‘ගෑනු වළල්ලෙන් නිදහස්වීම සහනයක්..’

December 9, 2016 at 1:05 am | lanka C news
‘ගෑනු වළල්ලෙන් නිදහස්වීම සහනයක්..’

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනු අතර එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ, පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ, නීති ලේකම් නීතිඥ ටියුඩර් පෙරේරා යන අය සහභාගීවූහ.

එහිදී අදහස් දැක්වූ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනවියගේ අභාවය සම්බන්ධයෙන් මානුෂීයව කණගාටු වන බවත් දේශපාලනිකව බලන කළ රටට තිබූ හිසරදයක් අවසන් වීම සම්බන්ධයෙන් සතුටුවිය හැකිබවත් ප්‍රකාශ කළේය. ජයලලිතා ශ්‍රී ලංකාවට සතුරු ස්ථාවරයක් දැරූ තැනැත්තියක් පමණක් නොව චෙන්නායි හරහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින්, ආරක්ෂක නිළධාරින්ට මෙන්ම සිංහල බෞද්ධ බැතිමතුන් හා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පහරදීම් සිදුකිරීමට තමිල්නාඩු දමිල ජනතාව කුපිත කරවීමට පවා කටයුතු කළ හැතිරයක් බවද ඇය විසින් ලංකාවට අයිති කච්චතිව් දූපත උදුරා ගැනීමට උත්සහ කළ බවද ප්‍රකාශ කරන ලදි. ජයලලිතාගේ අභාවය නිසා දෙමළ ජාතිවාදීන් සහ බෙදුම්වාදීන් තුළ ඇතිවන පසුබෑම අප සැමට මහත් අස්වැසිල්ලකට හේතුවන බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම පසුගිය දිනවලදී ඇමරිකානු ජනාධිපතිවරණයේ දී හිලරි ක්ලින්ටන් පරාදවීමත් ඇයගේ පරාජය නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් වන සමන්තා පවර් හා දකුණු ආසියානු කටයුතු භාරව ක්‍රියාකළ නිශා බිස්වාල් ගෙදරයාමත් නිසා රටට ඇති වූ වාසිදායක පරිසරය තුළ ජයලලිතාගේ මරණය තුළින් අපට තවත් වාසිදායක තත්ත්වයක් ඇතිවූ බවද ප්‍රකාශ කළ නිශාන්ත වර්ණසිංහ මහතා මේ ගෑණු ටික අපේ රට වටලාගෙන සිටි බවද ඒ ගෑනු වළල්ලෙන් නිදහස්වීමට ලැබීම රටට සහනයක් බව ද අවධානය කර සිටින ලදි.

මීට අමතරව බන්ධනාගාර, නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමීනාදන් ඇමතිතුමා විසින් එම අමාත්‍යාංශයේ වැය ශිර්ෂය අවස්ථාවේ ප්‍රකාශ කල පරිදි යාපනයේ අක්කර 2990ක්, ත්‍රිකුණාමලයේ අක්කර 1000ක් කිලිනොච්චියේ අක්කර 474ක් ඇතුළුව උතුරු නැගෙනහිර දෙපළාතේ ඉඩම් අක්කර 4464ක් නිදහස් කර ඒවායෙහි පවුල් 2473ක් පදිංචි කරලා තියෙනවා. ඒ සඳහා මිලියන 1400ක් වෙන්කර තිබෙනවා. කෝවිල් සංවර්ධනයට රුපියල් මිලියන 80ක් වෙන්කර තිබෙනවා. ඉඩම් නිදහස් කිරීම් හා නැවත පදිංචි කිරීම් වලට අප විරුද්ධ නැහැ. කෝවිල් සංවර්ධනයටත් අපි විරුද්ධ නැහැ. මේ නැවත පදිංචි කිරීම් වලදී උතුරේ අවතැන්වූ සිංහලයින් කීදෙනෙක් පදිංචි කරලා තියෙනවාද? ඔවුන්ට ගෙවල් කීයක් හදලා දුන්නද? මුස්ලිම් අය කීදෙනකු පදිංචි කළාද? කියලා මෙහිදී අපට දැනගන්නට අවශ්‍ය වෙලා තියෙනවා.

උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනා බලරහිතයි කියලා අධිකරණ ඇමතිතුමා කියලා තිබ්බා. පළාත් සභා සම්මත කරන යෝජනා බල රහිත නම් එම සභාවන් විසුරුවා හරින්නේ නැතිව පවත්වාගෙන යන්නේ ඇයි? මේ සුදු අලියා නඩත්තු කරන්න කොච්චර ධනයක් නාස්ති කරනවාද? උතුරු පළාත් සභාවට මධ්‍යම රජයෙන් මුදල් වෙන් කරන්නේ මේ රටේ බහුතර ජනයාගේ බදු මුදල් වලින්ය. එම යෝජනාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 හා 10 වගන්ති උල්ලංඝනය කරලා තියෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර වරයා වහාම පියවරක් ගත යුතුයි. උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාවේ පිටපතක් එවන්න කියලා මම ආණ්ඩුකාරතුමාටයි සභා ලේකම්තුමාටයි ලිපි යැව්වා. නමුත් ඒවාට තවම කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒ වගේම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උතුරු පලාතේ ක්‍රියාත්මක නොවන බවත් අවධාරණය කළ යුතුයි.

අගමැතිතුමා විසින් යාපනයේ පුස්තකාලය ගිනි තැබීම ගැන සමාව ඉල්ලීම අපි අගය කරමු. මීට ප්‍රථම හිටපු ජනපති චන්ද්‍රිකා මැතිණියත් දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලුවා. සමාව ඉල්ලීම වැරදියි කියලා අපි කියන්නේ නැහැ. ඒත් දෙමළ ජාතික නායකයින් කිසි කෙනකු මේ වනතුරු බහුතර සිංහල ජනතාවට ඔවුන් විසින් සිදුකරන හිරිහැර සම්බන්ධයෙන් සමාවෙන්න කියලා නැහැ. ඔවුන් විසින් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ දළදා මාළිගාවට ගැහුවා. ශ්‍රී මහා බෝධියට බෝම්බ ගැහුවා. අරන්තලාවේ භික්ෂුන්වහන්සේලා ඝාතනය කලා. දකුණු ආසියාවේ ලොකුම ආර්ථික පුස්තකාලය වන මහබැංකු පුස්තකාලයට බෝම්බ ගසා ගිනිබත් කළා. සිවිල් ජනතාව දහස් ගාණක් මැරුවා. රාජ්‍ය නායකයෝ දේශපාලන නායකයෝ අමු අමුවේ ඝාතනය කළා. එත් ඒ එකක් සම්බන්ධයෙන්වත් අද වෙනකන් මේ ඉතුරු වෙලා ඉන්න දෙමළ දේශපාලන නායකයෝ සමාව ඉල්ලලා නැහැ. ඉතින් කොහොමද සංහිඳියාව ගොඩනගන්නේ. අපිට කියනවා ජාතිවාදය අවුස්සලා, අන්තවාදය වපුරලා, වෛරී ප්‍රකාශ කරන්න එපා කියලා. එහෙම ඒකපාර්ශවික සංහිඳියාව ගොඩනැගිය හැකිදැයි අපි අසා සිටිනවා.

යුද්ධයේ දී අපිට විශේෂ සහයක් දුන්න පිල්ලෙයාන් තවම හිරේ. වාහන අවභාවිතාව සම්බන්ධයෙන් කරුණාව හිරේ දැම්මා. තමන්ව මරන්න ආව එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් දෙදෙනෙකු මැරුවා කියලා ඊ.පී.ඩී.පීයේ තිදෙනෙකුට යාපනය අධිකරණයෙන් මරණ දඩුවම ලබාදුන්නා. සටන් විරාම සමයේ දී එල්.ටී.ටී.ඊය අතින් ඊ.පී.ඩී.පී.සාමාජිකයින් සියගණනක් මැරුම් කෑවා.  අපිම ඊ.පී.ඩී.පී.සාමාජිකයින්ගේ මිනී 20කට විතර කර ගහලා තියෙනවා. ඒත් බරපතල අපරාධ කරපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 536ක් තවමත් නිදැල්ලේ ඉන්නවා. එහෙම නම් ඇයි පිල්ලේයාන්ට ඇප දෙන්න බැරි.

එදා දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු කටයුතු කළේ තමිල් චෙල්වම්ගේ නමටයි. ඔවුන් අතරේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුලාවෙලා කොළඹට පුපරන ද්‍රව්‍ය හා අවිආයුධ ගෙනාපු අයත් හිටියා. එල්.ටී.ටී.ඊ.ත්‍රස්තයින්ට ප්‍රවාහන පහසුකම් සලසන අයත් හිටියා. අද ඔවුන් සියලු දෙනාත් නිදැල්ලේ ඉන්නවා. ඒත් කොටි ත්‍රස්තවාදයට එරෙහිව අපිට සහයෝගය දුන් අපේ මිතුරු කණ්ඩායම් හිරේ දානවා. සමහරුන්ව එල්ලුම් ගස් යවනවා. ආනන්දී සශිදරන්ලා, ගජේන්ද්‍ර පොන්නම්බලම්ලා, සිවාජිලිංගම්ලා එල්.ටී.ටී.ඊයේ මහවිරු දිනය ප්‍රසිද්ධියේ සමරලා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. එතනට නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙන විදිහකට අපි අහන්නේ කවුරු සතුටු කරන්නද මෙවා කරන්නේ. ජනතාව මේ දෙස විමතියෙන් බලා සිටිනවා.

නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි. ව්‍යාජ ලේඛණ සැකසීම සම්බන්යෙන් තිස්ස අත්තනායක රිමාන්ඩ් කළා. කුමාර ගුණරත්නම් මාස 14කට හිරේ ගියා. ඒත් හොර පාස්පෝට් හදපු විමල් වීරවංශ තාමත් එළියේ ඉඳන් බඩ පිනුම් ගහනවා. මිග් යානා ගණුදෙනුවේ චූදිත උදයංග වීරතුංගට එරෙහිව උසාවි නියෝගයක් ලබාගෙන වරෙන්තු නිකුත් කරන්න අවුරුදු එකහමාරක් ගත වුනා. නමුත් අධිකරණයට හා විනිසුරුවන්ට අපහාස කළා කියන චෝදනාව යටතේ ලංකා ඊනිවුස් හි සඳරුවන් සේනාධීරට එරෙහිව අධිකරණය හරහා ඉන්ටර්පෝල් එකට වරෙන්තු නිකුත් කරන්න ගතවුනේ දවස් හතරයි. අද නීතිය ක්‍රියාත්මක වන්නේ.  එක් එක්කෙනාගේ ලැදියාවල් හා තමන්ට රිදෙන ප්‍රමාණයට අනුවයි.

දෙසැ 09 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයයි. ඒ නිසා දිනයේ දී දුෂණ විමර්ශන කටයුතු වල අනාගතයේ මොකක්ද කියන එක විශේෂ ප්‍රකාශයක් කරන්න මේ යහපාලන රජයට වගකීමක් තියෙනවා. යුක්තිය ඉෂ්ඨ වන්නේ කවදාද? කෙසේද? කියන එක ගැනත් එහිදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි. ඒ වගේම නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දරන ස්ථාවරය ගැන අප කණගායු වෙනවා. මේ ගැන ශ්‍රීලනිපයේ ස්ථාවරය සහ ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ගේ ස්ථාවරය අපි අගය කරනවා. පරණ ක්‍රමයට යන්න හදන කවුරු හරි ඉන්නවානම් ඒ අය කරන්නේ රටට ලොකු හතුරු කමක්. තමන්ගේ පක්ෂයේ අභිවෘද්ධිය නොව රටේ අභිවෘද්ධිය හා ඉදිරිය ගැන හිතලයි කටයුතු කළ යුතු වන්නේ. ලෝකයේ උසම නත්තල්ගස ඉදිකිරීම නතර කිරීමට මැල්කම් රංජිත් කාදිනල්තුමා කල මැදහත්වීම ප්‍රශංසනීය කාර්යයක් බවත් එම මුදල් දුප්පත් ජනතාවගේ සුභසිද්ධියට යෙදවීමට යෝජනා කිරීම අගය කළ යුතු බවත් නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ලදි.

මෙහිදී ජාතික හෙළ උරුමය මගින් අපවත්වී වදාල පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සමරුව නිමිති කරගෙන පිංකම් මාලාවක් සුදානම් කර ඇති බව ද ප්‍රකාශ විය. එහිදී අදහස් දැක්වු ජාතික හෙළ උරුමයේ ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමියන් විසින් එළඹෙන දෙසැම්බර් 10 හා 11 දිනවල ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ දී එම පිංකම් මාලාව පැවැත්වෙන බවත් ඒ සඳහා සියලු දෙනාට විවෘත ආරාධනාවක් සිදුකරන බවත් ප්‍රකාශ කළහ. පළාත් පාලන මැතිවරණය කාන්තා නියෝජනය යථාර්තයක් කරගැනීමට නම් නව මැතිවරණ ක්‍රමය යතාර්තයක් කරගත යුතු බව ද ඒ සඳහා සියලු කාන්තාවන් පෙළ ගැස්වීමට කටයුතු කරන බවද පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරාල මැතිණිය විසින් අවධාරණය කර සිටින ලදි.

සටහන – මහේෂ් රංගන ජයරත්න
මාධ්‍ය ඒකකය – ජාතික හෙළ උරුමය

37 views

4 Comments to “‘ගෑනු වළල්ලෙන් නිදහස්වීම සහනයක්..’”

  1. pura vasiya says:

    ජය ලලිතා මලා,හිලරි පරාද වුනා,නිශා බිෂ්වාල් ගෙදර ගියා,සමන්තා පවර් ආගිය අතක් නැහැ,අපේ ගජ මිතුරා ජෝන් කෙරීට තනතුර අහිමි වෙනව​.මේ හැමෝම අපේ රටට වින කලේ අපි සහයෝගය දෙන අපේ ලිච්චවී පාලන ක්‍රමය නොහොත් අච්චාරු සුසංයෝගයේ පාලන ක්‍රමය තුලයි.අපි ඒ හැම දේකටම නොපැකිලව සහය දුන්නා.අපේ ජනපති ජයලලිතාගේ මරණය අසා බොහෝ වික්‍ෂෝප වුනා.ජීවිතය අනියතයි මරණය නියතයි කියා අපි ඔහුට පහදා දුන්නා.දැන් ඔහු යථා තත්වයට පත්වෙලා ඇති.මේ පළාත් සභා සුදු අලියෙක්.ඒකෙ ඉන්න මම හෙළ අලියෙක්.ලෝකයේ උසම නත්තල් ගස හදන අපේ කන්ටේනර් රියැදුරෝ ලෝකයේම ඉන්නා දක්‍ෂම ඉන්ජිනේරුවරුන්.ඒ අය මෙහෙයවන්නෙ ඉන්ජිනේරු කැප්ටන්.දැන් ඒක ලෝකෙ ලොකුම නත්තල් ගස් බාගය ලෙස ගිනස් පොතට ගිහින්.නීතිය කාටවත් නමන්න බැහැ.ව්‍යාජ ලේඛණ හදපු තිස්ස අත්තනායක ඇතුලෙ.ව්‍යාජ ලේඛණ හදපු දස සිල්ධාරිය එළියෙ.යහපාලනය කියන්නෙ ඒකට තමයි.අද ප්‍රසිද්ධියෙ කොටි සමරනව​.ඒකට ඉඩ දුන්න ආණ්ඩුුවෙ අපිත් ඉන්නව​.අපිට ලැජ්ජ නැද්ද කියල අපෙන් එකෙක්වත් අහන්නෙ නැහැ.ලැජ්ජ තියන උන් අපෙන් අහන්න එන්නෙත් නැහැ.

  2. ගමරාළ says:

    රනිල්ට බලයට එන්න පාර කපලා දීලා දැන් පිටු ගණන් ඡනතාවට බණ කියනවා…

  3. Dickie Bird says:

    Hilaryta nallur Kovile gahapu POL anith paththata wedakarala wage……… Dan ahaka hitapu Jayalalitha tath wedakarala.

    Gahapu Pol nikan “Koheda yanne malle pol ” kathawa wage.

    Pol gahuwe mokatada, wedakare katada?????? Deiyo sakki !!!
    Thawa gahapalla Nallur Kovile pol…. Ewa TNA karayantath weda karai. Wigneshwaran bayawela inne.

  4. lal says:

    ඔවුන්ගේ පරාජයට සහ මරනයට පසු සිංහනාද දී වැඩක් නැ ඔවුන් ට බලය තියෙද්දී බල්ලෙක් වගේ ඉදලා

Main News