ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

November 25, 2021 at 9:20 am | lanka C news
ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

මෑත කාලයේදී ස්ථාන කිහිපයක ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තුව විසින් තහවුරු කර ඇත.

අද ඩේලි මිරර් පුවත්පත සිය ප්‍රමුඛ පුවත ලෙස මෙය වාර්තා කර තිබේ.

නිසි අනුමැතියකින් තොරව ලිත්‍රො හා ලාෆ් සමාගම් ගෑස් සංයුතිය වෙනස් කර ඇතැයි ද එම වාර්තාවේ සදහන්ය.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුය.

පසුගියදා කොළඹල වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දුවක් බවට තහවුරු වූ රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පසුව ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරව Litro සහ Laugfs විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කරන ලදී. සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බව පැවසේ.

මෙය බරපතල අනතුරක් විය හැකි බවත් දැනට සත්‍ය බව ඔප්පු වී ඇති බවත් ජීවිත හානි විය හැකි බවත් තමන්ගේ දැනුම් දීමට බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන පැවසීය.

107,262 views

14 Comments to “ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව”

  1. ගොන් බඳින කණු ගෙදර පලයවු ! says:

    බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න වහාම ඇමැති ධූර වලින් ඉල්ලා අස් වෙලා ජනතාවගෙන් සමාව ගත යුතුයි

  2. sahan says:

    ඕක අර තුෂාන් කියන පොර කිවුව කලින්ම.. ඒ උනාට ඔක්කොම කලේ උට බැනපු එක ඒ වෙලාවේ. Laugf and Litro මේවට උත්තර දියන්

    • Damian says:

      Daily mirror පුවත සම්පුර්ණයෙන්ම බොරු බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    • පුරවැසිය says:

      ඕකුන් ම තමයි ආයිත් ඡන්දෙ දවසටත් උදේම ගිහින් රට බේර ගන්න කියල පුට්ටුවට කතිරේ ගහන්නේ

  3. ජනක says:

    බන්දුලලා බෙලුවේ Gas මිල ගෙන පමනයි මම පොහොට්ටුවට චන්දෙ දුන් කෙනෙක් නමුත් වහාම බන්දුල අමතියාට විරුද්දව නඩු දෙමීම අවශ්‍යයි

  4. ජෙහාන් කුබියෝ says:

    ගෙදර බෝම්බයක් තියාගෙන ඉන්නවා කියන්නේ වෙනම ආතල් එකක් බං

  5. 0.00069 BIYYO says:

    බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න වහාම ඇමැති ධූර වලින් ඉල්ලා අස් වෙලා ජනතාවගෙන් සමාව ගත යුතුයි

  6. Samarajeewa Ileperuma says:

    This morning around 4 am gas cylinder exploded in one of my friend’s place at pannipitiya The kitchen is extensively damaged

  7. Sri Lankan says:

    Small explosions are acceptable. Otherwise gas companies cannot do their business….. SLSI

  8. damian says:

    Daily mirror පුවත සම්පුර්ණයෙන්ම බොරු බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගැස් සිලින්ඩර් පුපුරන්නේ නැත.
    පුපුරන්නේ කැඩුන හෝස් නිසා ලීක් වෙන වායුවයි. එයට සංයුතියේ බලපෑමක් නැත.

  9. Akila Imantha says:

    බොරු සමාජගත නොකරන්න 👎👎👎👎👎👎👎

Leave a Comment

Main News