ගෑස් ලොරියේ යතුර පාරිභෝගිකයන් රැගෙන යයි…
May 22, 2022 at 8:02 am | lanka C newsලිට්රෝ ගැස් සමාගමේ ගැස් ප්‍රවාහනය කල ලොරි රථයක යතුර හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් විසින් රැගෙන යාමෙන් පසු යලිත් ලොරි රථයේ යතුර රියදුරුට ලබාදිමට හැටන් පොලිසියේ නිලධාරින් (21) දින පියවර ගැණින.
හැටන් නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයෙකුට එම ලොරි රථයෙන් කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් 150 ක් රැගෙනවිත් එම අලෙවි නියෝජිතයාගේ උපදෙස් මත එම ලොරි රථයෙන් ගෘහස්ථ ගැස් සිලින්ඩර් 140 පමණක් අලෙවිසැල වෙත ගොඩබස්සවා එම ලොරි රථයෙන් ගෘහස්ථ ගැස් සිලින්ඩර් 10 ක් එම ලොරි රථයෙන්ම රැගෙන ගොස් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ආපනශාලාවකට භාරදිමට උරණ වු එම හෝටලය අසල රැදි සිටි පිරිසක් ලොරි රථයේ යතුර ඔහුන් භාරයට රැගෙන අලෙවි නියෝජිත අලෙවිසැලක් නොවන ස්ථානයකට ගැස් සිලින්ඩර් 10 ක් බෙදා හැරිම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
එහිදි ලිට්රෝ ගැස් සමාගමේ ලොරි රථයේ රියදුරා විසින් ඒ පිලිබදව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ යතුර සොයා ආපසු රියදුරුට භාර දිමට පියවර ගැණින.
එම ස්ථානයේ නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පාරිභෝගිකයින් කියා සිටියේ හැටන් නගරයේ ඇතැම් ගැස් අලෙවි නියෝජිතයන් පොලිම් වල රැදි සිටින පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් නිකුත් නොකර මෙවැනි උපක්‍රම භාවිතා කරමින් ගැස් සිලින්ඩර් ආපනශාලාවලට වැඩි මිලට නිකුත් කරන බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
ආපනශාලා රටේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සේවයක්. යම්කිසි ක්‍රමවේදයක් මේ සඳහා අවශ්‍යයි. නීතිය අතට ගැනීම භයානක වගේම නිවටකමක්.
උගෙ ගෙදර යතුර ලොරියෙ ඩ්රයිව්වරට දීලා.ගෑනිව දීලා ගෑස් ගන්න හදපු එකෙක්
මහා එකා හොරා කනකොට පොඩි එකාට වරදක් කියන්න බැහැ
මහ කකුලුවා ඇදේට ගොස් පොඩි උන්ට කෙලින් එන ලෙස කීමට හැකියාවක් නෑ