ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කරන්න යෝජනා කෙරේ..

October 16, 2018 at 6:28 am | lanka C news
ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කරන්න යෝජනා කෙරේ..

කිලෝ ග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක් අවම වශයෙන් රුපියල් 300කින් නැවත වතාවක් මිල වැඩිකළ යුතුව ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වෑගපිටිය මහතා පවසයි.

ඩොලරය හමුවේ රුපියල පිරිහීම නිසා සහ ලෝක වෙලදපලේ බොරතෙල් මිල විශාල ලෙස ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිලද ඉහළ නැංවිය යුතු බව ඔහු සඳහන් කරයි.

සය මසකට වරක් සමාගම විසින් සිදුකරන මිල ගැලපීමට අදාලව ගෑස් මිල ඉහළ නැංවිය යුතු ප‍්‍රමාණය දැනටමත් පාර්බෝගික සේවා අධිකරියට දන්වා ඇති බවද සභාපතිවරයා කියයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මත මෙරට ගෑස් මිලද වෙනස් විය යුතු යැයි ඔහු වැඩි දුරටත් කියා සිටී.

76 views

One Comment to “ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කරන්න යෝජනා කෙරේ..”

  1. Kandy says:

    ආර්තික අර්බුදයට බොරැ විසදුම් ඉදිරිපත් කරන්න එපා.
    විදේශ ණය ගෙවීම වහාම නවතා දැමීම හැර වෙන කිසිදු විසදුමක් නැත.වංචාසහගතව හා විනිවිදභාවයෙන් තොරව මේ ණය ගනුදෙනු බොහෝමයක් සිදු වී ඇති නිසා ඒවා නීත්‍යානුකූල නොවේ.මේ ණය ගෙවීම නවතා දැමීමට ශ්‍රී ලංකාවේ ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇත.
    මේ අවස්තාවේ තව දුරටත් ණය ගෙවන්නෝ ජාතියේ අලුගෝසුවන් බව කිව යුුතුය.

Main News