ගැරඩි ඇල්ලේ නාද්දී ගසාගෙන ගිය කපිතාන් මිය යයි..

December 7, 2021 at 2:02 am | lanka C news
ගැරඩි ඇල්ලේ නාද්දී ගසාගෙන ගිය කපිතාන් මිය යයි..

කුරැවිට පොලිස් බල ප්‍රදේශයට අයත් වලඳුර ගැරඬි ඇල්ලේ දිය නැමට ගොස් අතුරුදන් වු යුද්ධ හමුදා කපිතාන් වරයාගේ සිරැර 06 දා සවස ගැරඩි ඇල්ල පහළ කොටසේ ගගේ තිබියදි සොයගත් බව පොලිසිය පවසයි.

කුරැවිට පොලිසියේ නිළධාරින් , කුරැවිට යුද්ධ හමුදා කදවු⁣රේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව කල මෙහෙයුමකදි මෙම සිරැර හමු වි තිබෙි.කුරැවිට ගැමුණු හේවා රෙජිමෙන්තුවෙි සේවය කල කපිතාන් සුරන් රණසිංහ නැමැති (32) හැවිරිදි දෙදරැ පියෙකු මෙලෙස මියගොස් ඇත.ඔහු මිල්ලවිටිය ප්‍රදේශයේ පදිංචි කරැවෙකුය.

තවත් තිදෙනෙකු සමග මොහු ඉකුත් 05 වැනිදා වලදුර ගැරඩි ඇල්ලේ දිය නැම ⁣ සදහා ගොස් තිබෙි.

ඉන් දෙදෙනකු පළමුව දිය නා ගොඩට පැමිණි තිබෙන අතර මොහු සහ තවත් අයෙකු දෙවැනුව දිය නාමින් සිට ඇත. එක පාරටම පැමිණි සැඩ පහරකට මොහු ගසා ගෙන තිබෙන අතර අනික් පුද්ගලයා ගසක අත්තක එල්ලි දිවි ගලවලාගෙව තිබුණි.

අතුරුදන් වු මෙම නිළධාරියා සොයා එම ඇල්ල ආශ්‍රිතව සිදු කල මෙහෙයුමකදි මෙලෙස (06) සවස සිරැර හමු වි තිබෙි.

– බලන්ගොඩ බලන්ගොඩ ප්‍රියනන්දන

21,750 views
Main News