ගැසට් පත‍්‍රය එයි.. අද සිට මිල අඩුවන ඖෂධ වර්ග 48 හා මිල ගණන් මෙන්න..

October 21, 2016 at 12:40 pm | lanka C news
ගැසට් පත‍්‍රය එයි.. අද සිට මිල අඩුවන ඖෂධ වර්ග 48 හා මිල ගණන් මෙන්න..

2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි ගැසට් පත‍්‍රය අද (21) මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

මෙම ගැසට් පත‍්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරයා අද (21) පෙරවරුෙවි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය අත්සන යොදන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා, එහි ප‍්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

001 002 0003

005004

157 views

8 Comments to “ගැසට් පත‍්‍රය එයි.. අද සිට මිල අඩුවන ඖෂධ වර්ග 48 හා මිල ගණන් මෙන්න..”

  1. sanath says:

    Good news

  2. adfas says:

    Is this list available in English?? Difficult to read this in Sinahala.

  3. Aba says:

    I have been buying ATENALOL 50 Mg tabs @Rs15 for a card of 14 tablets!
    Under Item 16 this tablet is Rs4/40 a tablet !
    Has the prices gone UP?
    I cannot really understand this
    Can somebody please clarify..

  4. Ruwan says:

    It seems some drugs are more expensive or similar cost as at now.

  5. බල්ලට ගිය රට says:

    මේවගෙ අඩු කිරීමට පෙර පැවති මිල ගණන් කෝ ???

  6. bandu says:

    මේවයේ මිල වැඩිවෙලා වගේනේ. මම ගන්න ඔමෙප්‍රසෝල් (කරල් 30-40 ගනිද්දී ) 20mg කරලක් 1.75 විතර වුනා. එත් දැන් ඒක 4.50 වෙනවලු. සිල්ලර මිල වුනත් එතරම් වෙන්න බැහැනේ ..

  7. thasdneem says:

    ඖෂද මිල සංශෝදනය පිටුපස ඇති උවදුර

    – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුනසේන විසිනි.

    ජනතාවට සහන දීමට කියා ගෙන ආ ඖෂද මිල සංශෝධන පිලිබඳව මෙය දැන ගන්න. අලුත් මිල තීරනය කරන්නේ වෙලඳපලේ 5%ට වඩා විකිනෙන එක වර්ගයක සියලු බෙහෙත් වල මිලේ සමාන්‍ය අගය ගෙන දැනට ඇති සියලු වර්ගවල බෙහෙත් එම මිලට විකිනීමට නියම කරයි.. උදා: පැරසිටමෝල්වල විවිධ වර්ග අතුරින් වෙලඳපලේ 5% ට වඩා විකිනෙන බෙහෙත් 6 ඇතැයි සිතන්න . ඒ 6 මිලේ සාමාන්‍ය අගය ගනියි. 1.50 යැයි සිතන්න . සියලු සමාගම් ඒ බෙහෙත ඒ මිලට විකිනිය යුතුය. මිල අඩුවනු ඇත.නමුත් ප්‍රමිතිය ? බාල ඉන්දියානු බෙහෙත් නිසා බෙහෙතේ මිල අඩුවෙන් ලකුණු වුවිට ඉහල ප්‍රමිතියක් ඇති මිල වැඩි බෙහෙත් වෙලඳපලේන් ඉවත්වනු ඇත.. එවිට ප්‍රමිතිය අඩු ඉන්දියානු බෙහෙත් වලින් වෙලඳපල වැසිීයනු ඇත. ඔබට උවමනා උනත් උසස් ප්‍රමිතිය ඇති බෙහෙත් රටින් ඉවත්වනු ඇත . මෙය භයානකය. අසරණ රෝගීන් වෛනුවෙන් රජයේ රෝහලේ නොමිලේ බෙහෙත් ඇත. වැඩි මුදලට තමාකැමති බෙහෙතක් ගන්න අවශ්‍ය මිනිසාට මින් ඉදිරියට පිටරට යාමට සිදුවේ. දැනට වැඩි මිලට බෙහෙත් දෙන සමාගම් ලාභය පවත්වාගැනීමට ප්‍රමිතිය අඩුකරනු ඇත. ප්‍රමිතිය පරික්ෂණ කිරිමට අමාත්‍යංශයට නොහැකිබව දැනටම කියා ඇත. මහජනයාට ඉන්දියානු බාල බෙහෙත් දී. මැති ඇමතිවරැ සිංගප්පූරුවේ ඉහල ප්‍රමිතිය ඇති සේවාවන් සොයා මහජන මුදලින් යාම පුදුම සහගතය . මෙය වෙන කිසිවක් නොව ඉන්දියානු බෙහෙත් ජාවාරම්කරුවන්ට මේ රට පාවාදීමට දැන හෝ නොදැන කරන කුමන්ත්‍රණයක් බව වටහා ගන්න.

Main News