ගෑස් හිගයක්ද..? ලිත්‍රො ගෑස් සමාගමෙන් නිවේදනයක්..
March 21, 2020 at 8:02 am | lanka C news
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස්තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදා හැරීම් කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කරයි.
කිසිදු ආකාරයකින් ගෑස් තොග අවසන් වීමක් සිදු නොවීමට සමාගම සියලුම විධිවිධාන සලසා ඇති බව සමාගම දන්වා සිටියි.
දිවයින පුරා ඇති සියලුම ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයින් සහ බෙදාහැරීමේ ජාලය හරහා අවශ්‍ය තරම් ගෑස් ලබාගත හැකි බවද සමාගම පවසයි.
වැඩිදුර තොරතුරු සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික අංශය වන 0112505808 සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පළාත් අළවි කළමනාකරුවන් අමතන ලෙස ලිටිරෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටි.
මධ්‍යම සහ බස්නාහිර පළාත් – කුමාර ජයවර්ධන 0777775658
දකුණු පලාත් – නඳුන් 0763488452
උතුරු පළාත් – රාජ් කුමාර් 0770495501
නැගෙනහිර පළාත – සර්ජුන් 0773705631
– gas
Dan mage ejansiya wahala. Kompaniyenma ganna balanna.
ඇඳිරි නීති අස්සෙ කොහෙන්වත් ගන්න බෑනෙ .lithro සමාගමෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කලාට බොහොම ස්තූතියි.
ඇඳිරි නීතිය ඉවර වුණහම ගිහින් ගන්න .ආරක්ෂක අංශයට සහයෝගය දෙන්න .
litro gas ganta nathuwata kamak naha. apita upadesak wath ganta Amila poddak
eliyata bahintako hathara kone ellanne kohomada kiyala api tawamath ath hadaa balanawa.
දඹරය ඔබ හොරෙන් පඩි ගත්ත නිසා .දැන් ටිකක් හිතට අමාරු ඇති නේද .
we appriciate your important comminucation for genral public , unless unnessarely pepoles gets panic,
Thanks Litro management,