ගෑස් ගිනිගැනීම්වලට පිලිතුරක්.. පොලිතීන් මුද‍්‍රාවේ පාට මාරු කරයි…

December 7, 2021 at 11:20 am | lanka C news
ගෑස් ගිනිගැනීම්වලට පිලිතුරක්.. පොලිතීන් මුද‍්‍රාවේ පාට මාරු කරයි…

මෙරට ගෑස් සමාගම් දෙක අද සිට වෙලදපලට නිකුත් කරන ගෑස් සිලින්ඩරවලට නව මුද්‍රාවක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ලිත්‍රො සමාගම සුදු පසුබිමේ රතු වර්ණයෙන් සහ ලාෆ් සමාගම කහ පසුබිමේ කොළ වර්ණයෙන් මුද්‍රිත මුද්‍රාවක් හඳුන්වා දී ඇති බවයි.

මෑතකදී මෙරට වැඩි වශයෙන් වාර්තා වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව නිසි පිරිවිතරයන්ට අනුකූලව වෙලදපලට නිකුත් කරන ගෑස් සිලින්ඩරවල මෙම නව මුද්‍රාව එක් කරනු ලැබේ.

25,871 views

7 Comments to “ගෑස් ගිනිගැනීම්වලට පිලිතුරක්.. පොලිතීන් මුද‍්‍රාවේ පාට මාරු කරයි…”

  1. MD says:

    වහාම වතුර දෙන විධියට ගැස් දෙන ක්‍රමයක් හදාගන්න.ස්තූතියි

  2. sd says:

    අශ්වයා පැන ගිය ගිය පසු ඉස්තාලය වසයි. දැන් ප්‍රමිතිය සොයයි…
    නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් සඳහා දඬුවම මොකද්ද “

  3. සවාධීන says:

    ඵතකොට ගෑස් වල ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් මොකටද වර්න මාරු කරන්නේ?

  4. iranga says:

    Why not recall deflective lots???

  5. සීල් says:

    ගෙදර දැනටමත් පාවිච්චි කරන ගෑස් සිලින්ඩරයේ සීල් ඒකේ පාට මාරු කරන්නේ කොහොමද? ඒකෙත් ඉවත් කර සුද්ද නොකළ සීල් තුන් හතරක් විතර තියෙනවා. ගෑස් ඉවර වෙන්න කලින් මාරු කරන්න විදියක් සකස් කරන්න.

  6. මා​ල​න් says:

    හිසරදේට කොට්ටේ මාරු කළා වගේ නේද? පිපිරෙන්නේ ලිපට ගහලා තියන ගෑස් නෙවේයි ද? ලිපට ගහන්න කලින් සීල් කඩනවා නේද?

Main News