ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..

May 26, 2022 at 3:50 pm | lanka C news
ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..

ලිත්‍රො ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ලිත්‍රො සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා පැමිණියත් එම නැවට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වීම නිසා එය ඉන්දියාව බලා යාත්‍රා කර ඇත.

ඒ අනුව එම නැව යලි කොළඹ වරායට පැමිණ ගෑස් ගොඩබෑමට අමතර දින තුනක පමණ කාලයක් ප්‍රමාද වනු ඇතැයි සමාගම කියා සිටී.

55,841 views

7 Comments to “ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..”

  1. Sam says:

    රවටියල්ල මුන්ගේ බොරු වලට සහ මුන්ගේ නූගත් නිව්ස් වලට.

    • Kasun Perera says:

      බයියෝ දියවෙලා යන නිසා දැන් කාගෙන්ද උබ 5000 ඉල්ල ගන්නෙ😂😂😂😂😂

      • Prageeth Rupasinghe says:

        පව් බං… රිද්දන්න එපා ඕම ඕම…
        ප්‍රයෝජනයක් නැති වුනත් උන්ඩුකපුච්චේ තාම තියනවා වගේ බං ගොයියොත් තාම ඉන්නවා

  2. සංජිත් says:

    යකෝ නැව් වලට, ගුවන් යානා වලට දෙන්න තෙල් සංචිත ඇති කරගන්න බැරි කළමණාකරුවරු ලේකම් ලා මොකටද රෙන්ට බර උනාම කකුස්සි හොයන

  3. පඩිපාලක says:

    පාපතර හැත්ත, ‌ලැබෙන්න තියන ඩොලර් සොච්චමටත් තට්ටු කරනවා නිවැරදි තීරණ නැතිව. ඔන්න ඔහොමයි රජයේ සේවයේ පරිපාලනය

  4. Sarath says:

    ඇත්තටම මුළු ලංකාවේම ඉන්න පාලක පැලින්තියම කළමනාකරණය කරන්න දන්නේමනැද්ද? ඕව පාලනය කරන්නේ ඕවගේ තීරණ ගන්නේ උපාධිදාරී රාජ්‍ය පරිපාලන කඩඉම් විභාගය පස්කෙරුව “SLAS” නිලධාරීන් නේද?
    ඉතින් ඇයි මේවගේ අවස්ථාවකදී වත් ලංකාවට ඩොලර් වලින් අදායමක් ලැබෙන මේ ගුවන්යානා සහ නැව් වලට ඉන්දන අළවි කරන එක නොනවත්වා පවත්වනන්න තරම් අදක්ෂ පරිපාලකයින්ට ජනතා මුදලින් වැටුප් ගෙවන්නේ. ජනතාවට පව් නොදී කරන්න බැරිනම් ගෙදර නවතින්න.
    හම්බන්තොට වරායෙන් දෙවුන්දර ලගින් යන නැවුවලට ඉන්දන විකුනලා විතරක් ලංකාවට ලොකු ඩොලර් අදායමක් ලබාගන්න පුළුවන්වන් .

  5. Jayarathna says:

    තෙල් නැතුව නැව් ඇදගෙන ගියා ද ඉන්දියාවට?

Main News