ගෑස් මිල යලිත් ඉහලට…

October 14, 2021 at 9:20 am | lanka C news
ගෑස් මිල යලිත් ඉහලට…

මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.

ඉදිරියේදී ගෑස් මිල අඩු කරන්නේ යයි ජනතාවට බොරු පොරොන්දු දීමට අවශ්‍ය නැති බවද පවසන ඔහු ගෑස්මිල ස්ථිර මිලක් යටතට ගෙන ඒමට තමන් අවශ්‍ය කටයුතු කරන බවද පැවසීය.

ඉදිරියේදී ගෑස් මිල පිළිබඳව ස්ථිරසාර වැඩපිළිවෙළක් සැලසුම් කරන බවත් මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත් මිල පහත දැමීමට හැකි වන විධිමත් කළමණාකරණයට යොමුවීමටත් අදාළ කරුණු ගැන අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් ජනතාවට සැඟව යුත්තක් නොවන බවත් එසේ සැඟවීම නිසා ලංකාවේ උද්ගතවන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසුකරගැනීම බැලීමෙන් ජනතාව මුලා වන බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා උගත් බුද්ධිමත් ජනතාවක් මෙරට ආර්ථිකය පිළිබඳ සවිඥානකව තේරුම් ගැනීම ඉතා වටිනා බව ද ඔහු කියා සිටියේය.

මේ අතර ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම උචිත බවයි.

ආසන්න කාල සීමාවේදී ලෝක වෙලදපලේ ගැස් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවත් ඉදිරි ශීත කාලය හා ගෝලීය වසංගත තත්වය මත තව දුරටත් මිල ඉහල යාමක් අපේක්‍ෂා කල හැකි බවත් ඔහු පැවසීය.

සමාගම් දෙකේම සභාපතිවරුන් පවසන්නේ මෑතකදී සිදු කරන ලද මිල වැඩි කිරීම නිසා අලාභය පියවුනා පමණක් මිස සමාගම් ලාබයක් නොලබන බවයි.

87,241 views

7 Comments to “ගෑස් මිල යලිත් ඉහලට…”

  1. පාවඩදෙණිය දොස්තර says:

    ග් ග්

  2. Rakitha says:

    Dambara milage litro gas. Cheewaradariyata wiyadam karapuwa minissungen allanawa

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    ගොං බෛයෙක් නැද්ද හොයාගන්න ගෑස් එකකින් ඔලුව පැලෙන්න දෙන්න ?

    • මෝඩ බයියා says:

      මන්සිඋනොත් හොයා ගත්තැකි දර ලිපේ ගුණ වයන පරිප්පු වෙනුවට බඩ ඉරිගු හොද්දෙ රහ බලන ඇදුම් වෙනුවට කොලාතු ෆෝන් වෙනුවට පරෙවි යවන්න කතා කරන හෙළ කාබනික මනෝරාජික ගුලි කාල හොදටම මත් උන කෙලවෙන්නම වැදිල රටත් කෑලි වලට විකිනිලා ලෝකෙටම ණය වෙලා සින්න වෙන්න යද්දිත් ඉන්න රටක් තියේනෙ කියල හිතන තැරිදාර හාඩ්කෝ බයියො

  4. HSBC කැශියර් says:

    HSBC එකේ කැෂියර් කෙනෙක් සභාපති කලාම මේ වගේ විසදුම් තමා දෙන්නේ ..

    • LalithM says:

      හප්පේ කැෂියර් කියන්නේ පොරක්නේ ඇමරිකාවේ වුනත් ෂෙඩ්වල තෙල් ගහපු එකාට වඩා. අනික HSBC නමෙත් චීන කෑලි තියනවනේ.

Leave a Comment

Main News