ගැස් සැපයුම අර්බුදයේ.. නැව් නැති සමාගමකට ගැස් ප්‍රවාහන ටෙන්ඩරය දීලා… අමාත්‍ය මන්ඩලය නොමග යවලා…

May 7, 2022 at 12:02 am | lanka C news
ගැස් සැපයුම අර්බුදයේ.. නැව් නැති සමාගමකට ගැස් ප්‍රවාහන ටෙන්ඩරය දීලා… අමාත්‍ය මන්ඩලය නොමග යවලා…

මෙරටේ තෙල් සහ ගැස් ලබා ගැනිමට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කලක් සිට අනුමගමනය කරයි. මීට අමතරව අව්‍යාශතාවය අනුව ක්ෂනික මිලදි ගැනිම් (Spot purchasing) ද සිදු කරයි. මෙහිදී සිදුවන්නේ පෙට්‍රරල් සහ LP ගැස් මිලදි ගැනීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමක් සිදු නොකර අතර යම් කාලයකට අව්‍යාශ පෙට්‍රරල් හෝ ගැස් තොග මෙරටට ගෙන ඒම සදහා නැව් ගාස්තු ඇතුලු රක්ෂණ සදහා ප්‍රවාහන ටෙන්ඩර් කැදවිමකි. ඊට ප්‍රධාන හේතුව පෙට්‍රරල් නම් පවතින OPEC මිලට ගත යුතු අතර ගැස් නම් Saudi Aramco මිලට ගත යුතුය. ඒ අනුව බොහෝ දුරට ටෙන්ඩර් කරනු ලබන නැව් ගාස්තුව සදහා පමනි.

එනම් එය ටොන් ඒකක් සම්පුර්ණ මිලදි ගැනිමෙන් සීයට 10% පමන වේ. උදාහරණයක් ලෙස මෙම් මැයි මාසය සදහා Saudi Aramco LP ගැස් මිල අමරිකානු ඩොලර් 850 කී නැව් ගාස්තු ඩොලර් 105කි. එකතුව ඩොලර් 955 කී.

ඉහත කරුණු අනුව ප්‍රවාහන ටෙන්ඩර්ය ලබාදීමේදී විශේසයෙන්ම ලිත්‍රෝ සමාගම බැවුම් පර්‍යන්තය (CBM) ඇතුලු කල හැකි ටොන් 4000 කුඩා නැව් අවම වශයෙන් 3 ක් වත් එම ටෙන්ඩරය ලබා ගන්නා සමාගම් සතු විය යුතු බවට ටෙන්ඩයේ පෝරමයේ සදහන් වේ. ඊට හේතුව සැම දින 4 කට වරක් නැවක් ගැස් රැගෙන කෙරවලපිටියේ ලිත්‍රෝ පර්‍යන්තය වෙත පැමිණිය යුතුය.

ලිත්‍රෝ අව්‍යාශතාවය මසකට මෙට්‍රික් ටොන් 30000 ත් 35000 පමන වේ. එනම් මසකට ලිත්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකම ගැස් සිලින්ඩරය කිලෝග්‍රෑම් 12.5 ලක්ෂ 25 ක් වත් වෙලෙදපොලට නිකුත් කල යුතුය.

එහෙත් මෙවර ටෙන්ඩර් ලබා ගත් තායිලන්ත සියාම් සමාගම් සහ එහි දේශිය නියෝජිතයයෙකු වන මොහොමඩ් ෆුවාඩ් මහතා කියා සිටියේ තම සමාගම් සතු ඊට සරිලන එකම නැවක් හෝ දැනට නොමැති වුවත් අව්‍යාශතාවය අනුව කුලියට ගැනීමට හැකි බවකී. නමුත් අමාත්‍ය මන්ඩලය මේ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුව හෝ Technical Evaluation Comitee විසින් දැනුවත් කොට නොමැත.

මින් ඉතා පැහැදිලි වනුයේ මෙම තත්ත්වයන් තුල ඩොලර් 10 ක් එනම් ඩොලර් 955 අඩු කල විට ඩොලර් 945 කට ගැස් මිලදි ගන්නවා කිවට ඉන් විශාල වාසියක් පාරිභෝගිකයාට නොලබෙන බවකි. එමෙන්ම මෙම තීරනයක් නිසා ඉදිරි මාසය තුලදී කිසිම ගැස් නැවක් මෙරටට නොලබෙන බව ඉතා පැහැදිලි ය.

පසුගිය සතියේ ඉදිරිපත් කල අමාත්‍ය මන්ඩල අනුමැතිය පරීක්ෂා කිරිමෙන් එය ඉතා පැහැදිලි වේ.

57,196 views

7 Comments to “ගැස් සැපයුම අර්බුදයේ.. නැව් නැති සමාගමකට ගැස් ප්‍රවාහන ටෙන්ඩරය දීලා… අමාත්‍ය මන්ඩලය නොමග යවලා…”

  1. බයිසන් says:

    කැබිනට් එකේ සිග්නල් කණු ඔටෝ වැඩකරන නිසා චීනෙන් අසූචි නැවක් ඇවිත් නොමිලේ ඩොලර් මිලියන ගණනන් අරගෙන ගියා. දැන් තායිලන්තයේ ගෑස් තියෙනවා කියල ඒකට ඩොලර් ගෙවනවා.

    • Kamal says:

      තායිලන්ත සමාගමේ දේශීය නියෝජිතය මොහොමඩ් ෆුවාඩ් අනිවාර් යෙන්ම මහින්දගේ නියෝජිතයෙක් .ඔය සීනි පොල්තෙල් තාර පෙට්‍රොලියම් ගෙනවන සමාගම් වල නියෝජිතයෝ මහින්දගේ ඔය සෙට් එක තමා

  2. අම්මප අපි තමයි එළටම කළේ says:

    තෙසාර මල්ලි මතකද උඹ ලොරි ටෝක් ඉසූ කළා අනිත් උන් ගාන කැපුව කියල. මතකද මල්ලි.
    තොපි ටයි කෝට් දාල ලොකුවට ප්‍රෙස් තිබ්බට බොලාගේ මොළේ පුකේ. තොගේ කෙළියෙන් දැන් වැඩි ගානට වත් ගෑස් නෑ.
    නලින් සිල්වා කෝ බම් උඹ? පොල් ගෙඩියක් ඔළුවට වැටෙන්න කලියෙන් දේසිය විසඳුමක් හොයල දියන් බොගේ දෙයියෙක්ටවත් කියල.

    ආ කියන්න අමතක උනානේ. ලොක්ක අපිට ලාබෙට සැමන් පරිප්පු දුන්නනේ. ඒකම ඇති නිවන් දකින්න.

    අම්මප අපි තමයි එළටම කළේ
    Alapaluwaගේ ලබ්ba එළියේ!

  3. DRS says:

    Who appointed donkeys to the technical evaluation committee?

  4. කැපුවත් පොහොට්ටුවට says:

    ඔය් බොරු .
    ගෑස් තියෙන්නෙ ඕනෙ තරං.
    ගෝඨාභය විරුවා ඉන්නකල්, මහින්ද විරුවා ඉන්නකල් අපි බය නෑ.
    ඒ දෙන්නටම රෙන්ඩ බර හැදිලා ඉන්නෙ, රටටම බයෝ ගෑස් බෙදන්ඩ පඩ යනවා.
    සද්දෙ ඇහෙන්නේ නැති වෙන්ඩ කන පැලෙන්ඩ පිර්ත් දාලා ඉන්නෙ .
    පොහොට්ටුවට ජය නියතයි

  5. ඉන්ද්‍රා says:

    මෝටිවේශන් අප්පච්චිට පොලිසියෙන් ගහලලු. පවු.

  6. චන්ද දායක says:

    කෙලවෙලා තියෙත්දිත් හරි තීරණ නොගන්නා එවුන් මේක ගොඩ දායිද ? මේ වෙලාවෙත් කීයක් හරි මාටියා ගහන ක්‍රම තමයි හොයන්නෙ . කොයි ඇමතියත් , සභාපති ත් එකයි.