ගැස් හිගයක්.. පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයක..

September 25, 2019 at 5:30 pm | lanka C news
ගැස් හිගයක්.. පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයක..

වතුකරයේ ප්‍රධාන නගර කිහිපයකම දින කිහිපයක සිට ගෘහස්ථ ගැස් සිලින්ඩර් හිගයක් පවතින බව ගැස් පාරිභෝගිකයන් පැවසිය.

හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර කිහිපයකම ගැස් අලෙවි කරන නියොජිතයන් සතුව ප්‍රමාණවත් ගැස් සිලින්ඩර් තොග නොමැති විම මෙම හිගයට හේතුව වි ඇති බව පාරිභෝගිකයන් කියා සිටියි.

ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල රු 250 කින් අඩු කරන බවට රජය මගින් පසුගිය දා ප්‍රකාශයට පත් කිරිමත් සමග ගැස් අලෙවි නියෝජිතයන් ඉල්ලුමට සරිලන සේ  ප්‍රමාණවත් ගැස් සිලින්ඩර් තොග රැස් නොකිරිම හිගයට හේතුව වි ඇති බව පාරිභෝගිකයන් කියයි.

මේ සම්බන්ධයෙන් අප හැටන් ප්‍රදේශයේ ගැස් සිලින්ඩර් අලෙවි නියොජිතයෙකුගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ ගැස් සිලින්ඩර් මිල එකවරම අඩුකල හොත් එහි පාඩුව තමන්ට දැරිමට සිදු වන නිසා ඉල්ලුමට සරිලන සේ වෙලදාමෙන් ගැස් සිලින්ඩර් තොග රැස් නොකරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

44 views
Main News