ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක්… ජනාධිපතිගෙන් රහසිගත විමර්ශනයක්…
January 7, 2022 at 3:13 am | lanka C news
‘ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකරනවා. විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට 06 වන අද දින සහභාගි වෙමිනි.
අපි මේ අලුත් අවුරුද්ද ධනාත්මකව හිතලා ඉදිරියට යන්න ඕන. කොවිඩ් වසංගතය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. විදේශ සංචිත අඩු වෙලා තිබෙනවා. එම නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා. ගෑස් වල ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ගෑස් පිපිරීම් වාර්තා වෙනවා. මේ ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙනවා. කොළඹ හතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. උතුරු පලාතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. නුවර කුරුණෑගල ගෑස් පිරෙන්නේ නැහැ. එනිසා මේ ගෑස් පිපිරීම් ගැන අපි විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමා මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකරනවා. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙනවා . රටේ ජනතාව අතර මේ වන විට කුතුහලයක් ඇති වී තිබෙනවා මේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන්. ජනතාව මේ වන විට ගෑස් පරිභෝජනය සම්බන්ධයෙන් බිය වී තිබෙනවා. මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසඳුම් ලැබෙනු ඇති බවට මම විශ්වාස කරනවා .
මේ කොවිඩ් වසංගතයෙන් වැඩියෙන්ම බැට කෑවේ පාසල් දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. ඔවුන්ට තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට තිබුණු අවස්ථා මග හැරුණා. ඔවුන් පීඩනයට පත්වුණා. ඉදිරියේදී මේ කොවිඩ් වසංගතයෙන් අපිට ගොඩ ඒමට පුළුවන් වෙතැයි මා විශ්වාස කරනවා.
පසුගිය කාලේ ගුරු මහත්ම මහත්මීන් ආණ්ඩුවට බල කළා ඔවුන්ගේ ගැටලුව විසඳන්න කියලා. අපි මේ වන විට ගුරු මහත්ම මහත්මීන්ගේ ගැටලුව විසඳා අවසන් කර තිබෙනවා. ආණ්ඩුව මේ ගැටලුව විසදන්න හදද්දි විවිධ දේශපාලන පක්ෂවල අය මොවුන්ව උද්ඝෝෂණ වලට උසිගැන්නුවා. අපේ ගෞරවනීය ගුරුවරුන්ගෙන් සමහර අයව පාරට බැස්සුවා. මෙවර අයවැයෙන් ගුරුවරුන්ගේ ගැටලුව විසදන්න මුදල් වෙන් කළා. පක්ෂයටත් විරුද්ධව අයවැයේදී ඡන්දය පාවිච්චි කළා. ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියපු අය ගුරුවරුන්ට වෙන් කළ මුදල වත් අනුමත කළේ නැහැ.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
Dan kiyapan wedaberi tasan meka JVP, Sajaba, JJB, karapu ekak kiyala. Umbalata ona monawahari karala unta labena chande nawaththanda. Ewa summa m yala mathaka thiyaganilla pahara haththa. Thopi karapu aparada walata return eka enda bohoma langai. Ethakan thawa uda panapalla.
මොන හරකෙක් ද බන් මු ? නුවර , කුරුනගල gas පුපුරන්නෙ ne.. නුවර යකො එක අම්මා කෙනෙක් මරිලත් ඉවරයි..
රහසිගතව කරන දෙයක් පත්තරේට කිව්වාම ඒක බොරුවක් කියලා නිකම්ම ඔප්පු වෙනවා.. ආයෙත් මිනිස්සු රවට්ටන්න නං නාලා වරෙල්ලා… අට පාස් මකබාස් ලගේ ඔය ගේම් ඔක්කොම අපි පාස්…
නියම ගේම් තියෙන්නේ අති උගතුන්ගේ බං
එක කමිටුවක් දාලා එකක් හෙව්වා. හොයගෙන හන්ග ගත්තා. දැන් තව කමිටුවක් දානවා. මුන්ට ලැජ්ජා නැද්ද අපිට ලැජ්ජා නැද්ද?
බොලා ගුරුවරුන්ගේ ප්‍රශ්නේ විසදපු හැටි අපිට හොදට මතකයි.කරන්න පුලුවන් ඔක්කොම මජර වැඩ ගුරුවරුන්ට කරලා දැන් එනවා බබා පාට් දාන්න. එයාලගේ එකමුතුව නිසා අන්තිමට ඔහේලට කරකියා ගන්න දෙයක් නැතිවුණා.අනික ගෑස් පුපුරවලා විනාස වෙච්ච ජීවිතවල සාපෙ ලගදිම ඔබට ලැබෙයි