ගෑස් පෝලිමේ උණුසුම් තත්වයක්… පාලනයට යුද හමුදාව කැදවයි..
May 23, 2022 at 4:40 pm | lanka C news
දින ගණනාවකට පසු නාවලපිටිය නගරයේ පිහිටි ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයාට සමාගමෙන් නිකුත් කල ගෘහස්ථ ගැස් සිලින්ඩර් 185 ක් බෙදා හැරිමේදි පාරිභෝගිකයන් සහ අලෙවි නියෝජිතයා අතර අවස්තා කිහිපයකදි උණුසුම් තත්ත්වයක් ඇති විය.
ගැස් ලබා ගැනිමට පොලිම් වල දින ගණනාවක් රැදි සිටි පාරිභෝගිකයන්ට ප්රමාණවත් තරම් සමාගම විසින් ගැස් තොග නිකුත් නොකිරිම හමුවේ මෙම උණුසුම්කාරි තත්ත්වය ඇති විය.
පොලිමේ රැදි සිටි පිරිසට පරිබාහිරව පිටතින් පැමිණි පිරිසකට ගෘහස්ථ ගැස් සිලින්ඩර් ලබාදිමට යාමේදි මෙම උණුසුම් තත්ත්වය දැඩි වු නිසා එම තත්ත්වය පාලනයට යුධ හමුදා භට පිරිස් සහ නාවලපිටිය පොලිසියේ නිලධාරින් යොදවා තිබුණි.
ගැස් ලබා ගැනිමට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් සහ යුධ හමුදා භට පිරිස් වලටද අවස්තා කිහිපයකදි පාරිභෝගිකයන් විසින් බැන වදිමින් ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් ලබා ගැනිමට උත්සහ කලද ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් ලබා ගැනිමට නොහැකි විය.
– රංජිත් රාජපක්ෂ
oka saliya peris la dunna adarshaya ne
රාජපක්ෂලාගේ පොලිස් හෙන්චයියොන්ගෙන් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ සක්කිලියො.
මේකට ක්රමයක් හදන්න ටොකන් එකක් වගේ් නම් ලියාපදිංචි කරන්න දැන් හැම ගෙදරකම පාහේ ජංගම දුරකතන තිබේ එන ගෑස් ප්රමාණය අනුව sms එකක් යවන්න එන වෙලාව එතකොට එන්නේ ලැබුන කෙනා විතරයි මිනිසුන් ගේ කාලය ඉතිරි කරමින් කරන්න පුළුවන්
එහෙම ගෑස් හිගයක් නැහැ. 3% jeppo සංවිධානාත්මකව ඇවිල්ලා පෝළිම් හදාගෙන එතැන කලබල කරනවා
I think we need to call US marine forces man.