ගැසට් ගැහුවට බඩු මිල පාලනය කරන්න බෑ..- ඇමති බන්දුල

December 10, 2020 at 3:28 am | lanka C news
ගැසට් ගැහුවට බඩු මිල පාලනය කරන්න බෑ..- ඇමති බන්දුල

අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පමණක් පලක් නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ය.

එහිදී ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවයි.

තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී සඳහන් කර තිබෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යාමෙන් ජීවන වියදම වැඩි වී ඇති බවයි.

මේ තත්ත්වය මත ජීවන වියදම් කමිටුව සෑම මසකම පළමු සදුදා දිනයේ රැස් වීමට තීරණය කර තිබේ.

එම කමිටුව මෙතෙක් රැස්වූයේ සෑම මසකම දෙවැනි සතියේදීය.

15,129 views

10 Comments to “ගැසට් ගැහුවට බඩු මිල පාලනය කරන්න බෑ..- ඇමති බන්දුල”

  1. saman says:

    දැන්ද තේරෙන්නෙ????????????

  2. පැණි බීලා රිවස් එකට ගස් නගින බයියා says:

    ජීවිතේට දැක්කේ නැහැ මේ වගේ කුජීත දෙලොවටම වැඩක් නැති මිනිහෙක්. හැමදාම මිනිස්සු ඉදිරියේ සරම ගලවගන්න එක විතරයි කරේ. බඩු පාලනය කරන්න බැරි නම් ඇමැතිකම දීලා පැත්තකට වෙයන්. තව දුරටත් අමාත්‍යාංශයේ වැටුප් දීමනා වාහන අරන් කකා බිබී මහජන මුදල් විනාශ නොකර.
    ඇත්තම කිව්වොත් මේ වගේ දේශපාලන පිළිකා තියං රටට ගොන් ආතල් දෙන්නද 69 ලක්ෂය ක් එකතු වෙලා ජනාධිපති කරේ.

  3. පැණි බීලා රිවස් එකට ගස් නගින බයියෙක් says:

    ජීවිතේට දැක්කේ නැහැ මේ වගේ කුජීත දෙලොවටම වැඩක් නැති මිනිහෙක්. හැමදාම මිනිස්සු ඉදිරියේ සරම ගලවගන්න එක විතරයි කරේ. බඩු මිල පාලනය කරන්න බැරි නම් ඇමැතිකම දීලා පැත්තකට වෙයන්. තව දුරටත් අමාත්‍යාංශයේ වැටුප් දීමනා වාහන අරන් කකා බිබී මහජන මුදල් විනාශ නොකර.
    ඇත්තම කිව්වොත් මේ වගේ දේශපාලන පිළිකා තියං රටට ගොන් ආතල් දෙන්නද 69 ලක්ෂය ක් එකතු වෙලා ජනාධිපති කරේ.

  4. Shehan-m says:

    නොදොකින්, හැබැයි Pattaya walking street ගිහිල්ලා බඩු මිල පාලනය කරන්න පුලුවන්නෙ.

  5. Jagath says:

    ඔන්න ඕකනේ කියන්නේ මේ ආණ්ඩුව කටින් බතල හිටවනවා කියලා.කියනවා විතරයි වැඩ නෑ.

  6. Saman kumara says:

    හාල් කඩේට පැන්න
    ආර් එම් වීඑකට පැන්න
    එහෙට මෙහෙට පැනල නෝන්ඩ් වෙච්ච
    ගැසට් රජා මං..

    පැණික් වෙන්න එපා
    දෙනවා පැණි පුරෝලා
    මිනී කදු ගහන
    ගැසට් රජා මං..

  7. මී හරකා says:

    මාත්තයෝ වරෙං බං අපි දෙන්න ඈඳිලා කුඹුරක් හාමු . ඔතෙංට වඩා මෙතෙංට බොලා වටිනෝ .

  8. ක්‍රිමිනල් says:

    පේන විදියට බන්ධුල තමන්ටත් කනට ගහගෙන ගැසට් එකෙන් රට කරන්න හිතාගෙන ඉන්න මහ පුටුවටත් කනට එකක් දීලා වගේ ! 😂😂😂

  9. පොල්ගහවෙල says:

    ඇහ …. ඇත්තද ? 2500 බෑ . 5000 බැ .යාකෝ මහපොළොවේ ජ්වත් වෙයන් හරකෝ කෝ උබලගේ පොල් . හාල් . කෝ පරිප්පු . කෝ සැමන් . කෝ උබලගේ වැඩ . හරක් ටික .මැරිලා පල .

  10. Dalit says:

    As long as the economy of the country is in the hands of Indian colonists we the majority will be poor.

Main News