ගැසට්ටුවක් ගසා කොරෝනා මඩින බව සෞඛ්‍ය ඇමතිනිය කියයි..

June 24, 2021 at 3:18 am | lanka C news
ගැසට්ටුවක් ගසා කොරෝනා මඩින බව සෞඛ්‍ය ඇමතිනිය කියයි..

කොවිඩ් මර්ධනය සඳහා පනවා තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කළුතර රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය එම අදහස් පළකර ඇත.

එසේම දැඩි දඬුවම් ලබානොදෙන්නේ නම් රට බේරාගැනීම අසීරු බවත් ඉදිරියේ දි පොලීසිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව නීති දැඩිව ක්‍රියාත්මක කරන බවත් එහිදී ප්‍රකාශ කර තිබේ.

‘අපි ඉතා තදින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතුවෙලා කටයුතු කරනවා. අපට මේ රට බේරගන්න පුළුවන්. මේ රෝගය මර්දනය කරනවා කියන එක කරන්න පුළුවන් කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. පළමු කොවිඩ් රැල්ලේ දී අපිට ඒක කරගන්න පුළුවන් වුණා. දෙවැනි රැල්ලේ දී කොවිඩ් රෝගය මර්දනය කරගන්න පුළුවන් වුණා. තුන්වෙනි රැල්ලත් මර්දනය කර ගන්නවා කියන එක අපහසු කාර්යක් නෙමෙයි. ඒ සඳහා අපි නීති පනවලා තියෙනවා. ඒ නීති රටේ ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් ඒ සඳහා නීතිමය මාර්ගයෙන් රු 5000ට දාලා තියෙන දඩය රු 50,000ක් හරි කරලා ගැසට් එකක් ගහලා මේ රෝගය මර්දනය කර ගැනීම සඳහා අපි වැඩකරමු’

– aruna

28,538 views

13 Comments to “ගැසට්ටුවක් ගසා කොරෝනා මඩින බව සෞඛ්‍ය ඇමතිනිය කියයි..”

  1. බිල්ලා says:

    හෙලවෙදකමටයි ආයුර්වේදෙටයි කොරෝනා සුවකරන්න ගහල තියන ගැසට් එක වෙනස් නොකර ගහන හැම එකක්ම තව තවත් හම්බකරන්න ලොක්කන්ට උදව්කරන ඒවාම තමයි.

  2. පර බල්ලා says:

    ඊලග චන්දෙදි චන්දෙ දෙන්නෙ සරත් ෆොන්සේකා වගේ රාජපකයලාව එල්ලන කෙනෙකුට විතරයි. කොරෝනා සුවකිරීම තහනම්, චීන එන්නතෙන් ඩොලර් 10 ක් ලොක්කගෙ ලොක්කට.

  3. us senator says:

    Very clever woman, a master piece of a brain
    First in the world
    First she controlled Corona from Pani & now from Gazette.??
    when she got corona, she took the ventilators/Oxygen & nurses & went home !!

Main News