ගෑස් හොර සිලින්ඩරේ මිල බස්සයි.. රජයෙන් ගැසට්ටුවක්…

July 12, 2021 at 8:40 am | lanka C news
ගෑස් හොර සිලින්ඩරේ මිල බස්සයි.. රජයෙන් ගැසට්ටුවක්…

මෙරට ගෑස් අලෙවියේ යෙදෙන ගෑස් සමාගම් විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇති ලීටර් 18ක නව ගෑස් සිලින්ඩරයේ මිල අඩු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව එම සිලින්ඩරයක මිල රුපියල් 1150ට අලෙවි කළ යුතුයැයි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළඳ අමාත්‍යාංශය සූදානම් වී සිටී.

එමෙන්ම ගෑස් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට එය ලීටර් වලින් මැනීමට නොහැකි නිසා සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් වලින් සදහන් කිරීමට ද තීරණය වී තිබේ.

මෙම ගෑස් සිලින්ඩරය අඩු බරකින් යුතුව වෙළඳපොළට නිකුත් කිරීමෙන් පාරිභොගිකයන් දැඩි අසීරුතාවයකට පත් වූ අතර සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිල්න්ඩරද දැඩි හිගයක් වෙළඳපොලේ ඇති විය.

ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කර ඇත්තේ මෙම නව හඳුන්වාදීම මඟින් පාරිභෝගිකයන් නොමඟ යැවීමක් සිදු කර ඇති බවයි.

35,860 views

7 Comments to “ගෑස් හොර සිලින්ඩරේ මිල බස්සයි.. රජයෙන් ගැසට්ටුවක්…”

  1. Rathna says:

    All theses MARA’s dirty political tactics.

  2. 3% ට බය බයියා. says:

    එතකොට හොරුන් බේරුවා එහෙනම් .

  3. නිකමා says:

    ප්‍රහ්නෙට උත්තරේ හොයා ගන්න යන කාලෙ අඩු කොරාගන්න පුලුවන්නං හොදයි . නැහ්නං අපි බඩගින්නෙ , ආයිබෝං .

  4. කැලණියේ නයා says:

    ගැසට්ටුව රිවස් වීමට දින කීයද ?

  5. Gas Mafia says:

    Janathaawa apahasuthaawayata pathkara, janathaawage mudal mangkolla kaawata danduwam denne kawadada kiyala janathaawa balagena innawa?

  6. Day Light Robbers says:

    Hora cylinder haduweth, Horuma thamai!

  7. ජුවානිස් says:

    Because of the low quantity, the customer has to incur transport cost more often.
    Can someone knowledgeable in the subject, clarify if the QUALITY of the gas can be lowered?

Main News