ගෑස් 700කින් වැඩි කරන්න ඉල්ලයි.. සමීපව අධ්‍යනය කරන බව රජය කියයි..

June 12, 2021 at 3:50 pm | lanka C news
ගෑස් 700කින් වැඩි කරන්න ඉල්ලයි.. සමීපව අධ්‍යනය කරන බව රජය කියයි..

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලබාදී නැති අතර ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට කමිටුවක් පත් කර ඇති බවය.

ඒ හරහා ලෝක වෙළඳපලේ ගෑස් මිල වැඩිම පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් සිටින බවද ඇමතිවරයා පැවසීය.

මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ප්‍රධාන සමාගම වන ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ අවම වශයෙන් රුපියල් 580කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකළ යුතු බවයි.

ගාෆ් සමාගම සඳහන් කරන්නේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 540කින් අවම වශයෙන් මිල ඉහළ නංවන ලෙස ඉල්ලා තිබෙන බවය.

15,772 views

16 Comments to “ගෑස් 700කින් වැඩි කරන්න ඉල්ලයි.. සමීපව අධ්‍යනය කරන බව රජය කියයි..”

  1. කැලණියේ නයා says:

    මේ වගේ හෙළ ජාතික අභිමානය රැකගන්න කටයුතු කල ආන්ඩුවක් ලොවෙත් පහල උනේ නෑ.වාහන ගෙන්නීම නැවැත්තුව හෙළ ප්‍රවාහන ක්‍රම වන ගොන් කරත්ත විල්බැරෝ පයින් යෑම දියුණු කරන්න කහ පරිප්පු මුන් ඇට හාල් සීනී යනාදි ඔක්කොම විජාතින් අපට හදුන්වා දුන් කෑම වල මිල ඩබොල් කලා හෙළ ආහාර වන තණකොළ සහ පුන්නක්කු සිය ජනයාට පුරුදු කරවන්ඩ පොහොර ගෙන්නීම නැවැත්තුව ලක්සම හැට නමයක බානක් ඉන්න රටේ දාන ගොම වලින් ප්‍රයෝජන ගන්න තෙල් මිල වැඩි කරා විජාතික තෙල් නිපදවන්නනට පහර දීල ගොන් කරත්ත තව දුරටත් ප්‍රමෝට් කරන්න.ඊලගට ගෑස් නිරපරාදෙ රටේ අයාලෙට වැවිල තියෙන කැලෑ ටිකට වැඩක් දීල හෙළ ඉවුම් පිහුම් ක්‍රමේ හෙවත් දරලිප නග්ගල ගන්ඩ සවු බාගෙ මෙහෙම සවු පුල් එකට කොහොම සැපක් දේද

    • අවසන් කැස්බෑවා says:

      මේ වගේ පාලකයන් රකින හමුදාවට පොලිසියට අපගේ හද පිරි ප්‍රණාමය

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයියො අන්දන ක්‍රමේ දන්නෙ මේ හාම්පුතාල තමා හොදටම විස්සක් වැඩි කරනව බයියො ඒක සාධාරණීකරණය කරනව ආයෙ පහක් අඩු කරනව බයියො ඒකට උපහාර දෙනව අන්තිමේ බයිය අන්දල පාලොවක් වැඩි කරල.

  3. උපාසක says:

    ප්‍රශ්නයක් නෑ. ඇමරිකාවේ, එංගලන්තයේ ගෑස් මිළ මීට වඩා වැඩි ඇති.

  4. දොස්තර පාවඩදෙනිය says:

    මයි ඩිය බයි මල්ලිලා ඕගොල්ලො පොල්තෙල් කෙල උනාම ගෙදර හිද ගත්ත වගෙ කහ කෙලවුනාම ගෙදර කහ වැවුව වගේ පෙට්‍රල් බූමිතෙල් වැඩි උනාම හෙදර හිද ගන්න පුරුදු වෙන්න ගෑස් වැඩි උනොත් ගෙදර ගෑස් ටිකක් හදා ගන්න.පෝර නම් බොලාට අවුලක්ම නෑ ගොම දාන බොලාට පෝර මොටද ?

  5. Consumer says:

    Present 18L robbing is not enough?

  6. The man says:

    Other politicians come and be elected saying reducing and this people government increasing prices we have seen it.

  7. Right 👍 says:

    ඉහලින් සමහරක් කොමෙන්ට් කරලා තියෙනවා 🤪🤪 දැක්කම හතර හිනා. මන්ද යත් මේ කොමෙන්ටු ලියන උන් ලංකාවේද කියලා ප්‍රශ්නයක්.

  8. 69 ට ඇරීම says:

    පිස්සුද ඕයි! අඩු ගානේ 1000 ක් වත් කරනවා. ඵතකොට තමයි ෂෑප ….

  9. මොනවා කලත් මොකද. ජාතික ආරක්ෂාව තහවුරු කරලනේ තියෙන්නේ. අපිට චීන්නුන්ට කඹුරලා හරි වැටිලා ඉන්න රටක් තියනවනේ මේ උත්තමයින්ට පින් සිද්ද වෙන්න.

  10. Asi says:

    ඔක්කෝම වැඩිවෙලා තියෙන එකේ, ඕක විතරක් වැඩිනොකරන්න හේතුවක් නෑනේ…

Main News