ගෑස් හිගයක් ඇතිවුණේ අපි මිල අඩු කල නිසයි..- අගමැති

November 9, 2019 at 8:40 am | lanka C news
ගෑස් හිගයක් ඇතිවුණේ අපි මිල අඩු කල නිසයි..- අගමැති

අඳුරු යුගයකට නැවත නොගොස් සංවර්ධනය ඉදිරියට රැගෙන යන්න දාසය වෙනිදා හංසයාට චන්දය දෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා  දෙනියාය ආසනයේ රැළිය අමතමින් මොරවකදී පැවසීය.

අද පවත්වන්නේ ජයග්‍රාහක රැලියක්.යලිත් අපේ  ආණ්ඩුවක් ඇතිකරන යුගයක්.එහෙමනම් මොරවකට පැමිණි සියළුදෙනාටම ස්තුති කරනවා.අපි දාසයවෙනිදා චන්දෙ දෙන්නේ අපේ අනාගතයට.වෙන කාරණයකට නෙමෙයි .අපි මේ සංවර්ධනය ඉදිරියට ගෙනියනවාද? මේ නිදහස ඉදිරියට ගෙනියනවද? නැත්නම් ආපහු අඳුරු යුගයකට යනවද?අපේ අනාගතය නැතිකරගන්නවද සමහරු අහනවා මේ ආණ්ඩුව මොකක්ද කලේ කියලා.මම ඒ ගැන අලුතෙන් කියන්න උවමනා නැහැ.

අපි සමුර්ධි සහනාධාරය වැඩිකළා.මහපොළ ශිෂ්‍යාධාර වැඩි කළා.පාසල් සිසුන්ට නොමිලේ වෛද්‍ය රක්ෂණය ලබලා දුන්නා.භික්ෂුන් වහන්සේලාට නොමිලේ රක්ෂණය ලබා දුන්නා.මංමාවත් යටතේ මාවත් දියුණු කළා.ගම්පෙරලිය යටතේ ගමේ සංවර්ධනය  දියුණු කළා.අපි මේ රටට එන සංචාරකයින් සංඛ්‍යාව දෙගුණයක් කළා.

අපි විශේෂයෙන්ම ලඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අලුත් පාසල් ගොඩනැගිලි ලබා දුන්නා.උපකරණ ලබලා දුන්නා.පාසල් අධ්‍යාපනය දියුණු කළා.උසස් අධ්‍යාපනය දියුණු කළා.අලුත් පීඨ  දහතුනක් ආරම්භකලා.අපි විශ්ව විද්‍යාලයට අලුත් නිවාස හාරසීයක් ලබා දුන්නා.අන්න එහෙම හැමකෙනාටම බලපාන වැඩ කටයුතු කරලා තියෙනවා.

අපි නිදහස්  කොමිෂන් සභා ඇතිකළා.අධිකරණයේ ස්වාධීනත්වය ඇති කළා.අධිකරණයට ,පොලිසියට ,මැතිවරණ කොමිසමට සාධාරණත්වය ලබාදුන්නා.මාධ්‍ය නිදහස ලබාදුන්නා.තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දුන්නා.ඒ නිදහස් සමාජය නිසා අද හිතට නිදහස් හා සාධාරණ මැතිවරණයක් අද ලංකාවේ පවත්වනවා කියලා මට කියන්න පුළුවන්.අපි සුදු වෑන් නැවැත්තුවා.

දැන් සමහරු කතා කරනවා ජීවන වියදම ගැන.මම රුපියල් එකසිය හැට දෙකට තිබුණු පෙට්‍රල් එකසිය තිස්හතක් කළා.එකසිය දහඅටට තිබුණු ඩීසල් ලීටරය  රුපියල් එකසිය හතරයි.එකසිය දහයට තිබුණු භූමිතෙ ල් අද රුපියල් අනුවයි.පරිප්පු කිලෝ ග්රෑම් එක එදා දෙසීය හතළිහයි.අද එකසිය විස්සයි.කිරි පිටි රුපියල් හාරසිය දහයයි.අද තුන්සිය හතලිස් පහයි,සීනී එදා එකසිය විස්සයි අද සීයයි.සමන් එදා දේශීය හැත්තෑ පහයි.අද එකසිය අනුවයි.මම අහන්නේ එදා තෙල් මිල බඩු මිල අඩු කරන්න බැරි ආණ්ඩුවට දැන් මේ යට පුලුවන්ද කියලා මම අහනවා.මම අහන්න කැමතියි ඒ අයට බැරිවුණු දෙදහස් පහලව වනතෙක් කරන්න බැරිවුනේ මොකද කියලා.

අපි දෙදහස් පහලවේ බදු මිල අඩු කළා.දැන් වෙලා තියෙන්නේ අපි බදු මිල අඩු කරනකොට බඩු වල හිඟයක් තියෙනවා.

අපේ ගෘහස්ථ ගෑස් මිල එදා එක්දහස් දෙසීය හැටපහයි.අපි රුපියල් දේශීය හතළිහකින් පසුගිය දවසේ අඩු කළා.දැන් විශාල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා.විශාල හිඟයක් ඇතිවෙලා තියෙනවා.අපි ඒ හිඟයට වැඩිපුර ගෑස් ගෙනාවා කියලා මම කියන්න කැමතියි.

අපි රජයේ සේවකයින්ගේ පඩි එකසිය හතකින් වැඩි කළා.පුද්ගලික අංශයේ පඩි ඒ වගේම වැඩි කළා.ආදායම වැඩි වුනා.වැඩිපුර අදායමක් අපිට ලබා දෙන්න පුළුවන් වුනා.දැන් මේක කරන්න බැරිවුනා.

අවුරුදු දහයක් ඉඳලා මේ වැඩකටයුත්ත මහින්ද රාජපක්ෂටවත්,ගෝටාභය රාජපක්ෂටවත් මේක කරන්න බැරි වුනා.මම දැන් අහන්නේ එදා බදු මිල අඩු කරන්න බැරි වුනු ගෝටාභය රාජපක්ෂ ට අද බඩු  මිල අඩු කරන්න පුලුවන්ද කියලා හිතන්න.එදා තෙල් මිල බඩු මිල අඩු කලේ නැහැ.ඔබේ බඩට ගැහුවා.දැන් කොහොමද බදු මිල අඩු කරන්නේ කියලා මම අහන්නේ.ඒ අයට පඩි වැඩි කරන්න බැරි වුනා.අපි තමයි පඩි වැඩි කලේ.එහෙමනම් ජීවන වියදම ගැන අද කතා කරන්න පුලුවන්ද කියලා මම ගෝටභය රාජපක්ෂගෙන් අහනවා.මම එකක් කියනවා.ඊළඟ අවුරුදු පහේදී වෙනත් භාණ්ඩ තියෙන ඒවා එමිලත් පාලනය කරලා සාධාරණ මිලකට ලබා දෙන්න අපි ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි.අන්න එහෙම දියුණුවක් අපි ඇති කලේ.අපි බලන්න හම්බන්තොට වරාය අපිට අලාභ වුනා.අපිට ඒ ආලාබේ ගෙවන්න වුනා අපි දැන් තමයි හම්බන්තොට වරායේ නය ගෙවන්නේ.අපේ වරාය අධිකාරියයි චීන සමාගමයිඑකට එකතුවෙලා කිසිම බයක් නැතුව අපිට මුදල් දීලා ඒ අය අලාභ අරගෙන වැඩ කටයුතු කරගෙන යනවා.දැන් අනාගතයට යන්න අවස්තාව ලබාදෙන්න.අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළා.අපිට හැකිවුනා මහනුවර ඉඳන් හම්බන්තොටට මාර්ග පද්ධතියක් ඇති කරන්න.

කොළඹ කඩවත කොළඹ කඩවත වටරවුම් පාර විවුර්ත කරන්නන්නේ අපි කරපු වැඩ නිසයි නිසයි කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි.මම අහන්න කැමතියි මොකක්ද මේ අය ඔබේ අනාගතයට කරලා තියෙන්නේ කියලා.කඩා වැටුණු ආර්ථිකය අරගෙන අපි ඒක හදලා දැන් ඔබේ අනාගතය වෙනුවෙන් වැඩසටහනක් කරගෙන යනවා.පුලුවන්ද එක කරන්න ගෝටභයට  හරි මහින්ද රාජපක්ෂට හරි.එහෙනම් ඇයි ජනතාව මුලා කරන්නේ කියලා මම අහනවා.

අපි දැන් තේ කර්මාන්තය දියුණු කරන්න තියෙන්නවා.නැවත වගා කරන්න අපි සහනාධාර දෙනවා.තියෙන ප්‍රමාණය වැඩි කරන්න තියෙනවා.තේ මිල උස්සන්න තියෙනවා.තේ නිෂ්පාදනය විධ්‍යනුකුලව කරන්න තියෙනවා.එතකොට තමයි මේ ප්‍රදේශයේ තේ අදායම වැඩිවෙන්නේ.හොඳ ආදායමක් ලැබෙන්නෙත් කියන එකයි අපිට ඊලඟ අවුරුදු පහේ කරන්න තියෙනවා නැවත තේ වගා කරන්නන්න්ට මුදල් ටිකක් දෙන්න තියෙනවා.ඒ වගේම තමයි අපි ජීවත්වෙනවානම් කෘෂිකර්මාන්තය වගේම සංචාරක ව්‍යාපාරයත් දියුණු කරන්න අද අපි විශාල වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා.

මහනුවර ඉඳන් කොළඹටත් කොළඹ ඉඳන් හම්බන්තොටටත් මාර්ග පද්දතියක් පටන් ගන්න තියෙනවා.දකුණු අධිවේග මාර්ගය මාතර  සිට හම්බන්තොටට මහින්ද රාජපක්ෂ යෝජනා කලාට මුදල් ලබා දුන්නේ අපි කියා මම කියන්න කැමතියි.නැතිනම් ඒ මාර්ගයත් නෑ.මහනුවර ඉඳන් හම්බන්තොටට පැය හතරයි.මේ මාර්ගය දෙපැත්තේ තමයි අපි විශාල සංවර්ධනයක් ඇති කරන්නේ.දැනටමත් බිංගිරියේ අක්කර දාහක් වෙන්කරලා තියෙනවා.කර්මාන්ත කලාපයක් ආරම්භ කරන්න.

අනිත් කොනේ හම්බන්තොටට සජිත් ඇමතිතුමා අක්කර දහදාහක් රජයට මහවැලියෙන් අරගෙන  තියෙනවා.දකුණු ආසියාවේ විශාලම වෙළඳ කලාපයක් ආරම්භ කරන්න කඳුකර ප්‍රදේශයේත් අක්කර දාහක් ආරම්භ කරන්න තියෙනවා.ඒ වගේම දකුනු ප්‍රදේශයට අක්කර දහදාහක් තියෙනවා.මත්තල ගුවන්තොටුපල එන අවුරුද්දේ ඉන්දියන් රජයයි අපේ රජයයි අපේ රජයයි එකතු වෙලා මේක ක්‍රියාත්මක කරන්න ඉන්දියන් ගුවන් අධිකාරිය මේ රජයේ ගුවන් අධිකාරියයි තීරණය කරලා තියෙනවා.එවිට එතනට සංචාරකයින් එන්න පටන් ගන්නවා.අන්න එහෙම සැලැස්මක් තියෙන්නේ අපිට විතරයි.අපිට විතරයි ඉදිරියට ගෙනියන්න පුළුවන් .ඒ නිසා නොවැම්බර් දාසය වෙනිදා හංසයාට චන්දය දෙන්න කියලා මා කියන්න කැමතියි.ලෙස පැවසීය.

– ප‍්‍රියංක ගමගේ

8,857 Viewers

20 Comments to “ගෑස් හිගයක් ඇතිවුණේ අපි මිල අඩු කල නිසයි..- අගමැති”

  1. Saliya says:

    මොනවාද හප්පා මේ මිනිහා මේ කියවන්නේ… ල0කාවේ මිනිස්සු මෑරිලා ඉපදිලාද….. ඈයි මෙහෙම බොරු කියන්නේ….. ඈයි තමුන්ගෙ වෑරදි රාජපක්ෂලාගේ ගිණුමට බෑර කරන්නේ….

    • බන්ඩා says:

      ගෑස් මිල සොච්චමක් අඩු උනයම මිනිස්සු වැඩියෙන් උයන්න පටන් ගන්නවා කියලය් අගමැටි කියන්නෙ. අපොය් මෙයාගෙ මොලේ.

      • HOO ! says:

        තමන්ගේ හිස් සිලින්ඩරේ දීලා ඒ වෙනවට අලුත් එකක් ගන්නවා මිසක්, ගාන අඩු උනාම දෙක තුනක් අරන් තියා ගන්න ජාතියක්ද ගෑස් කියන්නේ ? නොදකින් මුට මොළේ තියෙන්නේ මංකොල්ල කන්න විතරයි.

  2. ajith says:

    ගියපාර අපි හැමෝම ඡන්ද දුන්නේ පංචවිද ක්‍රමයෙන්. රට සංවර්ධනය වුනාම කාර් එකක් ගන්න. මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය තියෙනවද නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද?

  3. Xeno says:

    මේ සතියෙත් ඔන්න ඔහොම බයිලා ටිකක් කියලා දාන්න. අවුලක් නැහැ

  4. Niru says:

    I can’t believe there were 6.2 million who voted to bring in a PM like this. I don’t think they should go near a polling station this time.

    • Victor says:

      Actually the 6.2 m people did not vote for this, idiot. It is that selfish nincompoop Sirisena who appointed this idiot as the bribe for the support he got from the UNP to get elected..

    • kawinda says:

      lokayema inna kapati and meti agameti.

    • කිරිමෙල් says:

      Hey Niru,
      Out of that 2.5M, majority have realized the truth of incapable, inefficient, and traitorous lot lead by rainbow schmucks. But sorry to say still there are quite a few carabaos left, deceived by big talks 👄 of useless and selfish leaders.

  5. ඩපයා says:

    අපේ රටේ මිනිස්සුන්ට තාමත් තේරෙන්නේ නැද්ද මුන් මහා බොරු කාරයෝ කියලා. මුන් ජනතාවටයී රටටයී කරපු කිසිම දෙයක් නැහැ. ඒත් මුන්ට චන්දෙ දෙන හරක් තවම ඉන්නවා. ලැජ්ජයී.

  6. Eiffel says:

    මාර ආර්ථික ඔස්තාද්… මේ යකාටද මහා මොළයක් කියලා කිව්වෙ…?

    මූ කියනවා “සමාවෙන්න, අපි හිතුවෙ නෑ මිල අඩු කළාම ඉල්ලුම වැඩිවෙයි කියලා”.

    AL කරන දරුවෙක්ගෙන් ඇහුවත් පැහැදිලි කරලා දෙයි ඉල්ලුම් සැපයුම් න්‍යාය…

    රට මෙහෙම තියන එකත් පුදුමයක් මේ යකා වගේ අගමැති කෙනෙක් යටතේ…

  7. upul says:

    දන්නා කෙනෙක් කියනවද රැකියා දසලක්ෂයක් ඇතිකරන ආණ්ඩුවේ පන්චවිද ක්‍රමය අතහැර දැමුවේ ඇයි ද කියා.

  8. සදාලෝකපූජිත says:

    තව දින 7 යි කොබෙයියෝ.

  9. මහ හොරා says:

    අපි ගෙවල් වලට කෑම උයන්න ගෑස් ගේන්නෙ සිලින්ඩරය ඉවර උනාම. ඉතිං මිල අඩුවුනත් වැඩිඋනත් අපේ ඉල්ලුම ඔච්චරයි. මේ කියන විදියට මිල අඩු උනාම ගෑස් ඉල්ලුම වැඩිවෙන්න නම් ගෑස්වලින් කරන වෙන වැඩ ඇති. ගෙදර ආලෝක කිරීම, ගිණි තැපීම වගේ දේවල්. ජනතාව හරක් කියල හිතන නායකයො අපට ලැබීම හරි පවක්.

  10. ලෙබ්බේ says:

    ගෑස් අඩු කර ජනතාවට බඩගින්නට ගැස් ගහ ගන්න කියල, දැන් මිනිස්සු කන්නේ බොන්නේ නැහැ ගෑස් ගහ ගන්නවා බඩ ගිනි හැදුන හැටියේ, එකත් ඇත්ත තමයි, එකනේ මේ ගෑස් හිගය, මොලයක් නෙමෙයි මොළ රජෙක් මු, ඕව හොදයි කැපුවත් කොළ කියන මෝඩ බුරුවන්ට,

  11. lokka says:

    Who is drinking Gas?

  12. lokka says:

    Who are drinking Gas?

  13. Angoda Buva says:

    ඔව් අනේ මේ වෙලන්දො හරිම නෝටි ඔයගොල්ලො අඩුකරපු ගමන් බඩු හංගනව.

    ඉතිං ඒක තමයි ප…යො රටක ආණ්ඩුවක් තියෙන්නෙ. ඒව වත් පාලනය කරන්න බැරි ආණ්ඩුවක් රටකට වැඩක්ම නැහැ.

    ඒ හින්ද ජනතාව තීරණය කලා මේ පාර එහෙම ආණ්ඩු කරන උන්වත් හන්ගල තියන්න.

    නිකම් හංගන්න නෙමේ වල දාලම දාන්න. ආයෙත් අවුරුදු ගානකට ගොඩ එන්න බැරි වෙන්නම වල දාන්න. ඒකෙ මුල් පියවර 16 වෙනිද තියනව. ආයෙ කවදාවත් එතකොට උඹලට රට ගැන මහන්සි වෙන්න ඕනෙ නැහැ.

  14. Love nature says:

    “කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු”

  15. සරා says:

    ගිය සතියේ ‌ෙකොළඔ මහා ‌ෙරෝහලේ මාර සිද්ධියක් ‌ෙවෙලා තියෙනවා.බාහිර ‌ෙරෝගි අංශයට ආමාශ ගත ‌ෙරෝගයක් සදහා ‌ෙබෙහෙත් ගන්න ආව ‌ෙලෙ‌ෙඩෙක්ගෙන් අදාල ‌ෙ‌ෛවෛද්‍යවරයා ගෑස් තියෙනවද කියලා අහලා.‌ෙලෙඩා කිව්වලු නෑ ‌ෙඩොක්ටර් දැන් සති 1.5ක් තිස්සේ ‌ෙකොහේවත් ගෑස් නැහැ කියලා.ඒපාර ‌ෙ‌ෛවෛද්‍යවරයා හිනාවෙලා කිව්වලු නැ මං ඇහුවෙි ආමාශේ ගෑස්ට්‍රයිටීස් තියනවද කියලා.ඒපාර ‌ෙදෙන්නම බඩ අල්ලාගෙන හිනා වුනාලු.‌ෙමේ පුකේ ආන්ඩුවෙි තියෙන්නේ කයියයි පඩ ගදයි විතරයි.

Leave a Comment

Main News