ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…
January 17, 2022 at 3:00 pm | lanka C news
ජර්මන් ජාතික සංචාරක යුවලක් විසින් අහුන්ගල්ල නගරයේ දී මහජනතාවට කුරුඳු දර දර ලොරි දෙකක් බෙදා දී තිබේ.
රටේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව ගෑස් පෝලිම් වල සිටීම දුටු මෙම යුවළ තම සංචාරක මඟ පෙන්වනවා හරහා කුරුදු දර බෙදා දීම සංවිධානය කරගෙන තිබිණි.
ප්රදේශයේ ගෑස් ලොරියක් අසල විශාල පෝලිමක් දුටු බවත් රූපවාහිනි ප්රවෘත්ති වලදීද රටපුරා ගෑස් පෝලිම් දක්නට ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට ආහාර පිස ගැනීමට හැකි අයුරින් උපකාර කළ බව ද එම යුවල සඳහන් කළහ.
ඒ ජර්මන් යුවලට ස්තුතියි. ඒ අයට හැකි පමණින් ජනතාවට උදව් කර ඇත අපේ අය දර වලිනුත් ගහල නැත්තම් වඩාත් හොඳයි.