ගෑස් පුපුරන්නේ ඩොලර් නැතිනිසා බියුටේන් අඩු කිරීමෙන්..

December 3, 2021 at 1:20 pm | lanka C news
ගෑස් පුපුරන්නේ ඩොලර් නැතිනිසා බියුටේන් අඩු කිරීමෙන්..

ගෘහස්ථ ගෑස් සිලින්ඩර රටපුරා අනතුරුවලට ලක්වීමේ ප්‍රධාන හේතුවක් වන්නේ ගෑස් සංයුතිය බියුටේන් ප්‍රමාණය අඩු කිරීම නිසා විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

විදේශ සංචිත හිගකම නිසා බියුටේන් ප්‍රමාණය අඩු කිරීම සිදුකර ඇති බවද ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් සමග ඊයේ පැවති සාකච්ඡාවක් අතරවාරයේදීය.

අද වන විට රජය මුහුණ දී සිටින දරුණු විදේශ මුදල් හිඟය හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් වලට සාපේක්ෂව බියුටේන් ප්‍රමාණය අඩු කිරීම රටපුරා ගෑස් ගිනි ගැනීම් වලට හේතු විය හැකි බවට ඊට සම්බන්ධ විශේෂඥයන් පවා ප්‍රකාශ කර ඇතැයි ද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

බියුටේන් ප්‍රතිශතය අඩු අඩු කර එය පූර්ව පරීක්ෂාවකින් තොරව වෙළඳපොළට මුදාහැරියේ නම් ප්‍රබල වරදක් බවද වික්‍රමසිංහ මහතා තවදුරටත් එහිදී පැවසීය.

33,938 views

18 Comments to “ගෑස් පුපුරන්නේ ඩොලර් නැතිනිසා බියුටේන් අඩු කිරීමෙන්..”

  1. tintin says:

    වරදක් වුනා කිව්වට කාටවත් දඩුවමක් නැහැ. වරදක් කලත් සිතකින් නොවේ කිය කියා මිනිස්සුන්ට වෙන මාරක අනතුරු දිහා බලා සිටිනවා. ආණ්ඩුව පුද්ගලික සමාගම් වලට ඉඩදීලා අනතුරු වෙන මිනිස්සුන්ටම වදර පටවන්න උත්සහ ගන්නවා.

  2. Amda says:

    තාත්තෙ මේ, බැසිල් මාමගෙ මොළේ තමයි මොළේ නේද තාත්තෙ.

    • daya says:

      ඊට එහා මොලේ මෙයා පුතේ. ඇයි අපි එක ගෙදරනේ හිටියේ. හාහ් හඃ හාහ්

    • JUDE says:

      87/89 අසරණ තරුණ තරුණියන් දහස් ගණනක් ඝාතනය කල බටලන්දේ වාදකයා රනිල් වූ ,මහා බැංකු මගඩියේ මහා හොරා මොනවාද මේ කියවන්නේ ,,රටේ ජනතාවගේ සොරාගත් මුදල් ගෙවපන් ,ජන්දෙදි අන්ත පරාජය ලබලා ජනතාව දේශපාලනයෙන් නෙරපා දමලත් මේ පුද්ගලයා ලැජ්ජා නැතුව පාර්ලිමේන්තුවටත් ආවනේ ..මොහු සිටිය යුත්තේ සිරගෙදර ,අපරාදේ මොහුට කඩේ ගිහින් රන්ජන් සිරගෙදර දුක් විදිනවා

    • LION says:

      ගෑස් වල ප්‍රමිතිය අඩුකර තියෙන්නේ රටේ කැලා එලිකිරීමට අවශ්‍ය නිසා ..ගස් දරට අරන් ඉඩම් විදේශිකයින්ට වෙන්දේසි කිරීමට ..MCC කළු තරුවට පායන්න ඇමරිකානු සමාගම් වලට අවශ්‍ය ඉඩම් දීම තමයි යටි අරමුණ

    • dev says:

      tawath gon kathawak

    • ඇම්ඩා පිතූ says:

      මෙහෙමයි පුතේ. මොළ හතක් කිව්වට එක මොළයක පරිමාව වැදගත්. දැන් එක මොළයක් කඩල ඇටයක තරම් කියමුකෝ. එහෙම වුණහම අර මොළ හතම එකතු කළත් අග්ගලාවක් තරම් වත් වෙන්නේ නැහැ. එහෙම වුණහම තමයි පුතාගේ මොළයට තේරෙන දේවල්වත් අර හතටමවත් තේරෙන්නේ නැත්තේ.

      අනික තමයි පුතේ කඩල ඇට හතේ අග්ගලා මොළය මහ ලොකු එකක් කියලා පේන්නේ, හිතන්නේ, රැවටෙන්නේ ඊට අඩු කඩල හයේ, පහේ… එකේ මොළ වලට තමයි.

  3. Boo says:

    බියුටේන් කියන්නෙ මොනවද කියලවත් දන්නෙනැතුව ඇති. කවුරැහරි කියලා දීපු එකක් ඔහේ කියවනවා රට කාපු පට්ට හොරා.

  4. Romanis says:

    Saudi Aramco set its November propane Contract Price at $870/mt, up $70/mt from the October CP, and the butane CP at $830/mt, $35/mt above October, the company said Oct. 31.

    කොම්පැනිය අතින් පාඩු කරගෙන ගණන් වැඩි ගස් එක වැඩි කරාවිද?

    • harsha says:

      පසුගිය කාලේ ලීටර් 18 සිලින්ඩරයක් හඳුන්වා දුන්නා. ප්‍රොපේන්වල අණුක ස්කන්ධය බියුටේන්වලට වඩා අඩු නිසා ලීටර්වලින් ගත්තොත් ප්‍රොපේන් ලාභයි. ඒ සිලින්ඩර්වලට කිලෝ 12.5 වෙන්න ගෑස් පුරවලා එව්වා වෙන්න පුළුවන්.

  5. On The Spot says:

    බියුටේන් ප්‍රතිශතය අඩු අඩු කර එය පූර්ව පරීක්‍ෂාවකින් තොරව වෙළඳපොළට මුදාහැරියේ නම් ප්‍රබල වරදක් බවද වික්‍රමසිංහ මහතා තවදුරටත් එහිදී පැවසීය. හරියටම හරි එය ප්‍රබල වරදක්.අනිවාරයෙන්ම දඬුවම් දිය යුතුයි.දඬුවම් දේවිද කියා බලා සිටිමු.

  6. John the baptice says:

    එක් අවස්ථාවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කතා කරද්දී ‘හොරා හොරා’ යයි ඒකාබද්ද විපක්‍ෂයෙන් මහත් හඬක් නැගින. ඊට පිලිතුරු ලෙස අගමැතිවරයා ‘මට හොරා කිවුවට හොරු ඉන්නේ ඒ පැත්තෙනෙ’ යයි කියා සිටියේය.

  7. Saradiel says:

    ‘හොරා හොරා-රනිල් හොරා…මහ බැංකුව-කඩපු හොරා’

  8. නාමල් ge Gas eka says:

    බියුටේන් කියන්නෙ මොනවද කියලවත් දන්නෙනැතුව ඇති. කවුරැහරි කියලා දීපු එකක් ඔහේ කියවනවා රට කාපු පට්ට හොරා.

  9. Boko Haram says:

    හේතු නම් කියයි!එතනින් එහාට මොකද වෙන්නෙ?

  10. Sarath Bulathsinghala says:

    ලෝකයේ බොහෝ රටවල LPG ගෑස් වල සංයුතිය 100%ක් ප්‍රොපේන්.ඕස්ට්‍රේලියාව එවැනි රටක්.

    පොනිලාගේ ඔලුව නරක් වෙලා මෙවැනි අදහස් පල කරන්නේ.

    • harsha says:

      එහෙනම් ඒ පීඩනයට ඔරොත්තු දෙන උපාංග එක්ක පාවිච්චි කළ යුතුයි.

Main News