ගෑස් පිපිරී හානි වූ සියළු දෙනාට නීති සහාය නොමිලේ..
January 19, 2022 at 2:05 am | lanka C news
ආණ්ඩුවට මනුස්සකමක නාමයක්වත් නැති බවත්,එහෙම සංවේදීකමක් තිබෙනවානම් මෙලෙස අසංවේදී ලෙස නොහැසිරෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ගෑස් පිපිරීම් වලින් ජීවිත හානි සහ වින්දිතයින් බවට පත්වූ පිරිස් (18)විපක්ෂ නායකතුමා මුණගැසුනු අවස්ථාවේදී ය.
අදාල පිපිරීම්වලින් මියගිය සහ විපතට පත් වූවන්ගේ පවුල් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් ද විපක්ෂ නායකතුමා විසින් සිදුකරනු ලැබීය.
රට පුරා සිදුවී ඇති ගෑස් පිපිරීම් හේතුවෙන් ජීවිත රැසක් අහිමිවී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල වී ඇති බවත් ඒ මහතා පැවසීය.
ගෑස් පුපුරන මට්ටමට රට පත්කළ සියලු වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම පැවසීය.
ගෑස් පිපිරීමෙන් හානි වූ සියලු දෙනා වෙනුවෙන් සමගි ජනබලවේගයේ නීතිඥ සහය නොමිලේ ලබාදෙන බවද,අනාගත සමගි ජනබලවේගයේ රජයක් යටතේ පාරිභෝගික අයිතීන් රකින නීති ගෙනෙන බවද, ඒ මහතා පැවසීය.
– media unit
Great, respect ✊
පලයන් මෝඩ මූසලය උබට ජනපති වෙන්න බෑ. අපි වෙන්න දෙන්නෙත් නෑ.
මූ බොරදියේ මාලුබානවා. මෙදානම් උඹලට බාන්න මාලු නැති වෙයි
බොරදියටම තමයි මේ මනුස්සයා කැමති.ඕවා සසරේ පුරුදු තමා
Will resort to ANYTHING to get votes…
හොඳ වෙලාවට ගෑස් පිපිරැවේ, නේ බං ගොං පැටියෝ.
pad එක දැන් මේ මෝඩයාට අමතක වෙලා වගේ.