ගැඹුරු මුහුදට ගසාගෙන ගිය වල් අලියෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ..[Photo]

July 12, 2017 at 12:40 pm | lanka C news
ගැඹුරු මුහුදට ගසාගෙන ගිය වල් අලියෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ..[Photo]

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවවායි මුහුදේ සැඩ පහරට හසුව ගැඹුරු මුහුදට ගසා ගිය වල් අලියෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) දින බේරා ගැනීමට සමත් වී ඇත.

මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් කොක්කුතුඩුවායි මුහුදු තීරයේ මුහුදු සැතපුම් 8 පමණ දුරින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය වීමෙන් තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කොට ඇත.

තවද, සෙඩ්රික් යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා මෙහෙයුම් ආරම්බ කල අතර වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී ඇති අතර, ඔවුන්ගේ උපදෙස් මත අදාල නාවික හමුදා නිලධාරීන් විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදි.

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලියාට උපද්‍රවයක් සිදු නොවන ලෙස කඹ යොදා ගෙන එම ගැඹුරු මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ආ අතර අලියා පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා වනජීවී නිලධාරීන් වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

141 views

15 Comments to “ගැඹුරු මුහුදට ගසාගෙන ගිය වල් අලියෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ..[Photo]”

  1. Ramani says:

    Great work! Thanks a lot!

  2. thanks says:

    Great work … all brave Navy Heroes….Thank you

  3. Aruna says:

    aliyata epa una rata???? hora paren australia panninna hadanna aththe?

Main News