ගැලරි කතාකාරයෝ ආණ්ඩුවෙන් යනවා කියනවා.. ජනපති MCC ගැන ස්ථාවරය කියයි..

November 1, 2020 at 10:40 am | lanka C news
ගැලරි කතාකාරයෝ ආණ්ඩුවෙන් යනවා කියනවා.. ජනපති MCC ගැන ස්ථාවරය කියයි..

එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘‘අරුණ’’ට විශේෂ ප්‍රකාශයක් කළේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවට පැමිණියේ එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීමට යැයි විවිධ පාර්ශ්ව කරන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද එතුමා පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා. හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’

යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘සති අග අරුණ’ට පැවසීය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද ඔහු පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘‘ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘සති අග අරුණ’ට පැවසීය.

– aruna

133,715 views

52 Comments to “ගැලරි කතාකාරයෝ ආණ්ඩුවෙන් යනවා කියනවා.. ජනපති MCC ගැන ස්ථාවරය කියයි..”

  1. gorilla says:

    ගැලරිකතාකාරයෝ කැගහල කැගහල තමුන්වහන්සේට වැඩකරල දිනෙව්වෙ නැතුව සජිය දිනුවනම් ඔහේගෙ නඩුව දිටම අහල ඔහේ හිරේ මහත්යෝ.ඔය සමහර සහෝදරයෝ හිනාවෙවී ඇමරිකාවට වෙලා ඉදියි.

  2. nuwan says:

    මෙතුමා MCC අත්සන් කරන්නේ නෑ. ඇමෙරිකවට ඔනැම ඩැයක් කරගන්න කියල අත්සනක් දායි

  3. අපේ රට says:

    පලමුව මේ කියන කරැණු ජනපති විසින් කලබව විස්වාස කලහැකිදැයි යන්න ප්‍රශ්නයකි. නමුත් එවන් ප්‍රකාශයක් කියාඇත්නම් ජනයාගේ පැත්තෙන් මෙය කියයුතුව ඇත. එනම් 2015 ජනවාරි 5 වනදා රටේ සිදුවු වෙනසත් සමග ජනයා “මැදමුලනට” රොක්වෙනවිට ඒදෙස බලා “ජන බලාපොරොත්තු” නන්වාලමින් නුගේගොඩින් “මහින්ද සුළඟ”ඇරබුවේ ඔය කියන ගැලරියයි, එවිට “බැල්කෙණියෙ” පිරිස වාහනයටම වි ගැලරියදෙස බලාසිටියා ජනයාට මතකය .එනිසා අද රඟන අයට පිටිය සැදුවේ ඔය කියන ගැලරිය කසය අරන් පිටියේ මායිම සැදුව නිසාබව අමතක නොකරමු. මොකද මේ රටේ ජනයා සැමවිට අවදියෙන්.

    • gunaya says:

      නරියෙක් නිල් බාල්දියකට වැටුන. ඌ රජ කරා කැලෙ සත්තු. දවසක් නරියා පුරුද්දට හූ කීව නෑ රජවෙලා කටින් චක්‍ර …….. ගැහුව

  4. Ayatollah says:

    Thank you HE president for your stand in MCC. Please give maximum publicity for this statement as the Country thinks Pompeo has his day

  5. john the baptice says:

    ඔය ගැලරි කතා කාරයෝ කියල තියෙන්නෙ විමලෙයි ගම්මන්පිලයි ගැන …

  6. පුට්ටුවේ සඩින් බයියා says:

    Respect සෑර්….. මගේ කණ තාම රිදෙනවා. සෑර් ඔහොම නොකිව්වනම් ලැට් එකටවත් යන්න බැරිව හිටියේ දැන් නම් අවුලක් නැහැ . ආයිත් රෙක්ස්පට් සෑර් …

  7. අතුල says:

    ජනාධිපතිතුමෝ ඔයවගේ චන්ඩි කතාවක් කරානම් ඒක මහජනතාවට ඇහෙන්න සලස්වන්න.. නැතුව අපි කොහොමද විශ්වාස කරන්නේ. දේශපාලනයේ හැමදාම බොරුවනේ තියෙන්නේ

  8. සිංහල බන්ඩා says:

    මේ සැරේ සිංහල චන්ද වලින් දිනුව කියල ලබන සැරේ බැසිල්ගෙ මුස්ලිම් චන්ද වලින් දිනන්න හිතන් ඉන්නව නම් ගෝටත් මහින්ද 2015 රැවටුනා වගේම රැවටෙනවා.

  9. saman says:

    කවුරුවත් යන්න ඕනෙ නෑ. වෙලාවට මිනිස්සු ඒක කරයි.

Main News