ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි.. තිරිගු පිටි තොග නිකුත් කිරිම සීමා කරයි..

October 10, 2021 at 12:40 pm | lanka C news
ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි.. තිරිගු පිටි තොග නිකුත් කිරිම සීමා කරයි..

ගැස් සහ තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට ලද තොරතුරක් මත හැටන් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම ගැස් අලෙවි නියෝජිතයන් සිය වෙලදසැල් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබින.

ගැස් අලෙවිකරුවන් පවසන්නේ තමන් සතුව තිබු සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණය නගරයේ ආපන ශාලා වෙත අලෙවි කල බවත්, පාරිභෝගිකයන්ට නිකුත් කිරිමට තරම් ගැස් තොග තමන් සතුව නොමැති බවයි.

පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ (11) දින ගැස් මිල වැඩි වන නිසා ගැස් අලෙවි නියෝජිතයන් ගැස් අලෙවි එජන්සිය තුල ගැස් තොග සගවාගෙන තමන් වෙත ගැස් නොමැති බව පවසන බවයි.

මේ අතර තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට තිරිගු පිටි සමාගම් විසින් ප්‍රකාශ කිරිමත් සමග ප්‍රධාන නගර වල තිරිගු පිටි එජන්තවරුන් බේකරි වලට පමණක් තිරිගු පිටි තොග නිකුත් කර සිල්ලර වෙලදාම සදහා තිරිගු පිටි නිකුත් නොකරන බව ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සිල්ලර සහ තොග වෙලදුන් කියා සිටියි.

වෙලදසැල් වල කිරිපිටි පැකට් අලෙවි කිරිමට තමන් සතුව තොග නොමැති බව එම වෙලදුන්ද කියා සිටියි.

පවත්නා තත්ත්වය මත ගැස් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ කිරි පැකට් මිල දි ගැනිමට පැමිණි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

25,403 views

7 Comments to “ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි.. තිරිගු පිටි තොග නිකුත් කිරිම සීමා කරයි..”

  1. පාරිබෝගිකයා says:

    ඉන්න හිතෙන රටක්..

    • රටේ වරදක් නෙමේ, සල්ලිම පස්සේ යන, මැරුනාම සල්ලි ගෙනියන්න හිතාගෙන ඉන්න මසුරු සිටානන්ලා නිසා වෙච්ච දෙයක්.

  2. Consumer says:

    This is clearly due to Government mishandling the Price revisions.. Too many political cooks giving voice cuts on the subject.. speculative news from traders and consumers are all contributing to this mess..

  3. 3% ට බය බයියා. says:

    විරුවන්ට මාෆියාව පරාජයට පත් කළ නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ .මාෆියාව පරාජයට පත් කර ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • ලපයා says:

      හරියට හරි බං .අපි ආවනම් රසායනික පොහොර කෘමිනාශක එක්ක දියකරලා ජනතාවට පොවලා ,කොරව්නාවට ගාවමුත්‍රා නවලා අපිවිතරක් බේරෙනවා.උබ වගේ ගෝපයි මොළ හරි වටිනවා.

      • පැන්ඩෝරා පේපර්ස් says:

        ජෙප්පො වගේම තමයි බොලාගේ මහින්දානන්දලා , වගාවේ දිලීර මර්ධනය කරන්න ගව මුත්‍රා දාන්නලු , හැබැයි කේරල නෙමේ ලෝකල් , ගොං බෛයන්ට ඇපත් නෑ බන්. ඒත් ඉතින් කඩේ යන්න එපැයි නේද මතං ? මෙහෙම හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා යුද්දේ දිනපු හින්දනේ නේද මතං ? බුදුරජාණන් වහන්සේ දේශණා කලේ සියළු සංස්කාර ධර්මයො නැසෙන සුළුයි කියලා , එත් ගොං බෛයන්ගේ වහල් කම සහ මෝඩ ගතිය අමරණීයයි , නොනැසෙන සුළුයි. 😂😂😂

  4. Hair says:

    Ella 69lk jayawawa