ගෑස් 400කින් වැඩි කරන්න නිර්දේශ කෙරේ..

June 16, 2021 at 8:40 am | lanka C news
ගෑස් 400කින් වැඩි කරන්න නිර්දේශ කෙරේ..

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අමාත්‍ය අනු කමිටුව වෙත යෝජනා කර තිබේ.

බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර හා උදය ගම්මන්පිල ඇමතිවරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනුකමිටුව විසින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ලිට්රෝ ගෑස් සහ ආයතනයේ රුපියල් 600කින් සහ ලාෆ් ගෑස් සමාගම රැපියල් 700කින් තම සිලින්ඩර මිල ඉහළ නැංවිය යුතු බවට යෝජනා කර තිබිණි.

කෙසේ වෙතත් ජනතාව නදංරැුතයෙන් පීඩා විදින මේ අවස්ථාවේ ගෑස් මිල වැඩි කළ නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ඒ නිසා විකල්ප ක්‍රම හඳුන්වා දෙන්නයි අමාත්‍ය අනුකමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය හා සමාගම් දෙකට දැනුම් දී ඇත.

24,821 views

8 Comments to “ගෑස් 400කින් වැඩි කරන්න නිර්දේශ කෙරේ..”

  1. Deelaka Fer says:

    සර් පිටරට නිව්ස් එහෙම බැලුවද දන්නෙ නැහැ ඊශ්‍රයෙල් හිටපු අගමැතිට එරෙහිව මිනිස්සු පාරට බැහැලා කැරැලි ගහපු විදිහ….

  2. කබර දේශපාලන ඵවුන් says:

    උඹල ලබන ඡන්දේන් පස්සෙ මොනවා කරන්නද අදහස් කරලා තියෙන්නේ? ඡන්දේන් පස්සෙ ඒවා කරන්න ටිකක් සල්ලි ඉතුරු කර ගනිල්ලා වැඩිය ඡන්ද වැඩ වලට වියදම් නොකර.
    ඡන්දේන් පස්සෙ උබලට යන කල දසාවක් තියෙන එපායැ…

  3. වැලේ වැල් නැත says:

    ඔය හඳුන්වා දෙන “විකල්ප ක්‍රම” කියන්නේ ටැංකියේ සඳහන් “12.5 ක්ග්” මකලා ගෑස් අඩු කරලා හොරට විකුණන එක නෙවෙයි නේද?

    මොකද මම නම් දැන් නට්ටං වෙලා ඉන්නේ: උදේ කෑම 1/2 අඩු කළා; දවල් කෑම ව්‍යැංජන දෙකකට සීමා කළා: රෑ කෑම නවත්වලා ගොඩක් කල්.

  4. Darsha says:

    බල්ලෝ රජයති. මිනිසුන් බැට කති

    • ඕවා ඔහොම තමයි. තව ඉදිරියේදී තමයි රට දියුණු කරන යෝජනා ගෙනෙන්නේ. මේ තවම පසුබිම සකස් කරනවා.

  5. Hudson says:

    Dan Shapada……….

  6. Truth says:

    Thawa wadikorouth hodai

  7. Api Nodanna Liter says:

    Litro gas danatamath Liter 18 cylinder ekak Rs.1098/= denna puluwan weddhith Rs.1395/=ta wikunala Rs.297/= paaribogikayangen mangkolla kanawa.

Main News