ගෑස් හිගය මැද අලුත් ගෑස් සමාගමක් එයි…

September 20, 2021 at 2:10 pm | lanka C news
ගෑස් හිගය මැද අලුත් ගෑස් සමාගමක් එයි…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිමිකාරිත්වය යටතේ නව ගෑස් සමාගමක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් තිබේ.

මෙම වසර අවසානයට පෙර ‘ලංකා ගෑස්’ නමින් මෙම ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග අනුබද්ධ ව ආරම්භ කරන නව සමාගමක් මගින් පාරිභෝගිකයාට වාසිදායක ලෙස සහ වඩා තරගකාරී ලෙස ගෑස් අලෙවි කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

තෙල් සංස්ථාව විසින් තෙල් පිරිපහදුවේදී අතුරු ඵලයක් ලෙස නිපදවෙන එල්පී ගෑස් මෙරට ගෑස් අවශ්‍යතාවෙන් සියයට පහක් පමණ සපුරාලන අතර ඒවා ලිත්‍රො සහ ලාෆ් ගෑස් සමාගම් වෙත ලබා දෙමින් සිටියි.

සිපෙට්කෝ බලාපොරොත්තු වන්නේ මෙම ගෑස් ප්‍රමාණය භාවිතා කරමින් නව සමාගමක් ආරම්භ කිරීමටයි.

මෙම නව සමාගමේ කොටස් පෞද්ගලික ආයෝජකයන් වෙත ද විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරියේදී මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ සපුරා දීමට ද අපේක්ෂා කරයි.

58,703 views

7 Comments to “ගෑස් හිගය මැද අලුත් ගෑස් සමාගමක් එයි…”

  1. මෝඩ බයියා says:

    ඕන් ඕකයි ගෑස් හිගයේ අවසාන ප්‍රතිපලේ පවුලේ කට්ටිය හෝ එයාලගෙ යාලුවො ගෑවුනු සමාගමක් සහ බෙදිල ගිය ගෑස් සැපයුම ඔක්කොම එක මල්ලකට.

  2. පංචායුධය says:

    ඕවා ඉතින් රජය යටතේ තියෙනවා නම් කොහොමත් පාඩුවක් නේ වෙන්න යන්නේ…..දැන් ඔය දෙනවා වගේ දුන්න නම් ආණ්ඩුව ආදායමක් හරි ලැබෙයි

    • ගොන් බයි වහලා says:

      එහෙම කොහොමද මල්ලි දැන් තුන්සීයක් දීල ගන්න සැමන් ටින් එකට පන්සීයක් වත් ගෙවන දැන් දාහක් දීල ගන්න කහ කුඩු සීයට පන්දහක් වත් ගෙවන තත්වෙකට ගන්න එපැයි අමාරුවෙන් හරි ඒකටනෙ අපි චන්දෙ දීල සවුබාග්ගෙ දැක්මක් ගෙනාවෙ.සුදු අලි හොර ගුහා ප්‍රභූ පවුල් නඩත්තු කිරීම තමා දුප්පත් අපේ එකම විනෝදෙ.

  3. Eran says:

    ආණ්ඩුුුුව අපට හොදයි. තොපිට එපානම් වැලලෙන්නේ නැතිව ඊලග ජන්දෙන් දිනපල්ලා.
    ආණ්ඩු තියෙනකොට වැඩ බෑ.. දැන් ලෝක පකීර්ලා වෙන්න එනවා..

  4. Baමුනා says:

    බේබිලාට මල්ල කර්.. අපිට හුලං

  5. Sri Lankan says:

    So many times CPC tried this and failed. The equipment worth billions imported for this project earlier are corroding in CPC pemisses ,Sapugaskanda.

  6. 3% ට බය බයියා. says:

    මුන්ඩෝ මතකයිනේ ?

Main News