ගෑස් මිල රුපියල් 200කින් ඉහලට…?
July 29, 2017 at 12:40 pm | lanka C news
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් පමණ ඉහල දැමිමට ඉඩ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙරටට ගෑස් සපයන ප්රධාන ගෑස් සමාගම් දෙකම මෙම මිල ඉහල දැමීමට ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීම් කර ඇතත් ඒ පිලිබදව තව දුරටත් සාකච්චා කරමින් සිටී.
ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහල යාම, රුපියල අවප්රමාණය වීම නිසා තමන් පාඩු ලබන බව සමාගම් විසින් පෙන්වා දී ඇත.
දැනට ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1320 කටයි.