ගෑස් නැතිව දර සොයා කැලේට ගිය අයෙකුට වලසුන් දෙදෙනෙකුගේ ප්‍රහාරයෙන් බරපතලයි…

June 19, 2022 at 8:40 am | lanka C news
ගෑස් නැතිව දර සොයා කැලේට ගිය අයෙකුට වලසුන් දෙදෙනෙකුගේ ප්‍රහාරයෙන් බරපතලයි…

කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකට දර සෙවීම සඳහා ගිය පුද්ගලයෙකුට ඊයේ (18) දින එල්ලවූ වලස් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා රෝහලගත කොට ඇතිය කිලිනොච්චිය පොලීසිය පවසයි.

ප්‍රදේශයේ පවතින ගෑස් හිගය හේතුවෙන් දර සෙවීම සඳහා කොකාවිල් ප්‍රදේශයේ පිහිටි යුදහමුදා කඳවුරක් ආසන්නයේ පිහිටි කැලෑවට ගොස් ඇති අතර එහිදී එකවරම කැලෑවේ සිටි වලසුන් දෙදෙනෙකු පන්නාගෙන අවුත් පහරදී ඇත.

අනතුරුව එම පුද්ගලයා සතුව තිබූ පොරවෙන් වලසුන් දෙදෙනාට පහරදී දිවි බේරාගත්තද වලස් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඉතා අසීරුවෙන් නිවසට පැමිණීමෙන් පසුව කිලිනොච්චිය රෝහලට ඇතුලත් කරනු ලැබීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහලට මාරු කොට යැවීය.

මෙලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ මුරිකණ්ඩි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සිවපාල ක්‍රිෂ්ණන් නැමති සිව්දරු පියෙකු බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,648 views

4 Comments to “ගෑස් නැතිව දර සොයා කැලේට ගිය අයෙකුට වලසුන් දෙදෙනෙකුගේ ප්‍රහාරයෙන් බරපතලයි…”

  1. Thushari says:

    වලස්සු මරලා හම ගන්න බලාගෙන කීදෙනෙක් ඇද්ද

  2. Ranjanee says:

    වලසුන්ව දැකපු ගමන් ගහකට නගින්න ඕනේ කියල මේ මිනිහා දන්නේ නැද්ද?

  3. gamaya says:

    මේ 223 ගිහින් ඔය කැලේට දාපල්ලා ඉවරයක් වෙන්න.

  4. බන්කොලොත් ටොයියා says:

    මේ නිව්ස් එකේ හැටියට තව ටික දවසකින් එනව බලන්න..ගෑස් නැති නිසා ලොරියත් අරන් කැලේට ගියා දරට ගන්න ගස් දහයක් පහලොවක් කපාගෙන යන්න..ගෑස් නැති නිසා කැලේ මැද්දෙ මැණික් පතලක් කපන්න, ගෑස් නැති නිසා ගන්ජා හේනක් වවන්න …වගේ දේවලුත්..

Main News