ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

November 18, 2021 at 4:40 pm | lanka C news
ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති.

වව්නියාව දිස්ත්‍රීක්කයේ මීට පෙර ග්‍රාමීය ප්‍රදේශවලට සහ හොටෙල්, බේකරි නිශ්පාදන ආදි ස්ථාන වෙතට දර සැපයීම සිදු කලද මේ වන විට ගෑස් සහ ඉන්ධන මගින් දෛනික අවශ්‍යතාවන් ඉටුකරගත් නාගරික ජනතාවගෙන්ද විශාල වශයෙන් දර සඳහා ඉල්ලුමක් ඇත.

කෙසේ නමුත් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉල්ලුමට සරිලන අයුරන් දර සැපයීමටද අසීරු කටයුත්තක් වී ඇති නමුත් ඉදිරියේදී තමන්ට දර මගින් හොඳ ආදායමක් උපයාගත හැකි බවටද වව්නියාවේ දර කපන්නන් කියා සිටිති.

වව්නියාව මෙන්ම උතුරේ නාගරික ජනතාව බොහෝ දෙනෙකු මේ වන විට ගෑස් නොමැතිකමින් අපහසුතාවන්ට පත්ව ඇති අතරම බොහෝ දෙනෙකු දර මගින් අවශ්‍යතා සපුරාලීමට උත්සහ ගනිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,028 views

7 Comments to “ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..”

  1. රජරට බයියා says:

    දහයියා ලිප් හදන්න. හොඳ ඉල්ලුමක් තියෙයි. පරිසරය විනාසවෙන්නෙත් නෑ.

  2. 3% ට බය බයියා. says:

    කොළඹ තරුපහේ හෝටල් වලට දෙන්න ගත්තා නම් සිංහරාජයත් සුං.

  3. Sam says:

    අන්තිමේදී කැලෑ ටික ටත් ෂොට් එක හම්බවෙනවා

  4. Sanka says:

    මේක තමයි අපි ඉල්ලපු වෙනස. දේශීය දේවල්වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඩොලර් ඉතුරැ කරලා බැරිසිලාට දෙමු. එයාටනේ වැඩිය ඩොලර් ඕනෑ. ඇමරිකවේ ඩොලර්නේ පාවිච්චි වෙන්නේ.

  5. S.Vitharana says:

    දර ඕන වෙනවා රට මේ තත්වයට පත් කල එවුන් පුච්චන්න!

  6. මෝ says:

    කැලෑ ටිකටත් අබ සරනයි.

  7. සවාධීන says:

    දෑන් වෙනස ෂෑපද ?
    කොයිතරම් සුන්දරව තිබුන රටක් ද මේක.දෑන් මළසිරුරුක් වත් පුච්චන එක ගැටළුවක් ගෑස් හිගය නිසා.

Leave a Comment

Main News