ගැසට් රිවස් කරන්නේ අපි සංවේදී නිසා..

November 9, 2021 at 11:20 am | lanka C news

රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන නැවතත් ඉවත් කරගැනීමට කටයුතු කරන්නේ ජනතාව කෙරෙහි ඇති සංවේදීතාවය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

යම් දෙයකින් ජනතාව තෘප්තිමත් නොවන බවට වැටහුන හොත් එය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද ඔහු පැවසීය.

‘ගැසට් ඉවත් කරගන්නේ ජනතාවට සංවේදී නිසා. අපි ගැසට් එක ගැහුවා ජනතාවට මොනවා වුණත් කමක් නෑ අපි මේක ගෙනියනව කියල තැනක අපි ඉන්නේ නෑ. අපි මේ රටේ ජනතාව කෙරෙහි ඉතා සංවේදී රජයක්. අපට තේරුම් ගියොත් අප කළ දෙකින් ජනතාව අතෘප්තියට පත් වෙනවා කියලා එය වෙනස් කරන්න අපි මැලි වෙන්නේ නැහැ. පුහු මාන්නයක් ආඩම්බරයක් තියෙන රජයක් නෙවෙයි අපි. ජනතාවාදී රජයක්. ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු දේවල් යුතු දේවල් ඕන දෙයක් කරනවා යැයිද’ ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

17,800 views

16 Comments to “ගැසට් රිවස් කරන්නේ අපි සංවේදී නිසා..”

  1. 0.00069 BIYYO says:

    තව වසර දෙකකින් ඒ ගැන බලාගන්න පුලුවන්. උබ බුරන්න එපා සාගර ,එයට ජනතාව පිළිතුරු දේවි උබලා දැන් ඉදලම යන්න ලෑස්ති වෙයල්ලා හැබැයි හොරා ගත් සියල්ලම නැවත බාර දීලා.

  2. ampare Somasiri says:

    Bloody clown and joker. Do not provide jokes to the nation

  3. බණ්ඩා says:

    සංවේදී නම් බුරන්ඩ කලින් තේරෙන්ඩ ඕනෙ ජනතාව බහොම්බට ඇන්නම පස්ස බිම ඇනෙන බව
    හොම්බත් රිවට් කරගෙන, පස්ස බිම ඇනුට පස්සෙ ඔට්ටු නෑ කියන්නෙ සංවේදීකම නෙමෙයි ගොබ්බකම !

  4. මරා says:

    අපිත් දැං සංවේඩී වේගන එන්නෙ ….මේ අවුරුදු තුන ඉවර වෙන්නෙ කවද්ද කියල බලං ඉන්නෙ….හොදටම සංවේදී වෙන්න

  5. Gamarala says:

    ජනතාව මෝඩ ක‍රන්න බැරි නිසා ඇත්ත කියන්න.

  6. සන්තෝසයි says:

    ජනාධිපතිගේ ඉදන් ඔක්කොම ගොබ්බයො ටිකක් එක්කාසු වෙලා අපිට ඉන්න රටක් නැති කරාවි.
    සිරි ලංකික ජනතාවට ඉතා ඉක්මනින් සෞභාග්‍යයේ දැක්ම දැකබලාගැනීමට ලැබේවි.