ගෑස් නිධි වෙන්දේසිය මාර්තුවේ…

November 3, 2021 at 8:02 am | lanka C news
ගෑස් නිධි වෙන්දේසිය මාර්තුවේ…

“ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය” සමාරම්භක උත්සවය බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් 01 වෙනි දින කොළඹ ජනාධිපති මාවතේ සෙලින්කෝ මන්දිරයේ පිහිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ දී පැවැත්විණි.

2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත මගින් පිහිටුවණු ලැබූ නව අධිකාරිය මගින්,

1.උද්ගාමී ඛනිජතෙල් කර්මාන්තය පිළිබද ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, ප්‍රතිපත්ති උපදේශක කමිටුව වෙත නිර්දේශ සිදු කිරීම.
2. 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම.
3. පනතේ විධිවිධාන සලස්වා ඇති ආකාරයෙන් ශ්‍රී ලංකාවේ උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තයට සම්බන්ධ සියලු නියාමන කර්තව්‍යයන් ඉටු කිරීම.

සිදු කරණු ලැබේ.

අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ඛනිජ තෙල් කර්මාන්තයේ විශේෂඥයෙකු වන සාලිය වික්‍රමසූරිය මහතා කටයුතු කරන අතර ඛනිජ තෙල් කර්මාන්ත ශ්‍රේත්‍රයේ ප්‍රවීනයෙකු වන සුරත් ඕවිටිගම මහතා මෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කරයි.

ජනාධිපති නීතිඥ ඩබ්ලිව් ජේ ෂවින්ද්‍ර ප්‍රනාන්දු, ආචාර්ය එන් පී විජයානන්ද, ජේ.ආර්.යූ ද සිල්වා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ට්ආරච්චි, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර, යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික සාමිකාවන් වේ. මීට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයෙක්ද අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුලත්වීමට නියමිතය.

එහිදී උත්සව සභාව අමතමින් බලශක්ති අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ අද දවස අනාගතයේ යම් දිනක ඉතිහාසයේ රන් පිටුවකින් ලියවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කළ හැකි ආයතනයක් විදියටයි ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය අපි දකින්නේ. විශේෂයෙන්ම මෙම මොහොතේ විදේශ විනිමය හිඟයකට බරපතළ විදියට මුහුණ දීලා ණය බරින් මිරිකිලා ඉන්න ශ්‍රී ලංකාවට අනාගතයේ අපි ගැන තිබෙන එකම බලාපොරොත්තුව විදිහට අද බිහිවෙන මෙම අධිකාරිය අපිට හදුන්වන්න පුලුවන්.

විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි බොහෝ බලාපොරොත්තු තියාගෙන තෙල් සොයාගත් අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් වල තෙල් සම්පත ලැබුණත් ගෑස් සම්පත ලැබුණත් හැබැයි ධනවත් වුණේ රට නෙවෙයි දේශපාලකයින් සහ නිලධාරීන් පමණයි. ඒ අප්‍රිකාවට සහ ලතින් ඇමරිකාවට අත්වුණු ඉරණම ශ්‍රී ලංකාවට අත් නොවෙන්න නම් අපි මේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවා අමාත්‍යවරයා සතුව තිබුණු නියාමන බලතල මේ අධිකාරියට බාර දුන්නේ මේ තුළින් වෘත්තීය මට්ටමින් ස්වාධීනත්වයකින් මේ නියාමන කටයුතු සිදු කරලා එක් එක් තනි පුද්ගලයින් ධනවතුන් වෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ලංකාව ධනවත් රටක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගන්න. මේ ආයතනය අධ්‍යක්ෂවරු පත් කිරීම සම්බන්ධයෙන් තියෙන ක්‍රියාපටිපාටියේ දී ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් සුවිශේෂී ක්‍රමවේදයක් අපි අනුගමනය කරලා තියෙනවා.

මුල්ම කාරණය තමයි ඇමතිවරයාට තමන්ට ඕන විදිහට අධ්‍යක්ෂකවරු පත් කරන්න බැහැ. අධ්‍යක්ෂකවරුන්ට තිබිය යුතු සුදුසුකම් ගැසට් මගින් නියෝගයක් විදියට ප්‍රසිද්ධ කරන්න ඕන. අපි ඒ නියෝගය ගැසට් මගින් ප්‍රකාශ කළා. ඔක්තෝම්බර් මාසයේ 8 වෙනිදා

ඊට පස්සේ ඇමතිවරයා තෝරාගන්න පුද්ගලයන්ට ඒ අවම සුදුසුකම් තිබෙන බවට සහතික කරගන්න ප්‍රසිද්ද කරපු සුදුසුකම් සහ පත් කරන්න යන පුද්ගලයන්ගේ ජීව දත්ත සටහන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ නම් වලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ඕන.

මෙවැනි ක්‍රියාදාමයක් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කර ගැනීම වෙනුවෙන් තියෙන්නේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ පමණමයි. අපි ඒ දේ කළේ මේ ආයතනට ලැබිය යුතු වූ ස්වාධීනත්වය සහ වෘත්තිය පසුබිම ලබාදෙන්න. සාමාන්‍යයෙන් අධිකාරියක අධ්‍යක්ෂවරු පත් කිරීමේ දී සිදුවන ඇමතිතුමාගේ පාක්ෂිකයන් ඥාතීන් හිත මිතුරන් කිසිවක් මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නැහැ. මේ සිටින්නේ මේ විෂයට අදාළ පුද්ගලයන් පමණමයි.

ඒ වගේම අපේ සභාපති තනතුරට පත් කළේය කීර්තිමත් ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඉංජිනේරුවකු වන සාලිය වික්‍රමසූරිය මැතිතුමන්. අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කළේ මේ ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් තිබෙන සුරත් ඕවිටිගම මැතිතුමන්. ඒ වගේම අනෙකුත් සාමාජිකයන් විදිහට මං පත් කරල තියෙන්නෙ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමාන් භූ විද්‍යාඥ ආචාර්ය එම් පී විජයානන්ද මැතිතුමන් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් තිබෙන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයෙ සභාපතිතුමාන්. අනෙකුත් නිලධාරීන් පස් දෙනාම තමන්ගේ තනතුරේ නිල බලයෙන් තමයි මේ ආයතනයට පත්වෙලා තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගොඩ ගැනීමට බාධාවන් බවට පත්වෙලා තිබුණු බාධාවන් ගණනාවක් පසුගිය වසරක් පුරා අපි ඉවත් කළා. අපි වෘත්තීය මට්ටමෙ නිලධාරීන්ව ආයතනයට හඳුන්වා දුන්නා. දෙවනුව අපි ගෑස් ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. දැවැන්ත බිම් කැබලි විස්සකට තිබුණු භූමිය අපි කුඩා බිම් කැබලි අටසිය හැත්තෑ තුනකට පරිවර්තනය කළා. ඒ වගේම අවශ්‍ය නියාමන පසුබිම කරන්න අවශ්‍ය පනත සම්මත කළා. අද දිනයේ අපි අධිකාරිය පිහිටුවලා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළ. දැන් මේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණා.

දැන් තියෙන්නෙ ඉතිං ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණයි. ඒ වගකීම මේ අධිකාරියට බාරයි. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය වන විට දැනට ගෑස් නිධි නිශ්චිතවම හදුනාගෙන තිබෙන M2 කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කරලා සුදුසු ආයෝජකයෙක් ඒ සඳහා සොයා ගැනීමට. එය 2022 මාර්තු මාසය වන විට ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකරමින් පවතිනවා. ඒ වගේම අනෙකුත් බිම් කොටස් සම්බන්ධයෙන් අපි දැනට ඒකාබද්ධ ගවේෂණයන් කරන්න අවශ්‍ය සමාගම් වලට අවශ්‍ය දත්ත සපයමින් ඒකාබද්ධ ගවේෂණයන් සිදු කිරීම ආරම්භ කරලා තියෙනවා. අපිට වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ දැනට මන්නාරම් ද්‍රෝණිය ට පමණයි. ඒකට හේතුව අපිට විදිමත් නිශ්චිත දත්ත තියෙන්නේ මන්නාරම් ද්‍රෝණිය ට පමණයි. නමුත් මෑතකදී අපි ඇමරිකාවේ Bell Geospace සමාගම සමග එකතුවෙලා ගුවනින් කාවේරි ද්‍රෝණිය දත්ත රැස් කිරීම සිදු කළා. අධ්‍යක්ෂ ජනරාල්තුමා දැනුම් දුන්නා තවත් මාසයකින් විතර පමණ අපිට ඒ සම්බන්ධ වාර්තාව ලැබේවි කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා නිශ්චිතව කාවේරි ද්‍රෝණියට උනන්දුවක් දක්වන ආයෝජකයින් සොයාගන්න.

ඒ වගේම මතක් කරන්න ඕන මේ කාර්යය අපිට සිදු කරන්න සිදුවෙලා තියෙන්නේ දැවැන්ත අභියෝග ගණනාවක් මැද.

මේ මොහොතේත් එක්සත් රාජධානියේ පැවැත්වෙනවා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව. ඒ සමුළුවේදී 2022 න් පසු අලුතින් තෙල් පිරිපහදු ආරම්භ නොකිරීමේ වැනි ඛනිජ තෙල් ක්ෂේත්‍රයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා තමයි මේ දිනවල ලෝකයේ සිද්ධවෙන්නේ. ශ්‍රී ලංකාව පරක්කුයි කියන්නේ හොඳටෝම පරක්කුයි. ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ගවේෂණයට සහ, කෑනිමට ඉදිරිපත් වන්නේ ලෝකයකයි තෙල් වලට සමු දෙමින් සිටින මොහොතකයි. ඒ නිසා අලුත් රටකට ආයෝජකයන් ගෙන්වා ගැනීම අතිශයින් ම අභියෝගාත්මක දෙයක් බවට පත්වෙලා තිබෙනවා.

දෙවැනි කාරණය මේ මොහොතේ ලෝකයේ පවතින කොවිඩ් වසංගතය හමුවේ සමස්ත ලෝකයම දැවැන්ත පසුබෑමකට ලක් වෙලා තිබෙන්නේ ඒ නිසාම බොහෝ සමාගම් අලාභ ලබන තත්ත්වයට පත්වෙලා. මේ සමාගම්වලට තමන්ට ආයෝජනය කිරීමට ප්‍රමාණවත් අර මුදල් නොමැති දුෂ්කරතාවයකට මුහුණ දීලා තියෙනවා. ඒකත් ආයෝජකයෙක් සොයා ගැනීමට අපිට තිබෙන අභියෝගයක්.

තුන්වෙනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ලෝකය ඉදිරියේ තියෙන්නේ ඉතාමත් අඳුරු චිත්‍රයක්. ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල ඉතාම දුර්වල මට්ටමක ඉන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින දුර්වලතා අපිට ආයෝජකයෙක් සොයා ගැනීමට අභියෝගයක්.

අපි කැමති අභියෝගයන්ට අභියෝගයක් වෙලා ඉදිරියට යන්න අරීසෙන් අහුබුදු ශූරීන්ගේ ලංකා ලංකා කියන ගීතය කියනවා බාධාවන් හට බාධාවන් ගෙන දී පෙරටම යමු ලංකා කියලා. ඉතින් අපි ඒ බාධාවන් සියල්ල ජයග්‍රහණය කරගෙන සමස්ත ජාතියේම සිහිනය බවට පත්වෙලා තිබෙන ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගොඩ ගැනීමට අපි සූදානම් කියන පණිවිඩය අපි සමස්ත ජාතියටම ලබා දෙනවා.

මෙහිදී අදහස් දැකුවූ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා

ඇමතිතුමා කෙටියෙන්ම පැහැදිලි කරලා දුන්නා මේ අධිකාරිය ඇති කළේ ඇයි කියලා. මම කියන්න කැමති ඇමතිතුමා නොකියපු කතාවක්. මේ යුගයට ගැළපෙන හා ඉලක්කයට ගැලපෙන ස්වාධීන නියාමන ඒකකයක් අවශ්‍ය බව තීරණය කරලා අපි කොච්චර කාලයක් සටන් කලාද මෙවැනි තැනකට එන්න. ඇමතිවරු කිහිපදෙනෙක් මීට කලින් මෙතනට අපිව ගෙනඑන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නෑ. ඇමතිතුමා මාස 12 කින් 13කින් ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවල ,අපේ දැනට පවතින යුගයට ගැලපෙන නීති රාමුවක් සකස් කරලා, ප්‍රතිපත්ති රාමු සකස් කරල, ලෝකයේ වෘත්තීය හැකියාවන් තියෙන අයව පත්කරගෙන දැන් අපිට ලොකු වගකීමක් භාර දීල තියෙනවා ඉදිරියට යන්න.

ඒ වගකීම ගැන කතා කරනවා නම් විශේෂයෙන් ප්‍රධාන වගකීම් තුනක් තියෙනවා. එකක් සමාජ වගකීම, අනිත් එක පරිසර වගකීම.තුන්වෙනි එක ආර්ථික වගකීම.

මේ හැම දෙයක්ම මේ ආයතනයෙන් ඉටුවන කාර්යභාරයන් සහ ව්‍යාපෘති. අපි ඒවට වග කියනවා. ආර්ථික වශයෙන් ලංකාවට යහපතක් වෙනවා කියලා අධ්‍යයනය කරලා තමයි මේ දේවල් අපි පටන් ගන්න උත්සාහ කරන්නේ. ඇයි අපි මේ අවස්ථාවේදී පුනර්ජනණීය බලශක්ති වලට අනිත් රටවල් පෙළඹෙන විට ලංකාව අලුත් ගමනක් පටන් ගන්නෙ තමන්ගෙම ඛනිජ සම්පත් නිෂ්පාදනයට ලක්කරන්න.

ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. ලෝකයේ ගමන යන්නේ පුනර්ජනනීය බලශක්ති වලට .ඒ උනාට අපේ ලංකාවට තෙල්,ගෑස් හා වෙනත් ඛනිජ ද්‍රව්‍ය ආනයනය කරන තාක් අපිට සිද්ධ වෙනවා මේ ද්‍රව්‍ය ආනයනය කරන්න.අපිට අවශ්‍යතාවයක් තියෙනවා ආනයනයට අමතරව විකල්පයක් හැටියට අපේම ඛනිජ ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා භාවිතාවට ලක්කරන්න. ඒක තමයි අපේ ඉලක්කය

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාව සදහා එක්විය.

– media unit

33,209 views

21 Comments to “ගෑස් නිධි වෙන්දේසිය මාර්තුවේ…”

  1. mohommad says:

    රට වෙනුවෙන් අපිත් ඔබ සමග..

  2. gamana says:

    ඔබ වැනි සාධාරණ අවංක මිනිසුන් අපේ රටේ දේශපාලනයට උවමනාම මොහොතක්….

  3. 3% ට බය බයියා. says:

    ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණන කොට පොහොට්ටුවේ හොර දේශප්‍රේමී දේශපාලකයන් නිදි.ඒවා විකිණීම නතර කිරිමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

    • NuwanJ says:

      ඔය කියන දේශප්‍රේමියා හම්බන්තොට වරාය අවු 180 කට තෙල් ටැංකිටික ඉන්දියාවට
      විකුණනකොට බුදිය ගත්ත?

    • Saradiel says:

      ජේවිපි ය චන්ද්‍රිකාට රනිල්ට හේත්තු වෙලා දේශපාලන කන්‍යාභාවය නැතිකරගත්තා

    • sunimal says:

      ආගම් අබිං කියාපු නර පනුවෝ ජේ වී පි.

  4. Chamara says:

    Sure එකටම කියන්නම් මාර්තු වෙනකොට මේ සම්බන්දව කිසිම දෙයක් වෙන්නෙ නැහැ

  5. Manel says:

    Peratama yamu Lanka!!! Wish you all good luck.

  6. LalithM says:

    මේව වෙන්දේසියට ගිය ගමන් ඩොලර් බිලියන වලින්ම ජරාව සංසරණය පටන්ගන්නවා. අන්තිමට අප්‍රිකානු තෙල් සම්පත කොල්ලකෑමට වඩා වේගයෙන් අපේ රට කනවා නිසැකයි. මේ රජය යටතේ කිසිම දේශීය සම්පතක් රටේ යහපත පිණිස ගන්න දෙන්නේ නෑ. මහා කොල්ලකෑමක් නිසැකයි…. සුදු පිරුවටය යට සිට කරන මහා සම්පත් කොල්ලය…

  7. Athula says:

    වක්කඩේ හකුරු හැන්ගුවට වැඩක් නැහැ.. මේ හොර පවුලක් රටක් කොල්ල කන විදිහට මොනවා ලැබුනත් රටට නොලැබේ… තක්කඩි

  8. Sanka says:

    සක්කිලි ඇමරිකන්කාර ඇමතිය මේකට කෙල හලාගෙන ඉන්නේ. ඕකා ගම්මන්පිල අයින් කරනවා ෂුවර් එකට.

    ඕකගේ වටේ ඉන්නවා ඌ වගේම O/L ෆෙල් වෙච්ච උන් ටිකක්. උන් ටික දාලා දැන් උපරිමයෙන් ගහයි.

Main News