔහුගේ සංගමයේ බස් රථවල් පාරේ නැත.

සෙසු බස් සංගම් ගැමූණුට ප‍්‍රබල විරෝධයක් එල්ල කරන්නේ අයවැයෙන් යෝජනා කර තිබූ 2,500 දඩය ගැමුණු විසින් කල සාකච්චාවකින් පසු 25,000 දක්වා ඉහල දැමූ බවයි.

මේ තත්වය අනුව පෙනී යන්නේ ගැමුණු විජේරත්න මෙතෙක් බස් සංගම්වල බලය තමන් සතු ආකාරයෙන් හැසිරීම තවදුරටත් වලංගු නොවන බවකි.

මේ අතර ලංගම බස් රථ හයදහසක් පමණ සේවයේ යොදවා ඇතැයි බලධාරීන් සදහන් කලද සියළුම මාර්ගයන්හි බස් එන තුරු දිගු පෝලිම් ගැසී ජනතාව රැදී සිටිති.

61 views
Main News