Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..

December 1, 2021 at 4:40 pm | lanka C news
Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..

තම ගෑස් සමාගමේ ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50 ලෙස ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි දැනගන්නට බව ලිට්‍රෝ ගෑස් සමාගම අද විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

නමුත් එම පර්යේෂණ වාර්තාව පිළිනොගන්නා බවත් තමන් වසර ගණනාවක් තිස්සේ සිට පරීක්ෂණ කරන යුරෝපා පරීක්ෂණාගාරයේ වාර්තා පිළිගන්නා බවත් ඔවුන් කියා සිටියහ.

ඒ අනුව නැවත වතාවක් තුන්වැනි පාර්ශ්වයක් හරහා පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද ඔවුන් කියා සිටියහ.

කෙසේ වෙතත් ගෑස් පුපුරා යාමකට වඩා වැදගත් කාරණය වන්නේ මෙම ගෑස් සංයුතිය නොව සිලින්ඩරයේ පීඩනය බවත් පැවසූ ඔවුන් දැනට කිසිදු සිලින්ඩරයක පුපුරා යන තරම් පීඩනයක් නොමැති බවත් පැවසූය.

දැනට සිදුවී ඇති සිද්ධි සියල්ලේම කිසිදු ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් නැති බවත් ඒ හා සම්බන්ධ උපකරණ ඉතා අබලන් හෝ පරණ ඒවා පමණක් පුපුරා ගොස් ඇති බව නිරීක්ෂණය වූ බවත් ඔවුන් සඳහන් කළහ.

ඇතැය් සමාජ මධ්‍ය කරුවන් තම පිවිසුම් වැඩි කර ගැනීම සදහා සංස්කරණය කරන බව විවිධ දර්ශණ සමාජ ජාලා වෙත එක් කිරීම මත පාරිභෝගිකයන් දැඩි සේ කලබල වි ඇති බවත් එහිදී තව දුරටත් කියා සිටියහ.

81,164 views

28 Comments to “Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..”

  1. Citizen says:

    Will the Minister in charge of Litro take responsibility and resign ?

    Or

    Will the Opposition move a No Confidence Motion against the Minister ?

    • Kumdhar says:

      There is NO Minister in charge of Litro Gas Company. No such position in current Gov. or Prev. Gov.s.

  2. ජානක says:

    පිස්සෙක් පත් කරගෙන මිනිස්සුන්ට වෙච්ච දෙයක්.කොම්පැනි කාරයන්ට ඕන ඕන විදියට නැටවෙන පිස්සු රැකඩයක් රටම කැවා.

  3. On The Spot says:

    චීන කුණු පොහොර නැව තර්ඩ් පාටියේ පරීක්‍ෂණයෙන් සමත් විය​.දැන් ලිත්‍රෝද තර්ඩ් පාටියේ පිහිට පතයි.තර්ඩ් පාටිය ඤාණක්කාටත් වඩා බලවත්ද​?

  4. මංඇමටි says:

    “අපි මේ වැඩේ කලේ රටපුරාම තියෙන බාල ගෑස් උපකරන හඳුනාගන්න​…” හික්ස්…!

  5. SURESH says:

    කලින් නම් නියම පිස්සො පත් උනා තමයි. අපේ කිහිපදෙනෙක් මැරුවම යාපනේම නිවාඩු දීලා ගිනි තියලා මිනී කඳු ගහපු, තමන්ගේම හමුදා පාවලා අඩුකරන්න බලපු, පෙන්ෂනුත් කපලා සුළු ජාතීන්ට නැති වාසි දීලා පොලිසියට භාවනා උගන්නන්න ගියපු ලොරිටෝක් අයියලා පිස්සො නෙමේ. ඒත් කොරෝනා කියන්නෙ මුළු ලෝකෙටම බලපාන මහා වසංගතයක්. රටේ සංචිත ඩො. බි. 2-3 බස්සලා ආණ්ඩුවක් ගත්තම සියළු ආදායම් නොමැතිව මේ වගේ අවම නිෂ්පාදන ආර්ථිකයක් මෙහෙම හරි රන් කරන එක ගැන අවබෝධයක් නැති මේ වගේ කොමෙන්ට් ගහන පිස්සෝ සුළුතරයක් ඉන්නවා. රටේ ප්‍රධානම ඩොලර් ආදායම සංචාරක කර්මාන්තෙ. ඊළඟට ගෘහ සේවය ඇතුළුවිදේශ රැකියා. ගෑස් හිඟය නිසා වෙනස් වෙන්න පුළුවන් සංයුතිය විතරක් නොවේ. සිලින්ඩරේ සහ උඳුන්වල තත්ත්වයත් වෙනස්. මාස ගානක් ගෑස් සිලින්ඩර් නිකන්ම ගොඩ ගහලා තිබුණම ඕකෙ කරේ තියෙන රබර් එකත් සවුත්තු වෙනවද කියල හොයල බලන්න ඕනෙ. අඩු කොලොටි උඳුන් වල බට උයනකොට තියෙන තෙල් මිශ්‍රිත අඩු ආර්ධතා වාතයත් එක්ක අල්ලන් හිටියත් මාසයක් දෙකක් නිකන් තිබුණම බට මළකඩ කාලා කාන්දු වෙන්නත් පුළුවන්. මේ කිසිම දෙයක් හරි පරීක්ෂණයකින් හොයනකම් ඉන්නෙ නැතිව තමන්ගේ රටේ නායකයට පිස්ස කියන ටොයියො සුළුතරේ ඉන්නෙ අපේ රටේ විතරයි.

    • jedai007 says:

      අනේ හුකේ

    • kamal says:

      Bad to see that still there are few people accept and try to protect these companies and gov.

    • LalithM says:

      මේක ලියපු එකාගේ ගේ ගැන මම ප්‍රාර්ථනාවක් කලා….

    • suresh says:

      ඇත්ත කිව්වම වංශෙයි කුලයයි පාටයි කබල් ගාන එවුන්ට හරි අමාරුයි. ඒකනේ ලියපු එකේ වැරැද්ද කොටන්නේ නැතිව නිකං පුරු පුරු ගාන්නෙ පූසො බල්ලො. දන්නෝ නේ උන් බිරුවට ගෙවල් කඳු පාත් වෙන්නෙ නෑ කියලා.

    • harsha says:

      ලංකාවේම ගෑස් ලිප් එකපාර සවුත්තු වෙලා. මාරයි.

  6. Sri Lankan says:

    Correct. Cylinders did not explode. But, accessories started to fire due to change in composition by cunning two companies.

  7. Sirimal says:

    If the company changes specifications they must replace the components free as we can’t afford to buy new cookers each time they change. Where is dollars to import millions of cookers and regulators etc.

  8. Nikisanju says:

    ලංකාවේ ගෑස් ලිප් වල බට එක පාරම පරණ උනේ කොහොමද
    ඊට කලින් ගෑස් එකට ඇයි පිපුරුනේ නැත්තෙ??
    ගෑස් නෑ ගෑස් නෑ කිය කිය ඉඳල මුං දැන් මිනිස්සු ගත්ත ගෑස් පුපුරද්දී බයිලා ගහනවා

Main News